ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයකින් කුලී රථයක් ඔන්ලයින් මාර්ගයෙන් වෙන්කර ගත් තරුණියක වාහනය තමා සිටින ස්ථානයට පැමිණි පසු අන්දුන් කුන්දුන් වී රියැදුරුට මුදල්ද ලබාදී පින්සෙන්ඩු වී හරවා යැවූ පුවතක් කොළඹට නුදුරින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඇය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි තරුණියකි. හදිසි අවශ්‍යතාවක් සඳහා කොළඹට පැමිණීමට ජංගම දුරකතනයේ ඇප් එකෙන් ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයකින් ඔන්ලයින් මාර්ගයෙන් ත්‍රිරෝද රථයක් වෙන්කර ගත්තාය.
ටික වේලාවකින් සේවා සපයන ආයතනයේ රියැදුරෙක් එම තරුණියට දුරකතන ඇමතුමක් ලබාදී පැමිණිය යුතු ස්ථානය විමසා තව විනාඩි කීපයකින් පැමිණෙන බව ඇයට පැවැසීය.
ත්‍රිරෝද රථය ඉතා ඉක්මනින් පැමිණෙනතුරු ඇය ඇඟිලි ගනිමින් සිටියාය. සුළු මොහොතක් ගත විය. යතුරු පැදියකින් තරුණයෙක් පැමිණ තරුණිය අසල නවතා දුරකතන ඇමතුමක් ලබාගන්නට විය. තරුණියගේ දුරකතනය නාද විය.
‘මිස් නේද වාහනයක් ඕඩර් කළේ? කොහෙටද යන්න ඕනෑ? නගින්න මිස්’ යනුවෙන් පවසා තරුණයා තම අත තිබූ හෙල්මටය ඇය දෙසට දිගු කළේය. තරුණිය අන්දුන් කුන්දුන් විය.
‘ඇයි මේ’ තරුණිය විමසුවාය.
‘මිස් මම ...... ප්‍රවාහන සේවා ආයතනයෙන් මිස් බයික් එකක් එවන්න කියලා ඇප් එකේ සටහන් කරලා තිබුණා.’ තරුණියට හීන් දාඩිය දාන්නට විය.
‘මම ත්‍රීවිල් එකක් ගෙන්නා ගන්නයි ඇප් එකේ සටහන් කළේ’ ඇය බැගෑපත්වන්නට වූවාය.
‘නෑ මිස් බයික් එකක් තමයි රිසර්ව් කරලා තියෙන්නේ. බලන්න මිස් ඇප් එකේ මේ තියෙන්නේ.’ යතුරුපැදිකාර තරුණයා පැවැසීය.
‘අනේ සමාවෙන්න. මට බයිසිකල්වල යන්න බැහැ. මේ රුපියල් 500 ඔයා තෙල් වියදමට තියාගන්න. මම පස්සේ ත්‍රීවිල් එකක් ගෙන්වා ගන්නම්’ යනුවෙන් පවසා යාන්තම් තරුණිය එතැනින් ලිස්සා ගියාය.
ගයාන් සූරියආරච්චි
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිරෝද රියක් ඕඩර් කළාම මාතලී බයික් එකේ ඇවිත්
රික්ෂෝ Sunday, 26 February 2023 12:29 PM
අයියෝ නංගච්චි, එක රෝදයක් අඩු වුණාට වෙන කිසි අඩුවක් තිබුණේ නැහැනේ...!