ත්‍රිරෝද රථයෙහි ගමන් ගන්නා අවස්ථාවෙහි ඉන්ධන කරාමය කරකැවීමට පසුපස ආසනය වෙත අත යොමුකළ තරුණ රියදුරකුට මුහුණ පෑමට සිදු වූ අපුරු පුවතකි.
ටැක්සි රථ රියදුරකු ලෙස සේවය කළ ඔහු අවු 35 ක දෙදරු පියෙකි. දකුණු පළාතේ උපනගරයක බස් නැවතුමක් අසල ඔහුගේ රථගාල විය. මනා පෙනුමකින් හා සංවර බවින් යුතු නිසාවෙන් ඔහුට නිරන්තරයෙන්ම කුලී ගමන් බිමන් යෙදෙයි.
වැසිබර කාලගුණයක් පැවති පසුගිය දිනෙක තම රථයට ගොඩ වූයේ මව, පියා දියණිය යැයි සිතිය හැකි තිදෙනෙකි. අපි අහවල් ස්ථානයට බස්සන්න ගාන කීයද? අසා එකඟතාවට පැමිණි ඔවුන් කඳුකර මාර්ගයක ගමන් කරන්නට විය. හිටි හැටියේ රථයේ ඇන්ජිම අක්‍රීය වන්නට යන බව හැඟී ගිය හෙයින් රියදුරු තම වම් අත පසුපස අසුන වෙත යොමු කළේ ඒ අසල ඇති ඉන්ධන කරාමය කරකැවීමටය. එහෙත් නොසිතූ දෙයින් ඔහු තම අත ඉවතට ගෙන තවත් සුළු මෙහොතකින් ඉන්ධන කරාමය වෙත අත දිගු කළේය. එහෙත් එවර ඔහුට අත ඉවතට ගත නොහැකි විය. මන්ද ඒ වන විටත් කලින් සිදුවීම දෙස විමසිලිමත්ව බලාසිටි වැඩි හිටි පුද්ගලයා ඔහුගේ එම අත අල්ලා කරකවා ඔවැනි වනචර වැඩ නොකරන ලෙස බැන වදිමින් රථය නවත්වන්නට අණ කළේය. කෙසේ වෙතත් රියදුරු තම රථය පෙරළෙන්නට නොදී බේරාගත්තේ මහත් ආයාසයෙනි.
රථය අයින් කර නැවතූ ඔහුට, තම දියණියගේ පාදය ස්පර්ශ කළ බවට වැඩිහිටි දෙපළ චෝදනා කරන විට මොහුට තේරුම් ගියේ මේ අය ඉහත සිදුවීම ඉතා වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවයි. වහ වහා කරුණු අවබෝධ කරදුන් ඔහු කියා සිටියේ මෙවැනි රථවල ඉන්ධන කරාමය පසු පස ආසනය යට ඇති බවත් එය බොහෝ විට කරකවන්නේ ඉදිරිපස බලාගෙන බවත් ඒ අවස්ථාවේ දියණියගේ පාදය ඕන කමකින් අත නොගෑ බවත් එය අත් වැරදීමකින් සිදු වු බවත් තමන්ටත් මෙවැනි දරුවන් දෙදෙනෙකු සිටින බවත්ය. ඒ වන විටත් එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මේ සිදුවීම දෙස බලා සිටි අතර ඔවුන් ද රථයේ පැමිණි මගීන්ට කරුණු අවබෝධ කර දුන්නේ මෙය අත් වැරදීමක් බවයි.
අනතුරුව රථයෙන් බැසගත් ඔවුන් මොනවාදෝ කියමින් වෙනත් ත්‍රීරෝද රථයක නැග යන්නට ගියේ ගමනේ කුලිය ද නොගෙවාය. එදින මුලින්ම ලැබුණු කුලී ගමනේ දී තමාට අත්විඳීමට සිදුවූ අබැද්දිය පිළිබඳ කලකිරීමෙන් යුක්තව නැවත ටැක්සි රියදුරු රථගාල වෙත ත්‍රීරෝද රිය ධාවනය කළේ හිස් අතිනි.
කඹුරුපිටිය විශේෂ කේ.අජිත්
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිරෝදයේ තෙල් කරාමය කරකවද්දී දැරියගේ කකුල අතගෑවිලා