IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ත්‍රිවිලරයේ රෙද්ද උස්සන්න කීවාම ගෝලයා මුදලාලිගේ සරමෙන් ඇදලා

‘රෙද්ද උස්සන්න”‍ගොස් මුදලාලිගෙන් ගුටි පූජාවක් ලැබූ කඩේ ගෝලයකු පිළිබඳ අපූරු කතාවක් රජරට පුරවරයේ එක්තරා ග්‍රාමීය පෙදෙසක නගරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
එය ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සලකී. මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලේ  මුදලාලි ඉතා සැර පරුෂ තැනැත්තෙකි. වචනයක් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නට බැරිය. කන රත් වෙන්නට අතගාන්නේ කම්මුලය.
නිතරම සරම කැසපොට ගහගෙන සිටීම ඔහුගේ සිරිතය. මුදලාලිගේ බිරිය සහ දරු දැරියන් ඔහුගේ මෙම සරම ඇඳීමේ පිළිවෙත දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර ඇතත්, මුදලාලි සරම කැසපොට කවා සිටීම නතර කළේ නැත.
සිමෙන්ති ගැනීමට එන පාරිභෝගිකයන්ගේ ත්‍රී රෝද රථවලට හෝ යතුරු පැදිවලට සිමෙන්ති පැටවීම සිදු කරන්නේ කඩේ ගෝලයා විසිනි. එහෙත් මෙදින ගෝලයාගේ අතේ ඇති වූ තුවාලයක් හේතුවෙන් ඔහු අතට බෙහෙත් දමා අත වෙළාගෙන සිටියේය.


මුදලාලි ඔහුගේ නම කියා ඔහුට වැඩක් පැවරූ සැනින් ගෝලයා මහත් සේ කලබලයට පත්වී එය ඉටුකරන්නේ මුදලාලිට ඇති පක්ෂපාතී බව සහ ගුටි කෑමට ඇති බිය නිසාය.
එදින තරමක් මඳ වැසි ඇද හැලු‍ණු දිනයෙකි. ත්‍රී රෝද රථයක් වෙළෙඳ සල ඉදිරිපිට නවතා එයින් බැස ගත් කාන්තාවක මුදලාලිට මුදල් ගෙවා සිමෙන්ති මිටියක් ත්‍රී රෝද රථයට පටවන ලෙස ඉල්ලා සිටියාය.
වර්ෂාව නිසා ත්‍රීරෝද රථයේ දෙපැත්ත කාපට් දමා වසා තිබුණි. ගෝලයාගේ අත තුවාල වී ඇති නිසා මුදලාලි සිමෙන්ති මිටිය ඔසවාගෙන ත්‍රී රෝද රථය අසලට බැරි බැරි ගානේ ගියේය. එහි දොරටු කාපට් රෙද්දකින් වැසී තිබුණි. සිමෙන්ති මිටියේ බර ඉවසාගෙන සිටිය නොහැකි තැන මුදලාලි යටිගිරියෙන් කෑ ගැසුවේය.
‘‘ඒයි, කොල්ලෝ, විගහට මෙහාට වරෙන්, මේ රෙද්ද උස්සපන් යකෝ... මේ රෙද්ද උස්සපන් ”‍.යැයි කී සැණින් කඩේ කොලු‍වා එතැනට දුවගෙන විත්, දෙපාරක් නොසිතා මුදලාලිගේ සරම උඩටම එසැවීය.
සිමෙන්ති මිටිය ගැනීමට පැමිණි කාන්තාව දෑතින්ම මුහුණ වසාගෙන ආපසු හැරුණාය. මුදලාලි සිමෙන්ති මිටිය එතැනම බිමට අතහැරීය. සිමෙන්ති මිටිය හතරට පහට පැළුණි. එන පොට හොඳ නැති බව දැනගත් කොලු‍වා එතනින් එර්දි විය.
සිද්ධිය එතැනින් නිමා වුවද, අදටත් එම සිද්ධිය දත් ප්‍රදේශවාසීන් ”‍මුදලාලි, රෙද්ද”‍යැයි කියන විට ඇඳ සිටින සරම ඔසවා අසැබි ලෙස හැසිරෙන බවට දැන ගැනීමට ලැබුණි.

කැබිතිගොල්ලෑව  හේමන්ත රණසූරිය

 



අදහස් (0)

ත්‍රිවිලරයේ රෙද්ද උස්සන්න කීවාම ගෝලයා මුදලාලිගේ සරමෙන් ඇදලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 610 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 693 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1081 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9393 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 861 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 324 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site