IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තෙ​ෙල් බලේ වැඩිවී වඩේ වැඩේ අඩේට හිටලා

(වියලු‍ව වාර්තාකරු)
මේ දිනවල භාණ්ඩ අලෙවිය සිදුවන්නේ වෙළඳුන්ගේ හිතූ මනාපයටය. මේ ඒ පිළිබඳව කියැවෙන අපූරු, එහෙත් සත්‍ය සිදුවීමකි.


ඔහු වඩේ, පැටිස් ඇතුළු තෙල් කෑම වර්ග කීපයක් සකස් කොට පදික වේදිකාවේ වූ කුටියක තබාගෙන අලෙවි කරන්නෙකි.


එදිනෙදා හම්බකරන මුදලින් ඒ සඳහා අවශ්‍ය පොල්තෙල්, පාන් පිටි ආදිය මිල දී ගැනීමට ඔහු පුරුදු වී සිටියේ තොග වශයෙන් බඩු රැස් කොට තබා ගැනීමට තරම් වත්කමක් නොමැතිකම නිසාවෙනි.


 හෙතෙම උදය වරුවේ සුපුරුදු වෙළඳසලට ගොඩවී පොල් තෙල් බෝතලයක් මිලදී ගත්තේ ඒ වෙනුවෙන්  රුපියල් 680 ක මිලක් ගෙවමිනි.


 දහවල් වන විට පොල් තෙල් අවසන් වීම නිසා යළිත් එම වෙළඳසලට ගිය ඔහුගෙන් වෙළඳසල් හිමියා පොල්තෙල් බෝතලයක් වෙනුවෙන් රුපියල් 730.00 ක මුදලක් අය කරනු ලැබුවේ ‘තෙල් මිල ඉහළ ගියා’ යනුවෙන් පවසමිනි.


 කෙසේ වෙතත් සුපුරුදු වෙළඳාම කළ යුතුව තිබූ හෙයින් රුපියල් 730.00 ක් ගෙවා ඔහු පොල්තෙල්  බෝතලයක් රැගෙන ආවේ  කරන්නට අන් යමක් නොමැතිකම නිසාවෙනි. සවස් වරුවේ යළිත් ඔහු එම වෙළඳසලට ගොඩවූයේ පසුදින ආහාර සකස් කිරීමට අවශ්‍ය පොල්තෙල් ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගන්නටය.


 අදාළ වෙළඳසල්  හිමියා ඒ අවස්ථාවේ පොල් තෙල් බෝතලයකට රුපියල් 780 ක මුදලක් ඉල්ලා සිටියේ ඔහු   අන්ද මන්ද කරමිනි.


හිතූ මනාපයට මේ අයුරින් මිල ඉහළ දැමීම නොරිස්සූ ඔහු  පොල් තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළේ වෙනත් වෙළඳසලකින් මිලදී ගන්නා බව පවසමිනි. දැඩිසේ කෝපාවිෂ්ටව යාබද වෙළඳසලට ඔහු ගොඩ වූවේ හිතූ මනාපයට දිනක් තුළ තෙවරක් තෙල් මිල ඉහළ දැමූ වෙළෙඳසල් හිමියාටද හිතින් දෙස් දෙවොල් තබමිනි.


කරුමයක තරම කොතෙක්දැයි ඔහුට හැඟී ගියේ එම වෙළඳසලේ පොල් තෙල් බෝතලයක මිල ඒ වන විට රුපියල් 850 ක්ව තිබූ බැවිනි.


කෝපය දෙගුණ තෙගුණ වූ වඩේ වෙළෙන්දා පොල් තෙල් බෝතලය ආපසු බැරලයටම හලා මුදල් ඉල්ලාගෙන එතැනින් එළියට බැස්සේ ‘වඩේ විකුණනවාට වඩා හොඳයි කුලී වැඩක් කරන එක’ යැයි අවට සිටි පිරිසට පවසමිනි. 



අදහස් (1)

තෙ​ෙල් බලේ වැඩිවී වඩේ වැඩේ අඩේට හිටලා

fairoos Wednesday, 16 March 2022 12:31 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ජනතාව පාරට බස්සලා තමයි පස්ස බලන්නේ...!

:       1       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 296 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 842 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 823 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1151 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9472 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 880 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site