මාවරල පී.එස්. මද්දුමගේ
නාඳුනන තරුණියක රැගෙන ගිය, තරුණ යතුරුපැදිකරුවකුට සිදු වූ අලකලංචියක් ගැන මොරවක් කෝරළයේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබුණි. ඒ මෙසේය.
ඇය උසස් පෙළ විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවක් හැදෑරීමට නගරයේ මධ්‍යස්ථානයකට ගියාය. පදිංචි නිවසේ සිට බස් රථ ධාවනය වන ප්‍රධාන මාර්‍ගයට කිලෝමීටර් 5 ක පමණ දුරක් පයින් පැමිණීමට ඇති නිසා දිනපතා පයින් හෝ අඳුනන අයෙකුගේ යතුරුපැදියක හෝ ත්‍රී වීලර් රථයකින් බස් පාරට පැමිණීමට මැය පුරුදුව සිටියාය. ගමන් මාර්‍ගය කඳු සහිත වූ අතර, මගතොට පයින් යන අය සුළු පිරිසක් වූ අතර පාර පාළු ස්වරූපයක් ගත්තේය. කඳු ප්‍රදේශයක් වූ මෙම ගම්මානය මැදින් ගලා ගිය දොළ පහර පාර හරහා ගලා ගියේ පරිසරය චමත්කාර ලෙස සුන්දරවත් කරමිනි.
දිනක් පුහුණු පාඨමාලාව නිමා කර ගෙදර යාමට පැමිණි මෙම තරුණියට පැය කීපයක් නිවසට යන පාරේ කාලය ගත කළද ගමන් පහසුවට කිසිම වාහනයක් නොපැමිණි නිසා, පයින් යන්නට සිතා ගමන ආරම්භ කළාය. ගත වූයේ විනාඩි කීපයකි, කොණ්ඩය පිට මැදට හෙලාගත් අව්කණ්ණාඩියක් සහ මාස් එකක් පැළඳි, තරුණියක යතුරු පැදියක් පැදගෙන විත් මෙම තරුණිය ළඟ නතර කර “යනවානම් නගින්න අක්කේ” කියා කීවාය. යතුරුපැදිය පැදවූ අය හඳුනන්නේ නැති නමුත් පයින් යනවාට වඩා යතුරුපැදියෙන් යාම, වෙලාවේ හැටියට වාසියක් ලෙස සිතා, නංගී කෙනෙක් නිසා සැකයක් නොසිතා, යතුරු පැදියේ පසුපස හිඳගෙන ගමන් ඇරඹීය.
“අක්කා කොහාටද යන්නේ ? යතුරුපැදි පදවන්නා විමසීය.
“මම ගෙදර යන්නෙ. කිලෝමීටර 5 පමණ දුර ඇති” තරුණිය කීවාය ගමනට ගත වූ විනාඩි කීපය තුළ තොරතුරු කතා බස් කළ යතුරු පැදි කරු එකවරම යතුරු පැදිය නතර කර, අක්කේ පැට්‍රල් ඉවර වුණා. යන්නෙ කොහොමද? කියා යතුරුපැදිකරු යතුරුපැදියෙන් බැස, වැහි කබාය ගලවා යතුරුපැදිය මත තැබුවාය. අව්කණ්ණාඩිය ද ඉවත් කර තරුණිය දෙස ආදර බැල්මක් හෙළා, “දැන් මොකද කරන්නේ? යයි ඇසීය.
තරුණියට සිදුව ඇති වෙනස ගැන විශාල බියක් ඇති විය. තරුණියකැයි තරුණයකුට රැවටී යතුරුපැදියෙන් පැමිණ ඇති බව තේරුම් ගත් තරුණිය, අවස්ථාවේ හැටියට උපද්‍රවයකින් තොරව ගැලවීමට සිතා “අයියේ මේ ළඟ මම අඳුරන කඩයක පැට්‍රල් විකුණනවා. මම ගිහින් තෙල් බෝතලයක් අරගෙන එන්නම් . සල්ලි දෙන්නකෝ” කියා මුදල් ඉල්ලීය. යතුරුපැදිකරු යතුරුපැදිය නතර කළේ බොරුවට වුවද, තරුණියගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි යතුරුපැදිකරු රුපියල් පන්සීයක් තරුණිය අතට දෙන ගමන් ඇයගේ අත ස්පර්‍ශ කිරීමටද අමතක නොකළාය. තරුණිය විදුලි වේගයෙන් දිව ගියේ නිවසටය. යොදා ගත් උපායෙන් රුපියල් පන්සීයක වාසියක් ලබාගත් ඇය, මවට සිදු වූ දෙය කීවාය.
යතුරුපැදිය නතර වූයේ තරුණියගේ නිවස ආසන්නයේ බව යතුරුපැදිකරු දැන නොසිටියේය. තරුණිය තෙල් රැගෙන කඩිනමින් එනු ඇතැයි ඔහු සිතමින් කාලය ගෙව්වේය.
යතුරුපැදිය නතර කර තරුණිය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇසුරකට මුල පිරීමටත්, කිසියම් රසාස්වාදයක් විඳීමටත් අදහස් කළ යතුරුපැදිකරු තරුණිය තෙල් රැගෙන එන තෙක් පැයක් පමණ කාලය ගත කළේය.
ගත වූ කාලය තුළ තරුණිය නොපැමිණීමෙන් තමන් රැවටුණ බව සිතාගත් යතුරුපැදිකරු, අනුන් රවටා වාසි ප්‍රයෝජන ගැනීමට සිතා කරන ලද රඟපෑමෙන් තමන් අපහසුතාවටත්, පාඩුවකටත් මුහුණ පෑම ගැන තමන්ටම දොස් කියාගත් යතුරුපැදිකරු නැවත තම ගමන ඇරඹීය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුනියගේ උදව්වට ආ යතුරුපැදිකරු උගුලේ හිරවෙලා