ත්‍රිරෝද රථයක් රාත්‍රි කාලයේ කුලියට රැගෙන ගොස් කුලිය වෙනුවට සොරකම් කරන ලද ජංගම දුරකතනයක් ලබා දී මාරුවීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
මහනුවර ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි ත්‍රිරෝද රථ රියැදුරකු සිය සේවය අවසන් කර රාත්‍රි අටට පමණ නිවසට යමින් සිටින අතරමගදී ත්‍රිරෝද රථය නැවැත්වූ දෙදෙනෙකු තමන්ට යාමට වාහනයක් නැති නිසා නිවස අසලට ඇරලවන ලෙස ඉල්ලා තිබේ.
තමන් සේවය අවසන් කර නිවසට යන බව කොතෙක් පැවසුවද ඔවුන්ගේ ඇවිටිල්ල නිසාම මෙම රියදුරු ඔවුන් රැගෙන යාමට එකඟව ඇත. කිලෝ මීටර් කිහිපයක් ගිය තැන එක් පුද්ගලයෙකු මඟදී බැස ඇති අතර මුදල් අනෙක් පුද්ගලයා දීමට කැමැත්ත පළ කර තිබේ.
තවත් කිලෝ මීටර් කිහිපයක් ගියවිට එක් පාළු ස්ථානයකදී අනෙක් පුද්ගලයාද ප්‍රකාශ කර ඇත්තේ තමන්ද ඉදිරියෙන් බසින බවයි. එහිදී ඔහුද ත්‍රිරෝද රථයෙන් බැස ඇති අතර මුදල් දීම සඳහා සාක්කුව පුරා අත ගෑවද මුදල් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම මුදල් පසුම්බිය අමතක වී ඇති බවත් ඉක්මනට නිවසට ගොස් මුදල් රැගෙන එන බවත් එතෙක් මෙය තබා ගන්නා ලෙස පවසමින් ජංගම දුරකතනයක් ලබා දී ඔහු නික්ම ගොස් තිබේ. පැය භාගයකට වැඩි කාලයක් ගත විය.
මුදල් රැගෙන ඔහු නොපැමිණි නිසා මෙතෙක් ක්‍රියා විරහිතව තිබූ ඔහුට ලබා දී තිබූ ජංගම දුරකතනය ක්‍රියාත්මක කර ඇති අතර එසැනින්ම එයට ඇමතුමක් ලැබී තිබේ. තම මුදල් ගැන කුමක් හෝ කීමට පැමිණි පුද්ගලයා ඇමතුමක් ගන්නා බව සිතූ රියදුරු ඇමතුමට පිළිතුරු දී ඇති අතර එහිදී ඔහුට තරු පෙනී තිබේ.
තම දුරකතනය සොරකම් කර තබා ගෙන සිටින බවත් තමන් පොලිසි යන බැවින් දුරකතනය රැගෙන පොලීසියට එන ලෙසත් ඇමතුම ගත් පුද්ගලයා කියා තිබේ.
මෙය අසා අන්දුන් කුන්දුන් වූ රියැදුරුට සිදුව ඇති දේ තේරුම් ගැනීමට හැකිව ඇති අතර ඔහුට කතා කර සිදුවූ සියල්ල කියා පොලීසියට යෑම වළක්වාගෙන ජංගම දුරකතනය ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණ.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රිරෝද ගාස්තුවට සොරාගත් දුරකථනයක්දී රියැදුරා අමාරුවේ