වීමෝලකින් කොටාගත් සහල් උරයක් ත්‍රීවීල් රථයක පිටුපස තබාගෙන එය අයිතිකරුට භාරදී හයර් කුලිය ගැනීම සඳහා යමින් සිටි ත්‍රීවීලරයක් අතරමඟ නතර කොට හයර් එකක් යෑමට එයට ගොඩ වූ තරුණයකු අසමජ්ජාති වැඩක් නිසා ත්‍රීවීල් රථ රියදුරුට පොලිසි යාමට සිදුවූ සිද්ධියක් ගැන වාහල්කඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
ඒ අතරතුර ගල්කඩවල ප්‍රදේශයේදී බීමත් තරුණ පිරිසක් මාර්ගය අවහිර කරගෙන රණ්ඩු වෙමින් සිටියහ. ඉන්පසු එම පිරිසෙන් තරුණයකු ත්‍රීවීලරය ළඟට පැමිණ ‘‘අංකල් මාව කහටගොල්ලෑව හන්දියට දාලා එන්නකෝ. ඔයා ගන්න ගානක් ගන්න. මට හදිසියි ’’යැයි පැවසීය.
ත්‍රීවීල් රථ රියදුරා රථය ආපසු හරවා ඔහු රැගෙන කහටගොල්ලෑව හන්දියට පැමිණ, තරුණයා බස්සවා හයර් කුලිය රැගෙන ආපසු එම මාර්ගයේම ගල්කඩවල දෙසට ධාවනය කරමින් සිටියේය.
මේ එන අතර මගදී ත්‍රීවීල් රථ රියදුරාට හදිසියේම පිටුපස දමා තිබූ සහල් උරය මතක් වී ආපසු හැරී බැලුවේය.‘‘දෙයියෝ සාක්කි’’හාල් උරේ නෑනේ. එකත් එකටම අරූ හාල් උරයත් අරගෙන බහින්ඩ ඇති’’ යැයි තමාටම කියාගෙන හැකි ඉක්මනින් ආපසු රථය හරවා කහටගොල්ලෑව හන්දිය දක්වා වේගයෙන් ධාවනය කළේය. කහටගොල්ලෑව හන්දියට පැමිණි පසු ඔහු අවට විපරම් කර බැලුවත් ත්‍රීවීලරයෙන් පැමිණි තරුණයා පේන්නට නොසිටියේය. ඔහු තමාට වූ අකරතැබ්බය වෙළෙඳසල් හිමියන්ට පැවසීමෙන් පසු එක් වෙළඳසැල් හිමියෙක් කියා සිටියේ සහල් උරයක් රැගෙන තරුණයකු බසයට ගොඩ වූ බව තමා දුටු බවය.
පමණක්ද නොව, කඩහිමියා පවසා සිටියේ සහල් උරය රැගෙන ගිය තරුණයා තමා දන්නා අයෙකු බවත්, ඔහු වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ පදිංචි අයකු බවත්ය.
කළ හැකි කිසිවක් නොවූ තැන ත්‍රීවීල් රියදුරා වාහල්කඩ පොලිසියට සිද්ධිය පැමිණිලි කරන්නට පොලිසිය බලා යළි තම ත්‍රීවීලරය ධාවනය කළේය. එහිදී පොලිස් නිලධාරීන් හමුවේ තමාට වූ කරදරය ත්‍රීවීල් රථ රියදුරා පැවසුවේය.
එම අවස්ථාවේ කිසියම් අවශ්‍යතාවකට වාහල්කඩ පොලිසියට පැමිණ සිටි වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ තරුණයෙක්ද මෙම සිද්ධිය අසාගෙන සිටියේය. සිද්ධිය අසා සිටි ඔහු එහි කියැවුණු වගතුග අනුව වහාම ක්‍රියාත්මක වී පැමිණිල්ල පොතේ සටහන් කිරීමට පෙර පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මේ සොරකම කර ඇත්තේ තම සොහොයුරා බවය.
තම සොහොයුරා හොරකමට ඇබ්බැහි වී ඇති බවත් මෙම සිදුවීම දුරදිග නොයවා ත්‍රීවීල් රථ රියදුරාට සිදු වූ පාඩුවට වී මිටියක් ලබාදීමටද ඔහු එකඟතාව පළ කළේය.
පොලිසිය ත්‍රීවීල් රථ රියදුරාගෙන් කරුණු විමසීමෙන් පසුව ඔහු කියා සිටියේ ඔහුට නැති වූ හාල් මිටියට වී මිටියක් ලබාදෙන ලෙසය. කරුණු සලකා බැලූ පොලිසිය දෙදෙනාගේ එකඟතාව මත වී මිටියක් ලබා ගන්නා ලෙස ත්‍රීවීල් රථ රියදුරුට උපදෙස් දුන්නේය. ඉන් අනතුරුව සහල් හොරාගේ නිවසින් ත්‍රීවීල් රථ රියදුරාට ඔහුගේ සහෝදරයා විසින් වී මිටියක් ගෙනැවිත් දෙන ලදී. එම වී මිටිය යළිත් වී මෝලට රැගෙන ගොස් සහල් කොටා සහල් උරය අයිතිකරුට භාරදීම සඳහා ත්‍රීවීල් රථ රියදුරා ක්‍රියාත්මක වූයේය. ඒ අවස්ථාවේ ත්‍රීවීල් රථයට ගොඩ වූ රියදුරා ‘‘ මේවා කාට කාටත් මතක හිටින හොඳ පාඩම්’’ යැයි පවසමින් ත්‍රීවීල් රථය පණ ගන්වා නොපෙනී ගියේය.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන්