නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සහන මිලට පරිප්පු සහ සැමන් ගැනීමට පෝලිමේ සිටි ව්‍යාපාරිකයකු මුහුණ දුන් අපුරු පුවතක් ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
මෙදින සවස දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. නගරයේ ව්‍යාපාරික ස්ථානවල මෙන්ම සතොස වෙළෙඳසල්වලද දිගු පෝලිමක් තිබුණි. ඒ රජයෙන් ලබාදුන් සැමන් සහ පරිප්පු සහන මිලට ගැනීම සඳහාය.
මේ අසලින් ගිය තැනැත්තකු සතොස පෝලිමේ සිටි ව්‍යාපාරිකයා හඳුනාගෙන ඇත. ඔහු මුඛ ආවරණ පැළඳ කන්නාඩි දමා සිටියද ඔහු හඳුනා ගත්තේ නුදුරෙන් මදක් නවතාතිබූ වාහනයෙනි. ව්‍යාපාරිකයා අසලට ගොස් මහත්තයාට ලැජ්ජාවක් තියනවද ඕක නැති බැරි මිනිහට දීපු සහනයක් නේද? ඇයි ඕකට පොර කන්නේ. යැයි කියා ඇත.
පසුව ඔහුට ඇති වත්පොහොසත්කම් යාන වාහන, ගොඩනැගිලි ගැනද කියමින් දෝෂාරෝපණ කරන්නට වී ඇත.
සැමන් සහ පරිප්පු ගැනීමට පෝලීමේ සිටි සියලු දෙනාද ධනවත් පුද්ගලයාට සිනාසෙන්නට වීමෙන් මහත් ලජ්ජාවටත් කලබලයටත් පත්වූ ධනවත් පුද්ගලයා දිවගොස් තම වාහනයට නැගී පලා ගියේ ඔළුවත් නොඋස්සමිනි.
මේ අතර තවත් කීප දෙනකුද සැමන් ටින් එක සහ පරිප්පු කිලෝ දෙකද අත හැර පෝලිමෙන් ඉවත්ව යතුරු පැදිවල නැගී යන අයුරු බලා සිටි පිරිස් තොප්පිය හරි අය යනවා යැයි කියා සිනා සී ඇත.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තොප්පිය හරි ගිහින් පරිප්පු පෝලිමෙන් පැන ගිහින්
කමල් Wednesday, 25 March 2020 02:00 AM
ඒ ධනවත් තැනැත්තා සැමන් සහ පරිප්පුවලිනුන් ධනවත් තැනැත්තෙක්ද?
lalithm Wednesday, 25 March 2020 05:02 AM
නැති බැරි අය කියන්නේ කව්ද? රටේ නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන නොගත් හෝ උදාසීන සහ නොසැලකිලිමත් ජීවිත ගත කළ මිනිස්සු.
Walter White Wednesday, 25 March 2020 05:10 AM
ඒ මනුස්සා ගත්ත බඩු ටික අරන් යන්න දෙන්නයි තිබුනේ. පාච්චල් කරපු එක වැරදියි. විශේෂයෙන්ම ඔය මනුස්සය ටැක්ස් ගෙවනවා ඇති පෝලිමේ ඉඳපු මිනිස්සු ඔක්කොම ගෙවන ගානටත් වැඩිය. ආණ්ඩුවෙන් සහනාධාර මිලට බඩු දුන්නාට මැදමුලනේ පොල් කඩා විකුණන සල්ලි වලින් පාඩුව පියවන්නේ නැහැ. ඒ පාඩුව පියවන්නේ මිනිස්සු ගෙවන බදු මුදලින්.
චින්තකWednesday, 25 March 2020 11:37 AM
පෙර හිටපු විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් හිඟන මිනිසුන් සමග කාලයක් එම වෘත්තියේ යෙදී එම වෘත්තිය ගැන පොතක් ලිව්වා කියල මම අසා තියෙනවා. මෙම ධනවත් මහතාත් දුප්පතාගේ හැටි අවබෝධකර ගැනීමට එහෙම කලාද කවුද දන්නේ..?.
කමල්Wednesday, 25 March 2020 06:41 PM
අනේ අප්පේ චින්තකගේ චින්තනය!
Jesmin Wednesday, 25 March 2020 07:07 AM
මේ වෙලාවේ මිල මුදල්, යාන වාහන තිබුනට ඒවා කන්න බෑනේ. ඒ මනුස්සයටත් බඩගින්න හැදෙනවා.
charles Thursday, 26 March 2020 01:28 AM
සතොස දුප්පත්, පෝසත් හැමෝටම