ගබඩා සංකීර්ණයකට ඇතුළු වූ කහපාට ටීෂර්ටයක් හැඳ අව් කණ්ණාඩියකින් සැරසුණු පුද්ගලයෙකි. ඔහු අත කුඩා පාර්සලයක් විය. “කොහාටද යන්නේ” ආරක්‍ෂක නිලධාරියා විමසීය. “මම හරි අමාරුවෙන් ඉන්නේ. මට ටොයිලට් එක පෙන්නනවද” ඔහු බැගෑපත් විය. අනුකම්පා කළ ආරක්‍ෂක නිලධාරියා වැසිකිළිය පෙන්විය.
වැසිකිළිය තුළට ගිය පුද්ගලයා වෙනුවට ඉවතට පැමිණියේ වෙනත් අයෙකි. කල්පනාවක නියැලී සිටි ආරක්‍ෂක නිලධාරියා “දැන් ඔයාද ටොයිලට් එකට ගියේ” යනුවෙන් ඇසීය. “ඔව් මම තමයි. ටී ෂර්ට් එක කිළිටි නිසා මාරු කරගත්තා” රතුපාට කමිසයකින් සැරසී අව් කණ්ණාඩිය නොමැතිව සිටි ඔහු සිගරැට් කිහිපයින් ආරක්‍ෂක නිලධාරියා අත තැබූ හෙතෙම පිටව ගියේය.
විනාඩි දහයකින් එතැනට පැමිණි තරුණයෙක් “අයියා මේක ඇතුළට කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන සන් ග්ලාස් එකක් දාගත්ත කෙනෙක් ගියාදැයි” ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. “ඔව් ඔව් ටොයිලට් එකටත් ගිහිල්ලා ඇඳුමක් මාරු කරගෙන යන්න ගියා”හෙතෙම පැවසීය.
“හරි වැඬේනේ මගේ ත්‍රීවීල් එකේ කිරිබත්ගොඩ ඉඳන් ආවේ. මෙතැනට ඇවිල්ලා කිව්වා මේක අපේ බොස්ගේ ඔෆීස් එක. එයාගේ කාර් එක තියෙනවා. ටිකක් ඉන්න මම සල්ලි අරන් එන්නම්” කියලා යැයි තරුණයා පැවසීය. “කීයද හයර් එක” ආරක්‍ෂක නිලධාරියා විමසූ විට “රුපියල් හත්සිය පනහයි” පැවසූ තරුණයා ත්‍රීරෝද රථය වෙත පැමිණියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා
අබේරත්න Monday, 05 September 2016 06:25 AM
‘ජේම්ස් බොන්ඩ්‘ වගේ පොරක්....(බ)
කලුතර කරූ Tuesday, 06 September 2016 02:16 PM
ජේම්ස් බොන්ඩ් නෙවෙයි මෝඩ මූසලයෙක් (අ)
මහේෂ් ඩුබායි Monday, 05 September 2016 09:34 AM
පුදුම කපටි මිනිස්සු. පව් අහිංසක රියදුරා. අද ලංකාවේ ජීවත් වෙන්න එක මොලයක් නෙමෙයි මොළ දහයක් තිබුනත් මදි. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. (බ)