මියගිය ප්‍රාණකාරයෙකු ආවේශ වීමෙන් සිදුවන අඩන්තේට්ටම්, අපල උපද්‍රව දුරු කිරීම සඳහා තොවිලයක් කර කහ නූලක් ගෙල බැඳීමට පැමිණි කපු මහතකු බිල්ල වෙනුවෙන් මරා දමන ලද කුකුළා තම නිවසට යද්දී රැගෙන යා යුතු හෙයින් පිහාටු ගලවා ශුද්ධ පවිත්‍ර කොට ශීතකරණයේ අසුරා තබන ලෙස නිවැසියන්ට උපදෙස් දුන් බව කියැවෙන පුවතකි.
කට්ටඬියාට ආවතේව සඳහා පැමිණි තරුණයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය තවමත් මළගිය ඥාතීන්, යක්ෂයන්, ප්‍රේතයන් කෙරෙහි විශ්වාස තබා කටයුතු කරන වියලුවේ පිටිසර ගම්මානයකි.
නිරෝගීව සිටි ගමේ මැදිවියේ කාන්තාවක් නන් දොඩවමින් ඒ මේ අත දුවමින් විකාර ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ ඇයට මියගිය සිය පියා ආවේශ වී ඇති බව පවසමිනි.
නිවැසියන්ට මහත් කරදර ගෙන දෙමින් හැසිරුණු කාන්තාව නිසා නිවසේ දෛනික කටයුතු මෙන්ම දරුවන්ගේ සියලු කටයුතු ද සිදු කරන්නට සැමියාට සිදු වූ අතර රෝහලකට රැගෙන ගියද ඇයට නිසි සුවයක් නොලැබුණි.
ඇයට ඇත්තේ සුළු මානසික ආබාධයක් බව වෛද්‍යවරු පැවසුවත් එය පිළිගැනීමට අකමැති වූ නිවැසියා ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා පිටස්තර ප්‍රදේශයක නම් දැරෑ කට්ටඬියකු ගෙන්වා ගත්තේ ඔහු ලවා සිය බිරියට ආවේශ වූ පියා එළවා දැමීමට හැකි බව ටක්කෙටම විශ්වාස කරමිනි.
කල්තබාම නිවසට පැමිණි කට්ටඬියා තොවිලය සිදුකර කහ නූලක් බැඳීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලේඛනයක් ගෙහිමියාට ලබා දුන් අතර ඒ සඳහා ගමේ හැදුනු වැඩුනු පෘෂ්ටිමත් කුකුලෙකු ද අවශ්‍ය බව කියා සිටියේ තොවිලය අතරතුර මලගිය ඥාතියා වෙනුවෙන් බිල්ලක් ලබා දිය යුතු යැයි පවසමිනි.
වටින් ගොඩින් අඳුර වැටෙද්දී තොවිලය ආරම්භ කෙරිණි. ආතුර කාන්තාවට තමුන් ඉදිරිපස වාඩිවන ලෙස උපදෙස් දුන් කට්ටඬියා බෙර තාලයට අනුව මන්තර ගායනය පටන් ගත්තේ මල් බුලත් තට්ටුවට දෝත් මුදුන් දී වැඳ ආචාර කරමිනි.
දුම්මල ගසමින් මහ හඬින් මන්ත්‍ර ජප කළ කට්ටඬියා මැදියම් රැය ආසන්න වෙද්දී වැයෙන බෙර හඬින් ආවේශයට පත්වූ අතර පොල් මලක් අතට ගත් ආතුර කාන්තාවද කට්ටඬියා සමග හරි හැටි නටන්නට වූවේ සිය පියා තමුන්ට ආවේශ වී ඇතැයි පවසමිනි.
මිය ගිය ප්‍රාණකාරයා ආවේශ වී සිටි කාන්තාවට තම අත වූ පොල් මලෙන් පහර දෙක තුනක් එල්ල කළ කට්ටඬියා මෙම දැරිවියගේ සිරුරට ආවේශ වී සිටින තමුන් දැන් යා යුතු යැයි අණකළද එය ගණනකට නොගත් ආතුර කාන්තාව තව තවත් ආවේශයෙන් නටන්නට පටන් ගත්තේ එලෙස යාමට නොහැකි බව පවසමිනි.
ආතුර කාන්තාවගේ සිරුරෙන් ඉවත් වීම සඳහා කට්ටඬියා විසින් විවිධ දොළ පිදේනි යෝජනා කළද තමුන්ට ඉවත්ව යෑමට නම් කුකුල් බිල්ලක් ඇවැසි බව රෝගී කාන්තාව කියා සිටියේ සිය පියා අනුකරණය කරමිනි .
අවසානයේදී තව තවත් ආවේශ වූ කට්ටඬියා මල් බුලත් තට්ටුවේ ගැටගසා සිටි කුකුල් නාම්බාගේ බෙල්ල කඩා දමා නටන්නට පටන් ගත්තේ ‘දැන් ඉතින් පලයන්’ යයි රෝගී කාන්තාවට තවත් පොල් මල් පහර කිහිපයක් එල්ල කරමිනි.
තවත් මොහොතක් ආවේශ වී නටන්නට වූ ආතුර කාන්තාවත් කට්ටඬියාත් බෙරහඬ නිමාවට පත් වෙද්දී ඒ අසල ඇද වැටුණේ තොවිලය නිමාවට පත් කරමිනි.
ආවතේවයට සිටි තරුණයාගේ කහ වතුර ප්‍රහාරයකින් පියවි සිහියට පත් ආතුර කාන්තාව තමුන්ට දැන් හොඳ යයි ලැජ්ජාවෙන් ඇඹරෙමින් නිවසට රිංගද්දී ආවතේව කරු ඇමතූ කට්ටඬියා කියා සිටියේ ‘පුතා අර කුකුළා ගෙනිහින් සුද්ද කරල අයිස් පෙට්ටියට දාපන්. හැබැයි මම උදේට යනකොට මතක් කරලා ඕක දීපන්’ යනුවෙනි.
කිසිවෙකුට නැතත් කට්ටඬියාගේ ගුරුකම්වලට බිය වූ සියලු දෙනාම ඔහු භාර දුන් රාජකාරිය අකුරටම ඉටු කළේ කට වරද්දා ගතහොත් පෙරකී කාන්තාවට අත්වූ ඉරණම තමුන්ට ද අත්විය හැකි යැයි එකිනෙකාට පවසමිනි.
වියලුව වාර්තාකරු
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොවිලයට ආ කට්ටඩියා කුකුළා අයිස් පෙට්ටියේ හංගලා
සුරංගොඩ Wednesday, 30 March 2022 06:53 AM
ලංකාවේ පාලකයෝත් කරන්නේ මෝඩ මිනිස්සු රවටාගෙන ඕකම තමයි...