(හසලක වාර්තාකරු)
කඩේ කහ කුඩු නැහැ යැයි කිව්වත් තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා කහ කුඩු ග්‍රෑම් 50ක් ලබාගැනීමට පාරිභෝගිකයකුට හැකි වූ සිද්ධියක් හසලක පොලිස් වසමේ කුඩා නගරයකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
හසලක ප්‍රදේශයේ පදිංචි ඔහු කිසියම් අවශ්‍යතාවකට මහියංගණය බලා තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විටදී බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියවුණේ ගෙදර කහ කුඩු නැති නිසා එනවිට කහ රැගෙන එන ලෙසයි. ඒ වනවිට ඔහු හසලක හා මහියංගණය අතර පිහිටි කුඩා නගරය හරහා ගමන් කරමින් සිටියේය. එම නගරයේ වෙළෙඳසලක් අසල යතුරුපැදිය නතර කර වෙළෙඳසලට ගොඩ විය. එහි සිටියේ වයස අවුරුදු 35ක් පමණ වන කාන්තාවකි. ‘මුදලාලි මට කහ පැකැට් එකක් දෙන්නකෝ’ ඔහු පැවැසීය. ‘අපේ කඩේ කහ විකුණන්න නැහැ, හැබැයි මිරිස් කුඩු 100ක් ගන්නවා නම් කහ කුඩු ග්‍රෑම් 50හේ පැකැට් එකක් දෙන්න පුළුවන්. කහ කුඩු 50ක් රුපියල් 200ක් වෙනවා’ යැයි ඇය ඇඟට පතට නොදැනීම පැවැසුවාය.
‘ෂා නියමයි. මේක නම් පත්තරකාරයකුට දෙන්න මරු නිවුස් එකක්. මේක හෙටම පත්තරේ මුල් පිටුවෙම යයි. හා මුදලාලි මම යන්නම්’ යැයි කියා ඔහු කඩෙන් පිටත්ව යෑමට සූදානම් විය. ‘ඔහොම චුට්ටක් ඉන්නකෝ. ඒයි අර කහ වගයක් තියෙනවා කිව්වා නේද ඒකෙන් ග්‍රෑම් 50ක් ගෙනත් දෙන්නකෝ මේ මල්ලිට’ කියා ඇය නිවස තුළට ඇසෙන සේ යමකුට පැවැසුවාය.
එම විධානයෙක් කඩේට පිටුපස තිබූ නිවස දෙසින් කහ කුඩු සහිත බෝතලයක් අතැතිව පැමිණි අයකු එම බෝතලය කාන්තාව අතේ තැබූ අතර එයින් කහ කුඩු ග්‍රෑම් 50ක් කිරා පාරිභෝගිකයා අත තැබුවේය. ‘මල්ලි දැන් කහ හරි හිඟයි. ඒ වගේම මිලත් ඉහළයි. අපි කහ ග්‍රෑම් 50ක් විකුණන්නේ රුපියල් 200ට. මල්ලි මට දෙන්න රුපියල් 190ක්’ යැයි අය කිරූ කහ කුඩු පාර්සලය ඔහු අත තැබුවේ තවදුරටත් ඔහු තුළ මිත්‍රශීලී බවක් ඇති කරමිනි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැනට සුදුසු නුවණින් නැති කහ මතුවෙලා