සර්පයකු නිසා වෙද මහතකුට ‘‘අංචි” ඇද, ගමක්ම අන්දවා, බඩ කට පිරෙන්න රස මසවුළු වලින් සප්පායම් වී, යහතින් ගමට පැමිණි පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් පදවිය වැලිඔය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
දැන ගැනීමට ලැබුණු සිද්ධිය මෙසේය.
ඔහු කපටි කෛරාටික වැඩ කිරීමට රුසියෙකි. අන් අයට අලාභ හානි සිදුවන හෝ, මහා පරිමාණ සොරකම් හෝ නොව, මේවා ඉතා කුඩා වංචාවන්ය.ඔහු කරන ලද කපටිකම්වල හාස්‍යය මැනවින් ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.
ඉකුත් දිනෙක, ඔහු වැලිඔය ගම්පළාතෙන් පිටත්ව ගියේ මහියංගන ප්‍රදේශයට කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙනි.හවස පහට පමණ මහියංගනය,හඳගනාව ප්‍රදේශයට පැමිණි මහී පාල,හවස් වන තුරුම ප්‍රදේශය පුරා ඇවිද ගියේ තමාට කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් වුවද,එය සාර්ථක නොවීය.එම ප්‍රදේශයේ ඔහුට හමුවුණු කිසිම පුද්ගලයෙකු කරුණාවන්ත නොවුණු අතර, ඔහුට පිහිට වීමටද ඉදිරිපත් නොවූහ.
දැන් හොඳටම කරුවල වැටිලාය.උදේ ගෙදරින් පිටත් වූයේ කහට කෝප්පයක් බීලාය.කඩයකින් තේ එකක් බීමටවත් ඔහු ළඟ මුදල් නැත.
‘‘දැන් කුමක් කරම්දෝයි” සිතමින් පන්සල් දෙක තුනකට ගියද, එහිදීද ඔහුට පන්සලේ වත් නැවතීමට අවසරයක් නොලැබුණි.
‘‘හොරාට ඇත්තේ ගණදෙවි නුවණ” යැයි පැරැණි කියමනක් ඇත. කමිසයෙහි බොත්තමක් ගැලවී,ඒ වෙනුවට ඔහු, ‘‘හැට්ට කටුවක්” ගසාගෙන තිබුණි.ඔහුගේ කට්ට කෛරාටික ,වෙට්ට පිත්තල මොළේට අපූරු අදහසක් පහළ විය. ඔහුගේ කට කොනකට සිනහවක් නැඟුණි.ඔලු ගෙඩිය ඇතුළේ සැලසුම් කළ,සැලැස්ම ඔහු ක්‍රියාත්මක කළේය.
ඒ අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි කිහිපදෙනෙකුටම, මොහු වේදනාවෙන් ඇඹරෙමින්, හඬමින්,කියා සිටියේ ඔහුගේ කකුලේ මහපට ඇඟිල්ලේ සර්පයකු දෂ්ට කළ බවත්, හැකි විගසින් ඔහු වෙද මහතකු ළඟට රැගෙන යන ලෙසත්ය.ගමේ පිරිස ඔහුට පිහිටවූහ. වහාම ගමේ වෙද මහතාගේ නිවසට ගම්වැසියන්ගේ කරමතින් ගිය මහීපාල, පරීක්ෂා කර බලා, ඇඳක් මත හාන්සි කරවා, වෙද මහතා ප්‍රතිකාර ඇරඹීය.
තත්ත්වය එතරම් බරපතළ නොවන බවත්,දෂ්ට කර ඇත්තේ විෂ ගෝර සර්පයෙකු නොවන බවත්,සැක පළ කරන ලද වෙද මහතා,ඔහුට හොඳට බත බුලතින් සංග්‍රහ කළේය.සිංහල වෙදකමේ ගුලි,කල්ක,කසාය සහ තෙල් වර්ගද ඔහුට පෙව්වේය. ගමේ පිරිසද නානා විධ කෑම ජාතිද ඔහුට ගෙනැවිත් සංග්‍රහ කළහ.
පදවිය වැලිඔය ප්‍රදේශයේ සිට රැකියාවක් සොයා පැමිණි, මොහුට ගමේ පිරිස මිල මුදල් සහ හාල් පොල් ඇතුළු බඩු ගෝනියක්ද,පසුවදා උදේ පිළියෙල කර දි,ඔහුගේ අතට මුදල්ද දුන්හ.
ගමට පැමිණි ඔහු තම හිත මිතුරන් කැඳවා රස කරමින්, එම සිදුවීම පැවසුවේය.තමාගේ ඇඟිල්ලේ දෂ්ට කළ සර්පයා, මේ ‘‘හැට්ට කටුව” බව පෙන්වා,‘‘උම්මා,උම්මා”කියමින් හැට්ට කටුව ඉඹගෙන, ඉඹගෙන ගියේය.
කැබිතිගොල්ලෑවේ හේමන්ත රණසූරිය
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමුන්ගෙම කට්ටකම මතක්වී ආය කට්ටට උම්ම දීලා