IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


තරුණියගෙන් වෙලාව ඇහුවාම ‘නරකයි’ කියලා

මහනුවර සිට කුරුණෑගල දක්වා දිවෙන ශීඝ‍්‍රගාමී පෞද්ගලික බසයකි. රූමත් තරුණියක සමග අසුන්ගෙන සිටි කොලූ ගැටයෙකු තරුණියගේ සිරුරට හිරවනසේ සිටීම ඇයට රිස්සුවේ නැත. කීපවරක් රවා බැලූව ද අඩ සිනහවක් පෑ ඔහු අක්කේ වෙලාව කීයද ඇසුවත් ඇය පිළිතුරු දුන්නේ නැත. දෙවන වරටත් වෙලාව කීයද ඇසුවත් ඔහු දෙස රවා බැලූ ඇය ‘‘වෙලාව නරකයි වගේ’’ කීමෙන් ඔහුගේ මුකුළුව වැඩිවිය.

‘‘වෙලාව කියන්ඩකෝ’’ කී ඔහු එවර ඇගේ අතෙහි වූ ඔරලෝසුව තමා දෙසට හැරවීමට උත්සාහගත් අතර ඇයගෙන් උරහිසට එල්ලවූයේ දරුණු පහරකි. තරු පෙනුණ ඔහු වටපිට බලා එන හැඩ හොඳ නැති බව පෙනුණෙන් නැගිට පසුපසට ගියේ අවට සිටියවුන්ගේ විමසුම් සහගත නෙත් තමා වෙත එල්ල වූ හෙයිනි.
බසයේ මැද පොල්ලේ එල්ලීගෙන මේ දර්ශනය බලා සිටි වියපත් කාන්තාවක් වහා ඒ ආසනයට පැන වාඩිවූයේ ‘‘හොඳ වැඬේ’’ කියමින්ලූ.



අදහස් (0)

තරුණියගෙන් වෙලාව ඇහුවාම ‘නරකයි’ කියලා

මලිත් Saturday, 09 August 2014 06:49 AM

සමහරවිට ඒ කොල්ල හැන්ඩ්සම් නැතුව ඇති. එහෙම වුනානම් මේ ප්‍රශ්නේ ඔච්චර දුරදිග යන්නේ නෑ.(දී)

:       0       0

මේනකා Wednesday, 06 August 2014 10:54 PM

මේ නිරන්ජන් සහ රවිඳු කියන දෙදෙනාට බස් එකේ ගිය කෙනාට වැඩිය ලොකු මානසික ආබාධයක් තියනවා. මීට පෙරත් අදහස් ලියන කාන්තාවන්ට පහත් පෙළේ උපහාස වලින් අමතා තියනවා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න බවලතුන්ටත් මෙහෙමද කතා කරන්නේ (නි)

:       0       0

හිමාලි Saturday, 09 August 2014 06:56 AM

චන්දි ඔයා මොකද මේ නහයෙන් අඩා ගත්ත ගමන්. කවුද ඔයාගේ ඔය ලස්සන නම කැත කලේ? කාන්තාවක් ලෙස හිතල අදහසක් හෝ අත්දැකීමක් මෙතන ලියන්නකෝ. අර ඔයා කියන විදිහට ඔයාගේ ඔය රත්තරන් මොළය උඩ ඉඳගෙන හරි. එතකොටවත් මේ ලෙඩ්ඩු න්ගේ ලෙඩ හොඳවෙයි. (දී)

:       0       0

සුරංගා Wednesday, 06 August 2014 11:14 PM

නිරන්ජන් සහ රවිඳු බස් එකේ ගිහින් විනෝද වෙන්න බැරිකමට මෙතන ඇවිල්ලා බවලතුන්ට අනම් මනම් කියලා , තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවාද කොහෙද? (නි)

:       0       0

කුමාරි Wednesday, 06 August 2014 11:46 PM

මම කියපු දේ තේරේවි මීට කලින් දෙයියෝ සාක්කි තීරයේ පළවූ තරුණිය සහ විවාහකයාගේ පුවතට සමහරු ලියූ දේවල් කියෙව්වොත්. ඔය එක්කෙනෙක් හොඳට දන්නවා මම මොකක් ගැනද කතා කරන්නේ කියලා. (නි)

:       0       0

හේවා විතාරණ Saturday, 09 August 2014 06:51 PM

ගුටි නොකා බේරෙන්න තිබුන , (දී)

:       0       0

සමන්තිකා Thursday, 07 August 2014 12:01 AM

මෙතන සමහරු පුවතට අදාලව අදහස් ලියනවා වෙනුවට කාන්තාවන්ට අනම් මනම් කියමින් පහත් පෙළේ වින්දනයක් ලබන බව පැහැදිලියි. (නි)

:       0       0

හේවා විතාරණ Saturday, 09 August 2014 06:53 PM

නිහාල් විතානගේට කාන්තාවන් දැක්කහම කතා කර ගන්න බැරුව යනවා ඇති (දී)

:       0       0

නිමල් Thursday, 07 August 2014 12:04 AM

මෙතන අදහස් ලියන උදවිය සමහරුන් අම්මලා සිටින ගෙදරකින් සමාජයට පැමිණ නැති කට්ටියද කියලා හිතෙනවා (නි)

:       0       0

වීරසුරිය Thursday, 07 August 2014 12:10 AM

මේ පාඨක පුවත් තීරය හරවත් බුද්ධිමත් ඒ වගේම හැමෝටම අහිංසක විනෝදයක් දෙන අදහස් ගලා යන තැනක් වෙනුවට දැන් සමහරු මේක කාන්තාවන්ට අපහාස කරන තැනක් කරගෙන. (නි)

:       0       0

ලසිත් Thursday, 07 August 2014 12:13 AM

මට පෙනෙන්නේ මේ සභාවේත් මෙහෙම කීපදෙනක් ඉන්න බවයි (නි)

:       0       0

අමල් Thursday, 07 August 2014 12:17 AM

මට හිතන්නේම නිරන්ජන් කියන කෙනා නෝනා කෙනෙක් සොයාගන්න බැරුව දුකෙන් පෙළෙන කෙනෙක් කියලයි. මීට කලිනුත් කවුදෝ බවලත් පාඨකයෙක් අල්ලාගෙන පිස්සුවක් නැටුවා. (නි)

:       0       0

සේන Thursday, 07 August 2014 12:24 AM

එක්කෙනෙකුට තියෙන්නේ එසේ මෙසේ ලෙඩක් නෙමෙයි. ඔය ගැහැණු කට්ටියට පහත් කතා කියල ආශ්වාදයක් ලබන්නේ පෞරුෂයේ අඩුපාඩු තිබෙන පිරිමි. (නි)

:       0       0

නිල්මිණි Thursday, 07 August 2014 08:08 AM

ලංකාවේ පිරිමි මහා අසහන කාරයෝ ලංකාවේ කාන්තාවන් බොහොමයක් ඔවුන්ගේ තාත්තල අතින් හෝ සහෝදරයන් අතින්ම දුෂණයට ලක් වෙනවා. ඉතින් එහෙම කාන්තාවක් කොයි පිරිමියා දිහා බලන්නේත් සැකයෙන් තමයි. අරාබි රටවල මුස්ලිම් ඇඳුම තමයි අපේ කාන්තාවන්ටත් ගැලපෙන්නේ.(නදී)

:       0       0

නිරන්ජන් Wednesday, 06 August 2014 11:46 AM

කුමාරිල වගේ අයට ඉතින් මුහුණ නොදක වැරදිලා කවුරු හරි මංගල යෝජනාවක් කරනවා හැරෙන්න මුහුණ බලාගෙන ඒ වගේ යෝජනාවක් කරයිද? කුමාරි බස් එකේ යද්දී බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩේ ඉෂ්ට වෙලා නැහැ වගේ . (දී)

:       0       0

තුෂානි Thursday, 07 August 2014 12:30 AM

මෙතන සමහරු පළවෙන පුවතට අදාලව ලියනවා වෙනුවට බවලතුන්ව අමතමින් පුද්ගලික අසහනය පිටකරනවා. (නි)

:       0       0

කුෂී Thursday, 07 August 2014 12:33 AM

ලකී මහතාට මම ගරු කරනවා. නිරංජන්ලා වගේ මානසික අසහනකාරයන් අතරේ මහත්මයෙක් මේ සභාවේ ඉන්න බව වැටහුනා. (නි)

:       0       0

ජනක Thursday, 07 August 2014 08:12 AM

චන්ද්‍රා ඔයා කියන විදිහට ඔහොම දේවල් වෙන රට වල ඇත්තෙම නෑ. අනේ නිකම් ඉන්න (නදී)

:       0       0

චානක Thursday, 07 August 2014 12:40 AM

කෙලින්ම තමන්ගේ ස්වාධීන අදහස් කියලා වැඩක් බලාගන්නේ නැතුව සමහරු මෙතන පිස්සු නටනවා. (නි)

:       0       0

ජයනි Thursday, 07 August 2014 12:45 AM

ඇත්තට මේ නිරංජන් කියන කෙනා කවදාවත් මෙතන පළවෙන පුවතට අදාලව වචනයක් ලියලා තියනවා මම දැකලා නැහැ. මෙතෙක් ලියපු හැම අදහසකින්ම මෙතන පාඨක මහත්මියක් අල්ලාගෙන නොමනා ප්‍රකාශ කරමින් පහත් පෙළේ විනෝදයක් ලබනවා. මෙහෙම කට්ටිය මේ වගේ වියත් සභාවකට සුදුසු නැහැ. (නි)

:       0       0

හැරල් Monday, 11 August 2014 05:08 AM

ජනප්‍රියම නිව්ස් එක , ලංකාවට ගියපු කලක්. (නදී)

:       0       0

කමල් Thursday, 07 August 2014 12:52 AM

නිරංජන්, දැන් හොඳටම ඇති. මමත් බලාගෙන හිටියේ. සීමාව ඉක්මවා පාඨක කාන්තාවන්ට තැනට සුදුසු නැති වචන කියන්න ගියොත් ඔබටත් අර ලංකා තිලක්ට එක දවසක් වුණ වැඩේ වෙන්න පුළුවන්. (නි)

:       0       0

ටිරෝන් Sunday, 10 August 2014 06:48 AM

මුල සිටම මේ අදහස් කියවපුවම තමයි තේරෙන්නේ සමහර කාන්තාවන්ගේ කට හැකර කම. මෙහෙම කාන්තාවන් කොහොමද සමාජයට ආදර්ශයක් ඇතිව ජිවත් වෙන්නේ. හරි හෝ වැරදි හෝ තමන්ගේ අදහස ලියනවා වෙනුවට එකිනෙකාට ගරහමින් වචන හුවමාරු කර ගැනීම තමයි කරන්නේ. මම අහල තියනවා මොලේ අමාරු තියන අයට අනිත් අයව පෙනෙන්නෙත් ඒ විදිහට කියලා. බලාගෙන ගියාම මේකත් පිස්සන් කොටුවක් වගෙයි. මොනා කරන්නද, මෝඩ කමට බෙහෙත් නැහැනේ. (නදී)

:       0       0

චම්පික Thursday, 07 August 2014 12:56 AM

කවුද මේ නිරන්ජන් කියන කෙනා ? බලනකොට අර බන්දුල පෙරේරා මීට වඩා හොඳ මානසික මට්ටමකින් මෙතන අදහස් ලියනවා. (නි)

:       0       0

සඳමාලි Thursday, 07 August 2014 01:01 AM

බස් එකේ යනකොට කුඩයක් රැගෙන ගියොත් වැඩිය කවුරුවත් බලපෑම් කරන්න එන්නේ නැහැ. තමන් අකමැති හැසිරීමක් ආවොත් කෙළින්ම කුඩය උරුක් කරන්න. (නි)

:       0       0

චන්දි Thursday, 07 August 2014 08:40 AM

ඉස්සර ඉදන්ම එක එක නම් වලින් ලියලා අපිවත් විනාශ කර කෙනා තාමත් මේ සභාව විකෘති කරනවා වගේ, ඔයා මොන නමින් ලීවත් එන්නේ එකම අදහස් නිසා කවුරුත් දන්නවා ඔය කවුද කියලා. දැන්වත් මොලේ උඩින් නැගිටලා හිතක් සනසන්න හැකි වදනක් ලියන්න. (නදී)

:       0       0

සිල්වා Saturday, 09 August 2014 09:31 PM

නියම කතාව.... (නි)

:       0       0

තිලාන් Thursday, 07 August 2014 01:18 AM

මට හිතෙන්නේ කාන්තා පක්ෂය ඔය නිරන්ජන්ලා කියන දේවල් වැඩිය ගණන් ගන්න ඕනෑ නැහැ. පාර තොටේ යනකොටත් ඔය වගේ අය හමුවෙලා ඇතිනේ. (නි)

:       0       0

වරුණි Thursday, 07 August 2014 01:22 AM

ඇත්තම තමයි!සමහරුන්ට නෝනා කෙනෙක් සොයාගන්න බැරිවුණ අසහනය පිටකරගන්න පාඨක සභාවට ගොඩවෙලා (නි)

:       0       0

භාග්‍යා Thursday, 07 August 2014 01:27 AM

අපේ කාර්යාලයේ කසාදයක් බැඳගන්න බැරිවුණ තලත්තෑනි පිරිමි කෙනෙක් ඉන්නවා. එයත් හරියට කාන්තාවන්ට පහත් පෙළේ අපහාස උපහාස කරනවා. (නි)

:       0       0

සිල්වා Saturday, 09 August 2014 09:08 AM

නිරන්ජන් නමින් ලියන කෙනා ට ඇත්තටම මානසික අවුලක් තිබෙනවා ද කොහෙද . ඔය බවලත් පාර්ශවය එයාට උත්තර බඳින්න එපා. (දී)

:       0       0

ජයතු Saturday, 09 August 2014 09:21 AM

මේක වැදගත් , බුද්ධිමත් පිරිසක් ඉන්න සභාවක්. එම නිසා අනුන්ගේ නම් වලින් අදහස් ලිවීමෙනුත්, අදහස් ලියන කාන්තාවන්ට නොමනා කතා ලිවීමෙනුත් කරුණාකර නවතින්න. සීමාව ඉක්මවා මේ දේවල් කරන්න ගියොත් අපිට පාඨක තීරය නැති වෙන්නත් ඉඩ තිබෙනවා. (දී)

:       0       0

අනෝමා Saturday, 09 August 2014 10:34 PM

හේවාවිතාරණ , තැනට සුදුසු ලෙස කියන්න ඕනෑ දෙය පමණක් කියලා මහත්වරු ලෙස මේ සභාවේ ඉන්න පාඨක පිරිමි අතළොස්සක් නිසා තමයි තවමත් මෙහි ගරුත්වය රැඳිලා තියෙන්නේ. (නි)

:       0       0

නදීක Wednesday, 06 August 2014 12:56 PM

කවුරු හරි වෙලාව ඇහුවම වෙලාව කිව්වා නම් ඉවරයිනේ. ඕක ඔච්චරටම හිතට ගන්න දෙයක්ද? සමහරු නිකම් ඔවුන් පත්තිනි අම්මල වගේ කියල අනිත් අයට පෙන්නන්න හදනවා. (ස)

:       0       0

සුරේන් Saturday, 09 August 2014 10:53 PM

කිව්වට තරහවෙන්න එපා. මෙතන ලියන සමහර කාන්තාවනුත් කට ඇරියම බෙංගාල බොක්ක කැළඹුනා වගේ. එක්කෝ අනෙකුත් අදහස් ලියන කාන්තාවන්ට ඇනුම් පදයක්. නැත්නම් උපහාසයක්. (නි)

:       0       0

සේනාරත්න Wednesday, 06 August 2014 12:58 PM

අද බස් වල මැද පොලු නෑනේ. (ස)

:       0       0

මාලන් Wednesday, 06 August 2014 01:13 PM

චන්ද්‍රා ඔබ ඔය ඉන්න රටේ කාන්තාවකගෙන් වෙලාව අහන එකත් ලිංගික අතවරයක් ගණයට වැටෙනවද? පිස්සු නැත්නම් ෂෝක්! (ස)

:       0       0

නන්දන Wednesday, 06 August 2014 01:16 PM

මේ කොලුගැටයා මොකට ගොළු තරුණියකගෙන් වෙලාව ඇහුවද? (ස)

:       0       0

චන්දි Wednesday, 06 August 2014 01:23 PM

අනේ මන්ද මොනවා කියන්නද කියල, සරත්,ඔයාගේ අදහසට මට හිනා.., කොහෙද දන්නේ නැහැ නේද ඒ බස්වලින් ගියේ....? (ස)

:       0       0

පහන්දී Wednesday, 06 August 2014 01:25 PM

ගණන් ගන්න එපා ඕව සුළු දේවල් හිනා වෙලා අපි ඔහේ යමු....// (ස)

:       0       0

රවිඳු Wednesday, 06 August 2014 01:25 PM

මොකද කුමාරි උදෙන්ම වලිගෙ පාගාගෙන? බස් එකේදී කවුරු හරි ඔයාගෙන් වෙලාව ඇහුවද? (ස)

:       0       0

නිරන්ජන් Friday, 08 August 2014 05:21 PM

කුමාරි අක්කේ, ඔයා තවමත් පසුගිය දෙයක් ගැන හිතමින් දුක්වෙනවද? ඕනෑවට වඩා ඕක ගැන කල්පනා කරන්න එපා. ප්‍රෙෂර් වැඩිවෙයි. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 06 August 2014 07:41 AM

වෙලාව ඇහුවට මක් වෙනවද (දී)

:       0       0

සනත් Friday, 08 August 2014 08:08 AM

නිල්මිණි කියන දේවල් කරන්න පුලුවන්ද? ඔහොම හිතන්න එපා (නි)

:       0       0

නයන Thursday, 07 August 2014 09:56 AM

නිල්මිණි, ලංකාවේ කාන්තාවන් "බොහෝමයක්" ඔවුන්ගේ තාත්තලා අතින් හෝ සහෝදරයින් අතින් දූශනය වෙනවා කියලා කියන්න ඔබට තිබෙන පදනම මොකක්ද? උපන්දා ඉඳන් ඇහේ මූණේ තියාගෙන මලක් වගේ දීග දෙන තුරු දියනියන් රකින පියවරුන්ගේ පීතෘත්වයට, තම සොයුරියගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ජීවිතය දෙන සොයුරන්ගේ සහෝදරත්වයට නිගරු කරන්න එපා. (දී)

:       0       0

සුජීව Friday, 08 August 2014 05:48 PM

කුමාරි, මොනවද මේ ඔයා කියන්නේ? (නි)

:       0       0

අජිත් Wednesday, 06 August 2014 01:53 PM

මමත් මේ එක තමා බැලුවේ මොකද කුමාරි උදෙන්ම වලිගෙ පාගාගෙන ඉන්නේ කියල? (අ)

:       0       0

ජයලත් Saturday, 09 August 2014 11:30 AM

දෙන්න තිබ්බේ කොහොමද දන්නවාද (දී)

:       0       0

මේනක Sunday, 10 August 2014 02:05 AM

මම දැන් අවුරුදු අවුරුද්දක් තිස්සේ මේකට ලියන්නේ මේනක යන මගේ නමින්. ඔන්න දැන් ඊයේ තව කෙනෙක් මේනක නමින් ලියලා. (නි)

:       0       0

ශිෆ්රාන් Thursday, 07 August 2014 04:16 AM

සරත් නියමයි (දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 10 August 2014 07:08 PM

අනෝමාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

කසුන් Sunday, 10 August 2014 02:16 AM

මගේ නමිනුත් ඉඳලා හිටලා කවුදෝ ලියනවා. ඕනෑ දෙයක් ලියපුදෙන් කියලා මම නිකම් ඉන්නවා. මොකෝ මම දැන් ඉතින් මගේ නම වෙනස් කරලා ලියන්නද? (නි)

:       0       0

දයා අලහාකොන් Wednesday, 06 August 2014 08:08 AM

සරත්-නිවැරදි අර්ථකතනයක් ලබා දුන්න.ස්තුති (දී)

:       0       0

චාන්දනී Sunday, 10 August 2014 02:33 AM

මගේ නමිනුත් කවුදෝ පුවතකට විවේචනාත්මක අදහසක් ලියලා තිබුනා. මොනවා කරන්නද? මගේ නම ලංකාවේ බහුලව භාවිතා වෙන නමක් නිසා මට කරන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

දනුෂ්ක Saturday, 09 August 2014 12:08 PM

අපි තැනෙ හැටියට ඇනෙ ගහන්න ඔන..වෙලාව කිවානම් ඉවරයිනෙ.(දී)

:       0       0

රොෂාන් Thursday, 07 August 2014 04:34 AM

පළවූ පුවතට අදාළ අදහස් ලියනවා වෙනුවට පුද්ගලික අපහාස උපහාස කිරීමෙන් මෙතන ගරැත්වය නැතිකරන්න එපා.. තමන්ගේ ස්වාධීන අදහසක් ලියලා නම්බු පිටින් ඉන්නේ කීයෙන් කීදෙනාද .(අ)

:       0       0

රෙජි Thursday, 07 August 2014 04:46 AM

ගහන්න තිබුනේ සෙරෙප්පුවෙන් .මීට පස්සේ ඔය වගේ දේවල් නොකරන්න. (අ)

:       0       0

චන්දි Friday, 08 August 2014 08:24 PM

අර කලින් තිබුන ලෙඩේ නැවතත් පැතිරෙනවා වගෙයි. කුමාරි,බිමල්, ඔයාලට දැන් වැටහෙනවා නේද? මගේ නමින් ලියලා ලියලා මාව නැත්තටම නැති කළා. පුදුම පිස්සුවක් එයාට තියෙන්නේ අනුන්ගේ නම් වලින් ලියන්න (නි)

:       0       0

නවෝද් Wednesday, 06 August 2014 03:05 PM

කොල්ල බස් එකේ යන හින්ද වෙන්න ඇති වෙලාව ඇහුවම ඒ තරුණියට ඔච්චරටම ඩෝන් ගියේ බැරි වෙලාවත් කොල්ල කරෙකකින් බැහැල ඇවිල්ල වෙලාව ඇහුවනම් අතේ තියන ඔරලෝසුවත් ගලවල කොල්ලට දෙයි වෙලාවම බලන්න. (අ)

:       0       0

කණිෂ්ක Sunday, 10 August 2014 09:07 PM

නියම උත්තරයක්‍‍නේ දීලා තියෙන්නේ (නි)

:       0       0

සුසිර Friday, 08 August 2014 09:35 PM

මෙම තීරයට අදහස් දක්වන තරුණ ළමුන් කරුණාකර ටිකක් සංයමයෙන් යුතුව අදහස් දක්වන්න. විහිලුවට අන් අයගේ නමින් අදහස් දැමීම නතර කරන්න. කුමාරි මහත්මිය, ඔබතුමිය හිත කලබල කරගන්න එපා.මේ තරුණ ළමයි නොදැනුවත්කමට කරන කියන දේ ගැන අපි සමාව දෙමු. (නි)

:       0       0

ගාමිණී -සිරි Wednesday, 06 August 2014 03:38 PM

ජපානයට අලුතෙන් බහින කොලු ගැටයෝ ,ජපන් කෙල්ලක් හා කතාවට අල්ලාගන්න උත්සහ කරන්නේ වෙලාව ගැන අහලා.හරියට උත්තරය දුන්නත් ,ඉන් එහාට වැඩිදුර කතා කිරීමට නොදන්නා නිසා ඒක එතැනින් ඉවරයි. පසුකාලයකදී යාලු උනත් අවන්හල් වලට ගිහින් සංග්‍රහ කරන්න ගිහාම අපේ කොල්ලෝ කොට උඩ !! (දී)

:       0       0

කුමාරි Wednesday, 06 August 2014 03:43 PM

මේ තිරේ අදහස් දමල තියන සොයුරන් කවුරුවත් බස් එකේ යන අය කියල හිතන්න අමාරුයි. මේ දේ උනේ ඔබේ සොහොයුරියට නැතිනම් අම්මට කියල හිතන්න.ඇත්තටම කාන්තා පහස විදින්නම බලන් යන තිරිසන් මිනිසුන් අපේ සමාජේ ඕන තරම්.මේ ළමය වෙලාව කිවනම් ඊළගට තව මොනවා අහයිද දන් නැහැ.නියම පිළිතුර ලැබිල. (දී)

:       0       0

රූපවති Thursday, 07 August 2014 05:05 AM

හැබැයි හැම කොල්ලම ඔහොමයි කියල හිතන්නෙපා. (අ)

:       0       0

කුමාරි Friday, 08 August 2014 10:38 AM

මේ තිරේ අදහස් දමන අවංක අයටයි මේ ලියන්නේ. කුමාරි කියල තියන අදහස් වලින් 8-6-15.43.19 ට තියන අදහස පමණයි මගේ. මම දන්නේ නැහැ ඇත්තටම තව කුමාරි කෙනෙක්ද එහෙම නැතිනම් නිරන්ජන්ලා වගේ කෙනෙක්ද ඒ ලිවේ කියලා. ඔයාලට දාන ගන්න පමණයි මේ ටික ලිවේ. ගණන් ගන්න එපා. ඔහොම යන්. (නදී)

:       0       0

නින්ජා Thursday, 07 August 2014 06:16 AM

ඒ ගැහැණු ළමයා හරි (දී)

:       0       0

බිමල් සංජීව Friday, 08 August 2014 10:46 AM

කුමාරි මහත්මිය ඔය නමේ පටලැවිල්ල මගේ නමටත් දැන් දවස් කීපයකට කලින් තිබුනා. කවුදෝ කෙනෙක් බිමල් නමින් ම ලියන්න පටන් අරන්. එයා ගේ නමත් ඇත්තටම බිමල් වෙන්න ඇති කියලා හිතුන නිසා මම දැන් මගේ දෙවැනි නමත් අදහස් ලියනකොට භාවිතා කරනවා. ඔබ් තුමියත් එහෙම දෙයක් වත් කරලා බලන්න. (නදී)

:       0       0

සී පතිරණ Sunday, 10 August 2014 04:24 AM

කොල්ලෝ එක එක හේතු වලට කෙල්ලන්ගෙ පස්සෙ යනවා. මේ වගේ දේවල් වලට කැමති කෙල්ලන් පිරිසකුත් සමාජයේ ඉන්නවා. දෙන්නම කැමති නම් ඕන දෙයක්, ඒත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕන. අනිත් අයව පීඩනයට ලක් කිරීමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න හදන එක ගැන නම් ලැජ්ජ වෙන්න ඕන. මේ විදිහෙ ගෑනු පිරිමි දෙගොල්ලම සමාජයේ ඉන්නවා. (නදී)

:       0       0

හිමාලි Wednesday, 06 August 2014 04:57 PM

කුමාරි අක්කේ, මමත් බස් වල ඕනෑ තරම් යනවා. එහෙත් තරුණ පිරිමි ළමයින්ගෙන් නම් ඔය කියන විදිහේ කරදරයක් අපිට නම් නැහැ. සමහර වෙලාවට විහිලුවට මොනවා හරි කියන අවස්ථා තියනවා. ඉතින් අපි ඒකට ප්‍රතිවිහිළුවක් කරලා නිකම් ඉන්නවා. ඒවා දැකලා සමහරු රවාගෙන බලා ඉන්නවා දකිද්දී තමයි හොඳටම හිනා යන්නේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 07 August 2014 06:36 AM

භාග්‍යා ඔයා වැඩකරන කාර්යාලයේ මානසික රෝගීන් එක්කෙනෙක් නෙමේ කීප දෙනෙක් ඉන්නවද කියල ටිකක් හොයල බලන්න. ඩිලාන්ට ටිකක් පැටලිලා වගේ නේද? (දී)

:       0       0

ටිරෝන් Wednesday, 06 August 2014 05:20 PM

කාන්තාවකගෙන් වෙලාව ඇහුවම කාන්තා පතිවෘත්තාව සම්බන්ධයෙන් මොකක්හරි ගැටළුවක් එහෙම පැන නඟිනවද? මෙතන අදහස් බලලා නොදන්නා නිසයි අහන්නේ? මම නම් නිතරම යන්නේ මගේ ලැම්බෝගිනියේ හින්දා ඕවා ගැන වැඩිපුර මුකුත් දන්නේ නැහැ. (නි)

:       0       0

නිහාල් විතානගේ Friday, 08 August 2014 11:51 AM

මම නම් කාන්තාවන්ට කිසිදෙයක් කියලා නැහැ කවදාවත්. (නි)

:       0       0

ශෂි Friday, 08 August 2014 03:20 AM

කොහොමත් බස් වල කෝච්චියක යන්න බැරි කාලයක් තියෙන්නෙ. ඔහොම ගහල මදි (දී)

:       0       0

යශෝදා Thursday, 07 August 2014 06:49 AM

නියම පිළිතුර (දී)

:       0       0

ශෂි Friday, 08 August 2014 03:25 AM

ඇත්තම කිව්වොත් ඔහොම ගහල මදි. දැන් බස් එකකවත් කෝච්චියකවත් ගෑනු ලමයෙක්ට අම්මා කෙනෙක්ට තියා යන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගහන්න නෙමෙයි මරන්න ඕන. තමන්ගෙ අම්මත් ගෑනියෙක් නේද කියලා හිතන්නෙ නැති පිරිමි දැන් ඉන්නෙ (දී)

:       0       0

නයනජිත් Thursday, 07 August 2014 06:50 AM

ඒ ළමය වෙන මොකක් කරන්නද මෙහෙම කරනවා හැරෙන්න (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 06 August 2014 05:37 PM

සමහරුන්ට මෙය ගැන මනා අවබෝධයක් ඇතිවන්නේ , තමාගේ ආදරණිය අම්මාට , නංගිට , අක්කාට හෝ තමාගේ ආදරණිය බිරිඳට මෙවැනි දෙයක් සිදුවුවහොත් පමණි. සමහරුන්ට මෙවැනි සිද්ධියක් විහිළුවක් වන්නේ එම නිසාය (නි)

:       0       0

පහන්දී Thursday, 07 August 2014 01:37 PM

නයන, ඔබගේ අදහස ගොඩක්ම හරි. නමුත් අකමැත්තෙන් වුණත් නිල්මිණි කියනදේත් පිළිගන්න වෙනවා නේද....? (නි)

:       0       0

සමන්ති Wednesday, 06 August 2014 06:04 PM

මේ තරුණියට පිරිමි ළමයින් ගැන මොකක්හරි ප්‍රශ්නයක් ඇති. සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ ඔක්කොම පිරිමි අසහනකාරයින් කියලා වගෙයි. (නි)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 05:04 AM

අපේ අය අපරාදේ රණ්ඩු වුනාට මේක මේ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොතපු කතන්දරයක් වෙන්නත් බැරි නෑ. (නදී)

:       0       0

නයෝමි Thursday, 07 August 2014 07:12 AM

ඔහොම නොකියා හිනා උනා නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඕෂදී Thursday, 07 August 2014 07:29 AM

මෙහෙම වේලාවකදී කරන්න තියෙන්නේ ළඟ පාත හිටගෙන ඉන්න තරුණ විය පසු කල , මහත දෙහෙත කාන්තාවකට නැගිටලා සීට් එක දෙන්න . වෙලාව අහපු කෙනා බුල්ඩෝසර් එකකට යට වුනා වගේ ඉඳීවි. (දී)

:       0       0

සජාන් Wednesday, 06 August 2014 06:44 PM

අනේ පව් කුමාරි අක්කාටත් බස් එකේදී පොඩි කරදරයක් වෙලා වගෙයි. ඔය මැදි වයසේ කට්ටිය මෙතන ප්‍රබුද්ධ කතා ලිව්වට කරන වැඩ ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

කුමාරි Wednesday, 06 August 2014 04:59 AM

මේක නම් වෙන්න ඇත්තේ මේ පාඨක තීරයට කෙනෙකුට වෙන්න පුළුවන්. කාට හරි හේත්තු වෙන්න තිබෙන උවමනාව කොච්චරද කිව්වොත් සමහරු මෙතනත් තැන නොතැන නොබලා බවලතුන්ට කැමැත්ත ප්‍රකාශ කරන්න මංගල යෝජනා තීරයක් කරගෙන ඉන්න නිසා . (අ)

:       0       0

පින්ග් පොන්ග් Wednesday, 06 August 2014 04:58 AM

ලංකාවේ තරුණ අසහන වැඩි ! ඒක නිසා තමයි බස් වල යද්දී ගෑනුන්ගේ ඇගට හේත්තුව දාගන යන අය ඉන්නේ .....ගණිකා වෘතිය නීතිගත කොට යම් දුරකට අසහනයට පිළියම් යෙදිය හැකි වුවත් සම්පුර්ණ අසහන දුරු කිරීමට වෙනත් ක්‍රමයක් සෙවිය යුතුයි (අ)

:       0       0

මාලන් Thursday, 07 August 2014 07:41 AM

මෙන්න පිළිගන්න! කැමතිනම් පලිගන්න. ගියවර තරගයේ ජයග්‍රාහක ලංකා තිලක් පරදවා මෙවර සුපර් ස්ටාර් කිරුල හිමිකර ගන්නේ ඔබ සැම අනාදරය කරන කාන්තා හිතවාදී, නිරන්ජන්!!! (දී)

:       0       0

සමාධි Thursday, 07 August 2014 07:43 AM

වේලාව අහන්නත් අනේ ඇඟටම හේත්තු වෙන්න ඕනද? අත් ඔරලෝසුවක් වත් නැති තරුණයෙක් වගේ. (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 06 August 2014 05:15 AM

මම ඉන්න රටේ මෙහෙම කලොත් කෙලින්ම ගිහින් රිමාන්ඩ් එකේ නවතින්නේ. කාන්තාවන්ට ඔවුන්ගේ අකමැත්තෙන් අයුතු බලපෑම් කරන්නට ලිංගික අතවර කරන්නට තැත් කිරීම මේ රටේ ලොකුම වරදක්. (අ)

:       0       0

සරත් Wednesday, 06 August 2014 05:31 AM

බැරිවෙලාවත් කොල්ලා "කඩවසම් නම්" කතාව වෙන විදිහකට ලියවෙන්න තිබුණා. මමත් ඔය බස් වල ගිහිල්ලා තියනවනේ.(අ)

:       0       0

අජිත් Thursday, 07 August 2014 02:56 PM

ඉවසුවා ඇති. දැන්නම් වැඩේ නියමෙට නැගල යනවා වගෙයි. (නදී)

:       0       0

සමන් Wednesday, 06 August 2014 10:41 PM

කොහොමත් ගොඩක් දෙනාගෙ වෙලාව නරකයි තමයි (නි)

:       0       0

චින්තක Wednesday, 06 August 2014 11:06 AM

ඇත්තටම නියම කතාවක් (නි)

:       0       0

කමනි Wednesday, 06 August 2014 10:41 PM

මේ රවිඳු සහ නිරන්ජන් කියන දෙදෙනා මීට කලින් පළවූ පුවත් වලත් අදහස් ලියන කාන්තාවන්ට නොමනා අපහාස ආදිය කර පහත් තෘප්තියක් ලබන බව පෙන්නුවා. (නි)

:       0       0

චන්දි Saturday, 09 August 2014 06:30 PM

හිමාලි, මට හිතා ගන්න පුළුවන් ඔයා කව්ද කියල, මොකද හිතෙන හිතෙන නම්වලින් ලියන එක ඔයාගේ විනොදංසය කියල මම දන්නවනේ (දී)

:       0       0

ඩිලාන් Wednesday, 06 August 2014 10:48 PM

රවිඳු සහ දිලාන්, කරුණාකර මේ පාඨක තීරයේ වැදගත් විදියට අදහස් ලියන්න. ඔබ දෙදෙනා මීට කලිනුත් මෙතන අදහස් ලියන කාන්තා පක්ෂයට නොමනා උපහාස කළා (නි)

:       0       0

දුල්මි Thursday, 07 August 2014 07:52 AM

හේත්තු වෙන්න ආවා නම් ළඟම ඉන්න වයසක බවලතා දිහාට තල්ලු කරලා දාන්න. ආයෙත් කාගේවත් ඇඟට හේත්තු වෙන්න එන එකක් නැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 607 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 690 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1081 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9390 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 860 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 324 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site