IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තදියම්වූ ‘ටියුෂන් ගුරා’ සිසුවියගේ මුකවාඩම දාගෙන

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන) 
පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයකු තමන් පැළඳ ආ මුඛ ආවරණය උපකාරක පංති කාමරයේ මේසය යට දමා පංතියට ආ සිසුවියගේ මුඛ ආවරණය දමාගෙන ආයතනයෙන් පිටව ගිය පුවතක් බලන්ගොඩ  ප්‍රදේශයෙන් වාර්තා විය. 


එම සිද්ධිය මෙසේය. 


මෙම ටියුෂන් ආයතනයේ දවසේ  එකම වේලාවකට විවිධ ශ්‍රේණිවලට අයත් තවත් පංති කිහිපයක්ම පැවැත්වේ. එදා මෙම ටියුෂන් ගුරුවරයා පංතිය අවසන් කරන්න ආසන්න වනවිට මොර සූරන වැස්සක් කඩා හැළුණි. අදාළ කාලවෙලාව අවසන් වීම නිසා උපකාරක පංති ගුරුවරයා පංතිය අවසන් කර ආයතනයෙන් පිටතට විත් මෝටර් රථය ළඟට ගියේය. 


ඒ ඔහුට වෙනත් ප්‍රදේශයක තවත් උපකාරක පංතියක් පැවැත්වීමට තිබෙන නිසාය. 


හිටිහැටියේ වර්ෂාව ඇද හැළුණ නිසා එම පංතියේ දරුවන් කිහිප දෙනකුට වර්ෂාව නවතිනතුර විනාඩි දහයක් පහළොවක් ආයතනයේම රැඳී සිටීමට සිදුවිය. වර්ෂාව අවසන් වූ පසු එම දරු දැරියන්ද නිවෙස් බලා යාමට සැරසෙන අවස්ථාවේදී පංතියේ ඉදිරිපෙළේම වාඩිවී සිටි දැරියකගේ මුඛ ආවරණය නොමැති බව පැවසීම නිසා දැරියෝ එය සොයන්නට වූහ. 


එවිට උපකාරක පංති ගුරුවරයාගේ මේසය යට මුඛ ආවරණයක් තිබී හමු වුවද එය තමන්ගේ නොවන බව දැරිය පැවැසුවාය. උදේ සිටම මුඛ ආවරණය පැළඳ සිටි අපහසුතාව නිසා පංතිය අවසන් වෙන්න ආසන්නව තිබියදී පැළඳ සිටි මුඛ ආවරණය මද වේලාවකට ගලවා තමන් සිටි ඉදිරිපෙළ මේසය මත තැබූ බවද ඇය කීවාය. එයට ගුරවරයාගේ මේසය වූයේ ඊට යාබදවය. 


වෙනත් පංතියක් පැවත්වීම සඳහා ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගිය උපකාරක පංති ගුරුවරයා කලබලයට උසස් පෙළ දැරියගේ මුඛ ආවරණය දමාගෙන ගොස් ඇති බව දැරියන්ට වැටහුණි. දැරියන් පංති පවත්වන ආයතනයෙන් පිටව යන අතරමගදී අසල ඇති වෙළඳසලකට ගොස් දැරියන් පස් දෙනෙකු එකතුවී රුපියල් දහය බැගින් එකතු කර රුපියල් පනහක් දී අලුත් මුඛ ආවරණයක් මිලදී ගත් බව දැන ගන්නට ලැබිණි. 

 



අදහස් (1)

තදියම්වූ ‘ටියුෂන් ගුරා’ සිසුවියගේ මුකවාඩම දාගෙන

මාතර සත්‍යපාල Sunday, 06 December 2020 03:48 PM

බොරැ කියන්න එපා හලෝ. ඕව නිකම් සිනහ උපදවන කථා විතරයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 380 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 468 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 714 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 698 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 670 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site