(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ප්‍රේත ආත්මයක් වැලඳී තිබුණු තරුණයකුගේ ප්‍රේම ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන් සාත්තුවට පැමිණි කට්ටඩියා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුර අවට ප්‍රසිද්ධියක් උසුලන උප නගරයකින් වාර්තා වේ.
අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.
ගැමි පෙදෙසක නිවහනක වාසය කරන ඔවුහු නිතර නිතර රෝගා බාධවලට ලක්වෙති. රෝහල කරා ගොස් ප්‍රතිකාර කළත් නිට්ටාවට සුව වන්නේ ද නැත.
මේ නිසා නිවසේ ගෘහ මූලිකයා දැඩි මානසික තත්ත්වයෙන් පසුවන මොහොතක ඔහුට හමුවූ හිතවතකුගෙන් යම් සහනයක් ලැබුණි. ඒ සක් සුදක් සේ සාස්තර කියන දේවාලයකින් මෙම කරදරවලට විසඳුමක් ලැබෙන බවට හමුවූ හිතවතා පැවැසීම නිසාය.
නියමිත කෙම්මුුර දිනයක අවැසි පලතුරු වට්ටියක් ද රැගෙන නිවෙස ගැන බලන්නට නිවෙස් හිමියා දේවාලය කරා ගියේය.
පෝලිමේ රැඳී සිට තම වාරය පැමිණි පසු බුලත් අත හා පලතුරු වට්ටිය සමගින් පඬුරු ආදිය තබා ඔහු සාස්තරය අසන්නට විය.
නිවෙසට මිය ගිය කෙනකුගේ බැල්මක් නිසා නිවැසියන් වරින් වර රෝගා බාධවලට ලක්වන බවත් මේ නිසා දුකසේ උපයන සියල්ල නිකරුණේ විනාශ වන බවත් දෙවොලේ දෙවියා පැවසුවේය.
ප්‍රේත ආත්මය නිවෙසේ සිටින තරුණ වියේ පසුවන පුතාට ආරූඪ වී සිටින බවටද හෙළි කළේය.
එය ඉවත් කිරීමට අවැසි සාත්තුවක් නිවසේ සූදානම් කළ යුතු බවට උපදෙස් ලැබුණේය. මේ ගැන විශ්වාසයක් තැබූ නිවෙස් හිමියා කඩිනමින් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය සාත්තුව සිදු කිරීමට කටයුතු කළේය.
ඒ අනුව දෙවොලේ කණ්ඩායම නිවෙසට නියමිත දින සවස් යාමේ පැමිණියේය. බළි තොවිල් මැද රාත්‍රී කාලයේ සාත්තුව සිදු කරන අතරවාරයේ නිවෙසේ රැඳී සිටි තරුණයා පලා ගියේ ගෙදෙර කන්දොස්කිරියාව ගැන දැඩි කෝපයෙනි.
ඔහු අල්ලාගෙන එන්නට පිරිස ගියත් ඔහු නිවෙසට නොපැමිණෙන බව වටහා ගත් කට්ටඩියා ආරූඪයෙන්ම ඔහු රැඳී සිටින ස්ථානය කරා ගියේය.
එතැනට ගොස් තරුණයා අල්ලාගෙන හිස මත දෙහි ගෙඩි තබා කන්නලව් කරමින් දෙහි කපන්නට සූදානම් වනවාත් සමගම ආරූඪව සිටි දෙවියාට තරුණයා වැරෙන් පහර දුන්නේය.
ඔහු අත වූ දෙහි කපන්නට තිබූ ගිරය විසි වී ගොස් ඈතට වැටුණි.
පහර කෑමට ලක්වූ කට්ටඩියාට ද අමාරුය.
තරුණයා යළි එතැනින්ද පලාගියේ නිදා ගැනීමට තැනක් සොයමිනි. ආරූඪව සිටි කට්ටඩියා දැඩි අපහසුතා හමුවේ පසුවේ.
සාත්තුව හා කන්නලව්ව පසෙක තබා රැස්ව සිටි පිරිස කට්ටඩියා වහා රෝහල් ගත කළේය.
දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු ඉන් නික්ම ගොස් ඇතත් අතුරුදන්වූ ගිරය තවමත් සොයා ගන්නත් නැතිලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණයාට යකා වැහිලා: දෙවියා අම්බානක ගුටි කාලා
shen Wednesday, 21 July 2021 08:41 AM
විය යුත්තේ එයයි. මෙවැනි මිථ්‍යා මත කෙසේ හෝ ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන්කර දැමිය යුතුය.