කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
සිය පුතණ්ඩියා විදෙස් රටක දුක් විද එවන මුදලින් ලේලිය හැඩවැඩවෙන එක මේ නැන්දම්මාට දිරෙව්වේ නැත. විශේෂයෙන් ලේලිය දෙතොල් රතුකරන එක ඇයට දෑහෙට පෙන්නන්න බැරි එකක් විය. එළිපිටම එයට විරුද්ධ වන්නට ඇයට ශක්තියක් නොවීය. ඒ පුතා තමාගේ වුවත් දැන් ඇය නඩත්තු වන්නේ ලේලියගෙන් වීමනිසාය.
නහින්න ළඟ වෙලාවේ නිවසින් එළියට යාමට සිදුවුවහොත් එයින් තමාට වන අනර්ථයේ දිග පළල මනසින් අවබෝධවීමත් මෙයට හේතුවක් නොවූනාම නොවේ. ලේලියත් එක්ක කෙහෙවලු පටල ගත්තොත් පුතණ්ඩියත් ලේලියගේ පැත්ත ගන්න බව දන්නා මේ නැන්දම්මා ලේලියගේ මොනවරද තිබුණත් ඉවසනු විනා ඊට වෙනත් විකල්පයක් නොවීය.
ලේලියගේ දෙතොල් රතු පාටව තිබෙනු දකින සෑම අවස්ථාවකදීම සිය ලේලිය මේ නැන්දම්මාට පෙනුනේ අමු මස් මාංශ අනුභව කළ යකින්නක් මෙනි. මෙය වහෙන්ඔරෝ භාෂාවෙන් ඇයට කීවද ලේලිය එය තුට්ටුවකට මායිම් නොකළාය. මුවින් නොබැන්නත් මේ සිද්ධිය හමුවේ නැන්දම්මා සිටියේ නැතිකර නොගත් කේන්තියකිනි.
එදාත් ගමනක් යන්න ලක ලැහැස්තිවුණු ලේලිය දෙතොල් රතු පාට කරන ටියුබය ඇර කැඩපත ඉදිරියේ දෙතොල්වල උලා ගත්තාය. ගතවූයේ ටික වේලාවකි. බුදු අම්මෝ ඉන්න බැරියෝ යයි දෙතොල් අල්ලාගෙන ඇය කෑ ගසමින් මුලුතැන් ගෙයි සවිකර තිබූ ජල කරාමය කරා දිව ගියේ වේදනාවෙන් පුපුරු ගසන දෙතොල් සෝදා දැමීමටය.
ලේලිය දෙතොල් අල්ලා කෑගසන අයුරු කාමරයේ දොර රෙද්දක් අස්සෙන් බලා සිටියත් මේ නැන්දම්මා එළියටනම් නොආවාය. ඒ ලේලියගේ දෙතොල් රතු කිරීමට එරෙහිව තමා ලේලිය දෙතොල් රතු කරන ටියුබයට මිරිස් කුඩු තැවරුවේ තමා යයි සිය මුහුණෙන් පිළිඹිබු වේ යයි ඇතිවූ සාධාරණ සැකය නිසාලු.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප්රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
විශ්රාම ලැබූ ග්රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
එක්තරා ආයතනයක ප්රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලුදෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්රභාව බොහෝ ප්රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා