IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තරුණයන් දෙදෙනා වැටුණු ළිඳේ කුකුළෙකුත් ඉඳලා

මහා රාත‍්‍රීයේ දී අඩි 20ක් ගැඹුරු ළිදකට වැටුණු 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගසද්දී ගම්මුන් එකතුවී ඔවුන්ගේ ජීවිත බේරා ගොඩටගෙන සියලූ සත්කාර කර පිටත් කළත් පසුදා ළිඳ තුළ තිබු කුකුළකුගේ මළ සිරුරක් නිසා ඔවුන් පැමිණ ඇති කාරණය ගමටම හෙළිවීමේ සිද්ධියක්් දකුණේ ගමකින් වාර්තා විය.

තරුණයන් දෙදෙනා කුකුළු හොරකමේ ගොස් එද්දී ගැඹුරු ළිදට වැටී ඇති අතර මෙම තරුණයන්ට පෝය දෙකක් සිල් අරගෙන පන්සලේ හාමුදුරුවන්ගේ ලිපියක් ඉදිරිපත් කරන ලෙසත් වූ පොරොන්දුව මත පොලිසි නොගොස් මේ සිද්ධිය ගොඩින් බේරා ගැනීමටද ගැමියන් එක`ග වී ඇතැයි පැවසේ. සිද්ධිය සැකෙවින් මෙසේය. දකුණු පළාතේ කුරුඳු ඉඩම් ඇති ගම්බ`ද පෙදෙසක ජීවත්වන කුරුඳු තැලීමේ රැකියාව කරන තරුණයන් දෙදෙනකු පෙරේදා (13) අලූයම 3.10 ට පමණ අඩි 20ක් පමණ ගැඹුරු ළිඳකට හදිසියේ දුවද්දී එයට වැටී ඇතැයි පැවැසේ.

තරුණයන් දෙදෙනා ළිඳ තුළ තිබු වතුර බටයෙහි එල්ලී සිටිමින් ආධාර ඉල්ලා කෑ මොර ගසද්දී එහි එක්වූ ගම් වැසියන් කඹ හා ඉනිමං යොදා තරුණයන් දෙදෙනා ළිඳෙන් ගොඩට ගෙන කරුණු විමසන්නට විය. තමන් දෙදෙනා අසල නිවෙසක සූදු පොළක් අසල සිටියදී පොලීසිය එම ස්ථානය වැටලූ බවත් ඉන් මිදී බයට දුවන විට මේ ළ`ිදට වැටුණ බවත් ගැමියන්ට පවසා ඇති අතර ගැමියන් තරුණයන්ට තුවාල වී ඇත්දැයි යන්න පරීක්‍ෂා කර බලා අනුකම්පා කළ ගැමියන් උණුසුම් කෝපි කෝප්ප දෙකක් පිළියෙළ කර අවශ්‍ය සත්කාර තරුණයන්ට ලබා දීමට කාරුණික වී ඇත.

ළිඳට වැටුණු තරුණයන් දෙදෙනා පිළිබද නිවැසියන් ඒ අවට විපරම් කරද්දී ළිඳ තුළ මියගිය කුකුළකුගේ මළ සිරුරක් තිබී ඒ පිළිබද විමසිලිමත්වීමේදී එම ගමේ අසරණ පවුලකට අයත් කුකුළු කුඩුවකට හොරු ඇතුළු වීම පිළිබඳ ඇසුණු ශබ්දයක් හේතුවෙන් නිවෙස් හිමියා විදුලි පන්දමක් රැුගෙන විපරම් කරද්දී කුකුළු කූඩුව තුළ සිටි දෙදෙනකු දුවන අයුරු ඔහුට දැක ගන්නට හැකි වී ඇත.

කුුකුළු ගොවිපළ හා ළිඳ හිමියාගේ හා ළිඳට වැටුණු මෙම තරුණයන්ගේ නිවෙස් වර්ග කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටීම නිසා මේ තොරතුරු ලැව් ගින්නක් සේ ගම පුරා පැතිරෙන්නට විය. කුකුළු කොටුව හිමියා සම`ග ළිඳ අයිතිකරු තරුණයන් දෙදෙනාගේ නිවෙස් වලට ගොස් අලූයම සිදු වු ඇබැද්දිය පිළිබඳව කරුණු විමසද්දී සියලූ කාරණා වමාරමින් ළිඳ පිරිසුදු කර ගැනීමට රුපියල් 1000ක් ද කුුකුළාගේ වටිනාකමට රු. 1500ක්ද ලබා දී දෙපාමුල වැඳ වැටී සමාව අයදිමින් මෙය පොලිසියට පැමිණිලි නොකරන මෙන් ඔවුන්ගේ වැඩිහිටියන් හා පවුල්වල අයගේ ඉල්ලීමමත මෙම සිද්ධිය පොලිස් පොතේ සටහන් නොවීමට හේතු විය.

ළිඳට වැටුණු තරුණයන් දෙදෙනා තම හිතවතුන්ට පවසා ඇත්තේ බෝතලයක් ගහන්න බයිට් එක සොයා ගන්න ගිය ගමනේ සිදු වූ අකරතැබ්බය පවසමින් හොරකම් කරගෙන ආ කුකුළා සමගම ළිඳට වැටුණු ඔවුන් ගේ හ`ඩ පරදා කුකුලා කෑ ගසන්නට වූ නිසා තමන්ට පහළ වූ ගණ දෙවි නුවණ අනුව කුුකුළා ළිඳ තුළ මරා දමා තමන්ට ගොඩ ඒමට ආධාර ඉල්ලා කෑ ගැසූ නිසා ගම්මුන්ගේ අනුකම්පාවෙන් ගුටි නොකා බේරි ආ බවයි. ළිඳ පිරිසුදු කිරීමට මෙන්ම හොරකම් කළ කුකුළාගේ වටිනාකම ගෙවා දැමුවත් සිද්ධිය පොලිස් පොතේ වාර්තා නොකර ගොඩින් බේරා ගැනීමට නම් තවත් මෙවැනි සොරකම් නොකරන බවට පොරොන්දු වී ඉදිරි පොහොය දෙකක් ගමේ පන්සලේ සිල් සමාදන් වී ඒ බව සනාථ කිරීමට විහාරාධිපති හිමියන්ගේ ලිපියක් කුුකුළු කොටු හිමියාට ගෙනැවිත් දෙන ලෙසද මේ තරුණයන්ගෙන් පොරොන්දු පත‍්‍රයක් ලබා ගෙන ඇති බව ගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට මුළු ගම පුරා ම සිද්ධියේ සියලූම තොරතුරු පැතිර යාමත් සම`ග මේ තරුණයන් දෙදෙනාට මිතුරන්ට හා ගම්මුන්ට මුහුණ දීමට නොහැකිව නිවාස අඩස්සියේ සිටින බව අපට දැනගන්නට ලැබුණි.



අදහස් (0)

තරුණයන් දෙදෙනා වැටුණු ළිඳේ කුකුළෙකුත් ඉඳලා

ජයනාත් Tuesday, 16 February 2016 07:06 AM

පද්මිණි, ඔබේ අදහස් ගැන ලැජ්ජා වෙන්න. (නි)

:       0       0

ජයනාත් Tuesday, 16 February 2016 02:05 AM

ගම්මුත් පුදුම මිනිස්සු. කුකුළු කොටුවේත් සියගණන් කුකුල්ලු මැරෙන එක ගැන සද්දයක් නැහැ. හැබැයි එක කුකුළෙක් මරපු එකට තමයි සිල් ගන්න යවන්නයි, දඩ ගහන්නයි හදන්නේ. අද රටේ ක්‍රියාත්මක වෙන්නෙම මේ වගේ නීති තමයි. (නි)

:       0       0

චමල්කා Wednesday, 17 February 2016 06:59 PM

අයියෝ අහිංසක සතා! (නි)

:       0       0

කමල් Tuesday, 16 February 2016 07:32 AM

හොඳ වෙලාවට කුකුළා කලින් නොදැක්කේ (නි)

:       0       0

නුවන් Tuesday, 16 February 2016 07:32 AM

අනේ අද කාලේ තරුණ පරපුර! (නි)

:       0       0

සංජු Tuesday, 16 February 2016 01:19 PM

දකුණේ අපි නැත්තන් උඹල බෝම්බයකට අහුවෙලා වලපල්ලේ අන්න එ්ක ඔය කවුරුත් මතක තියාගත්තොත් හොදයි (බ)

:       0       0

ආරච්චි Wednesday, 17 February 2016 05:32 AM

කුකුල් හොරකමේ ගියාට පළපුරුදු අය නොවයි වගේ. අහල පහළ කුකුල් හොරකමේ ගියාම වෙන දේවල් කාටත් හොද පාඩම්. (ර)

:       0       0

ආරච්චි Wednesday, 17 February 2016 05:30 AM

ඕකට ඔච්චර කෑගහන්න එපා. (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 15 February 2016 10:26 AM

මේ සිද්දියත් ඇඹිලිපිටියට ගොඩක් සමානයි. (අ)

:       0       0

අසෝකා Monday, 15 February 2016 10:40 AM

මොනවා වෙතත් ගම්මුන්ගේ දුර දැක්මේ නුවන නිසා මේ තරුණයන් දෙදෙනා සදහටම නරක වැඩවලින් මිදේවා කියා මම ප්‍රාර්ථනා කරනවා! (අ)

:       0       0

උදය Tuesday, 16 February 2016 08:31 AM

අබරන් හරි රොහාන් දකුණේ අය ඔක්කෝම කුකුල් හොරු නොවෙන්න පුළුවන්. ඒත් දකුණේ ගොඩක් අය කම්බා හොරු (බ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 16 February 2016 04:13 AM

මීට පස්සේ බෝතලුත් නැහැ. බයිටුත් නැහැ.ජීවිතේට මතක තියෙන්න මේවා හොඳ පාඩම්. (ම)

:       0       0

අබරන් Monday, 15 February 2016 07:56 AM

කමක් නැහැ දකුණේ පොරවල් ඔහොම තමා..... (ම)

:       0       0

රොහාන් Monday, 15 February 2016 11:34 AM

ඈ අබරන් එතකොට දකුණේ පොරවල් ඔක්කොම කුකුල් හොරුද ? (බ)

:       0       0

ගොඩගේ Monday, 15 February 2016 11:40 AM

ඇත්කඳුරෙ ඉඳල ගලගොඩ අත්තට ඒ හැටි දුරක් නෑ. කුරුඳු හොඳට වැවෙන පැති තමයි. (බ)

:       0       0

ඉමේෂ් Tuesday, 16 February 2016 05:21 AM

තරුණයෝ දෙන්න ගමට මුහුණ දෙන්න බැරුව දිවි නසා ගත්තොත් ? (ර)

:       0       0

සුභාෂ වික්‍රමාරච්ච ඩුබායි Monday, 15 February 2016 08:59 AM

පව් අහිංසක කුකුළා.(අ)

:       0       0

රූපවතී Tuesday, 16 February 2016 07:34 PM

ආදර්ශමත් හොඳ දඬුවමක්. හැදෙන පරම්පරාව වගේම කුකුළු හොරකමේ යන්න හදන පරම්පරාවටත් එක්කම දඬුවම වැදගත් (නි)

:       0       0

පද්මිණි Tuesday, 16 February 2016 06:10 AM

ජයනාත්ගේ, යාලුවෝ දෙන්නෙක් වගෙයි . ඔයාලගේ විචාර බුද්ධිය ගැන ලජ්ජා වෙන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 730 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 754 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1125 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9438 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 868 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 332 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site