ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක් වීමට ගොස් ඇය අනූනවයෙන් බේරුණු පුවතක් පසුගිය දිනක රාජාංගනය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව සැමියා ගස් නැගීමට පළපුරුදු අයකු නොවන බව කියයි.
තරුණ අඹුසැමි යුවළක වන ඔවුන්ගේ ගෙවත්තේ තරමක් උස තැඹිලි ගසක සරුවට වැඩුණු ගෙඩි විසිපහක තිහක පමණ විශාල තැඹිලි ඉත්තක් තිබී ඇති අතර එහි ගෙඩිවලට අනතුරක් නොවී බිමට බෑම සඳහා කැපූ අවස්ථාවේ දී වූ සිද්ධියක් මෙම කතාවට හේතු පාදක වෙයි.
තැඹිලි සඳහා පසුගිය කාලයේ වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් තිබුණද මේ දිනවල අදාළ ප්‍රදේශයට නිරන්තරව පවතින වර්ෂාව හේතුවෙන් වෙනදා තරමට ඒ සඳහා ඉල්ලුමක් නැති බව කියයි. ඒ අනුව වෙනදා තැඹිලි මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් පවා කාලෙකින් අදාළ ප්‍රදේශයට පැමිණ නැති බවත් කියයි.
තවදුරටත් සිය ගෙවත්තේ තැඹිලි ගසේ මෝරමින් පවතින විශාල තැඹිලි ඉත්ත පැසී යන්නට පෙර කපා යතුරුපැදියේ පටවාගෙන කඩමණ්ඩියකට හෝ රැගෙන ගොස් කිසිවකු ඉල්ලන ගානකට වුවද විකිණීමට තීරණය කළ සැමියා ඒ බව බිරියටද පවසා ඇති බවත්, එහිදී බිරියගේද කැමැත්ත ඊට ලැබීම නිසා දෙදෙනාම එකතුවී තැඹිලි ඉත්ත කපා පරිස්සමින් බිමට බෑමට සූදානම් වී ඇති බවත් පවසයි.
තැඹිලි ඉති කපා බිමට හෙළුවොත් ගන්න දෙයක් ඉතිරි නොවන නිසා කවුරු ගස් නැග තැඹිලි කැපුවත් ලණුවක ආධාරයෙන් ඉත්ත බිමට බෑම සුපුරුදු ක්‍රමවේදය වෙයි. ඒ අනුවම යමින් අදාළ ගෙවත්තේ හිමිකරු ද මෙහිදී වැඩේට සරිලන නයිලෝන් ලණුවක් ද සොයාගෙන ඇත. අනතුරුව එහි කොනක් ගස යට සිටි බිරියට අල්ලා ගන්නට දී ලණුවේ අනෙක් කෙළවර ඔහු කටින් හපාගෙන පළපුරුදු අයකු සේ පිහියක් ද ඉනේ ගසාගෙන දෙපයේ ලූ රෙදි වළල්ලක ආධාරයෙන් මහත් වෙහෙසක් දරා ගහට නැග ඇති බවද කියයි.
ගහට නැගි ඔහු පසුව ඔහු සතු ලණුවේ කෙළවර අවශ්‍ය ආකාරයට තැඹිලි ඉත්තේ (දණ්ඩේ) ගැට ගසා ලණුවේ අනිත් කෙරවල තදින් ඇද අල්ලා ගන්නා ලෙසට බිරියට පවසා ඇත. ලණුව ගැට ගැසූ තැනට පිටුපසින් (ලණු ගැටය තැඹිලි ඉත්තේ ඉතිරිවන ලෙසට) ඉත්ත කැපිය යුතු නමුත් මෙහිදී ගහ යටට වී ලණුව අල්ලා සිටි බිරිය ලබාදුන් සංඥාවකින් පසුව ඔහු එක්වරම සිය අත තිබූ පිහියෙන් තැඹිලි ඉත්තට පහරක් එල්ලකර ඇත. මෙහිදී කැපුණු තැඹිලි ඉත්ත ලණුවේ එල්ලී තිබිය යුතු වුවත් එය එසේ නොවී එක්වරම පහළට ඇද වැටී පුපුරා ගොස් සීසීකඩ විසිරී ගොස් ඇති බව ද කියයි.
මෙහිදී ගහඋඩ සිටි පුද්ගලයාට ‘හුටා’ යැයි කියැවී ඇති අතර පහළ සිටි ඔහුගේ බිරිය ද ඒ සමගම‘‘අම්මෝ” යැයි මහ හඬින් පවසා ලණුව අතහැර ගහ මුලින් ඉවතට පැන ඇගේ දිවි බේරාගෙන ඇති බවද කියයි.
සිදුවී ඇත්තේ කුමක්දැයි මෙහිදී ගහඋඩට වී භීතියට පත්ව සිටි සැමියා විපරම්කර බලද්දී ඔහුට දැක ගැනීමට ලැබී ඇත්තේ තමා තැඹිලි ඉත්ත කපා ඇත්තේ එහි ලණුව ගැට ගැසූ තැනට පිටුපසින් නොව ඊට ඉදිරියෙන් (ලණුවේ ගැටය ඉත්තට හසු නොවන අයුරින්) බවත් එම නිසා තැඹිලි ඉත්ත කැපූ සැණින් බිමට වැටී ඇති බවත්ය.
‘‘මදෑ ඔයින් ගියා පිහිය බිමට දාල ඔයා පරිස්සමට බහින්න’’යැයි පහළ සිටි බිරිය ගහඋඩ සිටි සැමියාට එහිදී පවසා ඇති බවද කියයි.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තැඹිලි කපන්න ගිහින් ජංජාලයයි