IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තහනම් ගහේ ගෙඩි කෑ සැමියාට බිරියගෙන් අපූරු පාඩමක්

වෙනත් තරුණියක සමඟ පැන ගිය සැමියා තමාට පෙනෙන්නට ගෙවල් ළඟ පාරේ වැඩ කිරීමට ආ විට සැමියා නැතිවුවද තමා සතුටින් සිටින බව දැන්වීමට කැසට් යන්ත‍්‍රය මහා ශබ්දයෙන් දමා සාලයේ නැටුමක් නැටූ බිරියක් ගැන දකුණු පළාතේ ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මෙම සැමියා දරුවකු සිටින බිරිය අතහැර ගොස් දැනට වසරක් පමණ වෙයි. ඔහු පදිංචි වී සිටින්නේ අල්ලපු ගමේය. තමාගේ පන්තියේ එකට ඉගෙන ගත් මිතුරියක සමඟ පැන ගිය සැමියා ඇයට පෙනෙන්නට පැමිණ නොසිටියේය.


මීට සතියකට පමණ ඉහත දී ඔහු බිරියගේ ගෙවල් පාරේ වැඩ බිමක වැඩ කරමින් සිටිනු බිරිය දුටුවාය. ඔහු ගණනක් නැතිව ගේ ළඟටම ආවේ තමාට පෙනෙන්නට බව සිතූ බිරිය සාලයේ තිබූ කැසට් රෙකෝඩරයට අලූත් සින්දු තැටියක් දමා සැමියාට ඇහෙන්නට හඬ වැඩි කර තිබේ. සාලයේ එහෙට මෙහෙට නටමින් ඇය සතුටින් සිටින බවද ඇඟවූවාය. එය දුටු සැමියා හෙමිහිට රූටා ගොස් තිබේ.


(කොස්ගොඩ - කමල්ශ්‍රී ලියනගේ )



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි කෑ සැමියාට බිරියගෙන් අපූරු පාඩමක්

සුමුදු Thursday, 06 November 2014 09:23 AM

ලැජ්ජා නැති පිරිමියෙක්. හැබැයි කාන්තාවගේ වැඩේ නම් නියමයි (නි)

:       0       0

සිරිසේන Thursday, 06 November 2014 05:20 PM

ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

සාගරිකා Saturday, 08 November 2014 10:34 AM

හොද වැඩේ ඔය වගේ පිරිමින්ට.(හේ)

:       0       0

චාන්දනී Thursday, 06 November 2014 02:35 AM

බුද්ධිමත් බිරියක්. සමහරු වගේ පාරේදී බෙල්ලෙන් අල්ලාගෙන අප්‍රසාදය පළකිරීමක් නොකර මෙහෙම තමන්ගේ අදහස ප්‍රකාශ කරන එක කොච්චර හොඳයිද? තමන්ට ඇත්තටම කරන්න තිබෙන්නේ මෙහෙම සැමියෙක් ඕනෑ නැහැ කියලා සන්තෝෂයෙන් සින්දුවක් කියාගෙන ජීවත්වෙන්න. (නි)

:       0       0

සුජීව Sunday, 09 November 2014 01:11 AM

හුගක් කාන්තාවන් දරුවෙක් ලැබුනට පස්සේ දැන් මම වයසයි ඒ නිසා ලිංගිකත්වය ගැන හිතන්නේ නැහැ. පිරිමියාට අවැසි සතුට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි හුගක් පිරිමි පිට යන්නේ. මෙහෙම දේවල් සිදුවන්නේ ගොඩක් දුරට පිරිමින්ගේ වරදින් නෙවි කාන්තාවන් හිතන්නේ නැති නිසා (නදී)

:       0       0

තිළිණ Thursday, 06 November 2014 02:44 AM

තහනම් ගහේ මුලින්ම ගෙඩි කෑවේ මේ ලෝකයේ බිහිවූ පළමු කාන්තාව සහ පුරුෂයාලු නේද? (නි)

:       0       0

වාසනා Sunday, 09 November 2014 01:53 AM

මෙන්න නියම කාන්තාවෝ! (නි)

:       0       0

සුජීව Sunday, 09 November 2014 01:53 AM

බලන්නකෝ අපේ පණ්ඩිත ආච්චි අම්මලාගේ අදහස් ටික. (නි)

:       0       0

දිලිනි Thursday, 06 November 2014 10:26 AM

බොහොමයක් පිරිමින්ට නෝනලා එපා වෙන්නේ ඒ කාන්තාවන් ළඟ තිබෙන සැර පරුෂ ගති ගුණ නිසා. ඉතින් පැණි බේරන සිහින් ස්වරයෙන් කතා කරමින් පූසන් වගේ ළඟ දැවටෙන අයට පිරිමින්ගේ හිත යනවා. වැරැද්ද බිරින්දාවරුන්ගේමයි. (බ)

:       0       0

දමින්ද Friday, 07 November 2014 09:59 AM

මනුස්සයාට දුක හිතෙන්න ඇති නේද?(හේ)

:       0       0

යශෝධා Thursday, 06 November 2014 03:43 AM

මෙන්න නියම ගැහැණු! (නි)

:       0       0

සිරිසේන Thursday, 06 November 2014 03:43 AM

"කැසට් සරණම් නටාමි" කිවුවලු (නි)

:       0       0

රූපවතී Thursday, 06 November 2014 07:48 PM

ප්‍රවෘත්තියටත් වඩා මට සිරිසේන අයියාගේ වචන දෙකතුනට ඉල කැඩෙන්න හිනාගියා (නි)

:       0       0

පද්මේන් Friday, 07 November 2014 10:23 AM

100% ක් සර්ව සම්පුර්ණ බිරින්දෑවරු හෝ සැමියන් ලෝකයේ නැහැ .සුළු සුළු අඩුපාඩු තිබුනත් විවාහය දෙදරා යා නොදී රඳවා තබාගැනීම දෙදෙනාගේම යුතුකම.සාමාන්‍යයෙන් කසාදය වැනි දේ ජීවිතයේ විටින් විට කරන දෙයක් නොවේ.අතහැර ගිය අයකු ගැන දැනෙන වේදනාවට වඩා වැඩියි ජීවිතය හැරගිය සැමියෙකු බිරිඳක ගේ වේදනාව.අතහැර ගිය අය වෙන කෙනෙකු සමඟ හෝ සතුටින් සිටිනවා යයි සිතා සතුටුවෙන්න පුළුවන්.ජීවිතය හැරගිය කෙනා කොහේ ඉන්නවාදැයි කවුරුත් දන්නේ නැහැ.ඉන්න ටික කාලයේ සතුටින් සමගියෙන් ඉන්න.නැතිවුනහම වේදනාව දරාගන්න බැහැ.(හේ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 06 November 2014 03:57 AM

අත්තෙන් අත්තට පනින කුරුල්ලට මොකද වුණේ? අන්න ඒ වාගේ දෙයක් තමා අන්තිමට ඔය මනුස්සයට වෙන්නේ. (නි)

:       0       0

සමන්ති Thursday, 06 November 2014 08:40 PM

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන (නි)

:       0       0

හේමන්ත Thursday, 06 November 2014 05:28 AM

ඇගේ යටිහිතෙන් පෙනෙන්නේ සැමියකු නැතිවීම බිරියකට දුකක් බවයි. ඇය සැබවින්ම ඔහු අමතක කර ඇත්නම් කැසට් දාන්නවත් නටන්නවත් ඕනෑ නැහැ. ඇයට ඉක්මනින් හොඳ සහකරුවකු ලැබේවා යන්න මගේ පැතුමයි. (නි)

:       0       0

ඇනෙස්ටා Thursday, 06 November 2014 01:04 PM

හරි හොඳ ආත්ම ශක්තියක් තියන ගැහැණු කෙනෙක්..එයාගේ ජීවිතයට හොඳ කරුණාබර සැමියෙක් හමුවේවා....(බ)

:       0       0

චන්ද්‍රා Thursday, 06 November 2014 05:59 AM

දාලා යන කෙනාට එහෙම යන්න සිත්දෙන්නේ ඊට වැඩිය හොඳ කෙනෙක් තමන්ට ලැබෙන්න වාසනාව තිබෙන නිසයි (නි)

:       0       0

දිනේෂා Thursday, 06 November 2014 01:11 PM

හොඳ වෙලාවට එහෙම සිතුවිල්ලක් හිතුනේ (නි)

:       0       0

සිරිසේන Saturday, 08 November 2014 01:45 PM

මරු වැඩේ ඔයවගේ ගෑනුන්ට. ඒ මිනිහ ඉන්දැද්දී නටන්න බැරි වුණාද? කැසට් ගෙදර තිබුනේ නැතිද?අනේ යාලුවා අරන් ගියාලුනේ?

:       0       0

සමන්තලාල් Thursday, 06 November 2014 06:27 AM

ඇත්තටම එයා සතුටින් කියලා හිතනවාද? (නි)

:       0       0

දිසානායක Thursday, 06 November 2014 01:43 PM

නොන්ඩි වුනාද දන්නේ නෑ.(හේ)

:       0       0

අචිර Friday, 07 November 2014 02:27 PM

මට නම් මගේ බිරිය හා මගේ දරුවන් නොදැක ඉන්න බැහැ.සුළු නෝක්කාඩු ඇති වුණත් ඒවා පොඩි වෙලාවකට විතරයි. (නි)

:       0       0

නලීන් Friday, 07 November 2014 03:36 AM

තමන්ට ආදරේ නැති මිනිහෙක් වෙන ගෑනියෙක් එක්ක ගියා නම් මිනිහට පෙන්න නොවේ සදහටම නට නටා ඉන්නන්යි තියන්නේ, ජීවිත කාලයටම බොරු කාරයෙක් එක්ක රැවටීමට ලක් වෙලා ජීවත් වෙනවට වැඩිය.(හේ)

:       0       0

හරීන් Thursday, 06 November 2014 07:17 AM

මෙහි ඉතා වටිනා දෙයක් තිබේ. මගේ කලින් හිටි බිරින්දෑවරුන් දෙදෙනාම වෙන් වෙන්න ළං වෙනකොට සින්දුවෙන්ම තමා කාලය ගතකළේ. මුලදී මම හිතුවා එයාට ගානක් නැහැ කියලා. දෙවැනියත් සින්දුවෙන්ම අන්තිම කාලය ගතකරනකොට මම දැනගත්ත වැඩේ හරි, මේකත් ඉවර තමා කියලා. ඔය සින්දු කියන්නේ හොඳින් ඉන්න බව ලෝකෙට පෙන්වන්න මිසක් සැබෑවට නොවේ. මේක ඉතා හොඳ පෙරනිමිත්තක්. (නි)

:       0       0

චමිලා Thursday, 06 November 2014 03:43 PM

මොලේ තියන කාන්තාවක් . ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ .ඔයාට හොද කෙනක් ලැබෙන්න ඕන .(බ)

:       0       0

අසෝකා Thursday, 06 November 2014 03:59 PM

මොලේ කල්පනා කරලා වැඩ කරන ආදර්ශමත් කාන්තාවක්! (බ)

:       0       0

පබසරා Saturday, 08 November 2014 07:03 PM

කාන්තාව තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කර ඇත. (නි)

:       0       0

ධම්ම Thursday, 06 November 2014 08:28 AM

සතුටින් නටමින් සිටි ඇය දුටුවාම සතුටු වෙන්න එපායැ. ඔයත් අලුත් පවුලත් එක්ක සතුටින් ඉන්නවා නම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 311 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 347 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 606 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 640 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 908 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 464 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site