IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


තේ බොන්න සීනි උස්සලා මුදලාලිට එලෝ පොල් පෙනිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නිවෙසේ තේ පානයට මාසයකට යන රුපියල් දෙතුන් සියයේ සීනි වියදම පියවීමට අලෙවි සලේ සීනි ගෝනිවලින් සීනි ඇද්ද තොග මුදලාලි කෙනකු සම්බන්ධ පුවතක් අපේ ගම්පළාතෙන් වාර්තා වේ.


අහල ගම් හතකටම තොග බඩු සපයන නගරයේ වෙළෙඳසලකි.මේ තොග වෙළෙඳසලෙන් ගමේ සිල්ලර වෙළෙඳසලකට ගෙන ගිය සීනි මිටියක තිබී හිස් කිරිටින් එකක් හසුවූයේ මේ ඊයේ පෙරේදාය. සිල්ලර වෙළෙඳසලේ මුදලාලි එම සීනි මිටියේ බර කිරුවේ ඇතිවූ සැකය නිසාමය. එහි නියම බරට වඩා කිලෝග්‍රෑම් එකකට වැඩියෙන් අඩුවෙන් තිබුණේය. වහාම සිල්ලර වෙළෙඳසල් හිමියා නගරයේ තොග වෙළෙඳසල් හිමියා මුණගැසෙන්න ගියේය. එහිදී තමාගේ සීනි මිටියේ තිබූ හිස් කිරි ටින් එක පිළිබඳවත් සීනි මිටියේ සීනි අඩු බවත් කීවේය.


 ගෝලයා දෙසට ඇඟිල්ල දික්කොට තොග වෙළෙඳසලේ මුදලාලි එකත් එකටම මේකා හොරට සීනි ඇදලා මතක නැතිව හිස් කිරිටින් එක ගන්නේ නැතිව සීනි ගෝනිය මහන්න ඇතියි කීවේය. මෙය ඇසූ ගෝලයාට යකා නැග්ගේය. ‘පට්ටපල් බොරු කියන්න එපා මුදලාලි, ඔයානේ ගෙදර තේ බොන්නයි කියලා මට කියලා සීනි අද්දව ගන්නේ’ යයි කීවේ ඔහුගේ ඇඳුම් සියල්ලම ගැලවෙන පරිද්දෙන් කතා කරමින්ය.


 ගමේ සිල්ලර වෙළෙඳසල් හිමියාට කරුණු කාරණා තේරුම් ගියේය. මාසයකට මේ තොග වෙළෙඳසලෙන් ලක්ෂ ගණනක  බඩු ගන්න ඔහු එදායින් පස්සේ මේ වෙළෙඳසල පැත්ත පළාතේවත් නොගියේය. එමෙන්ම තමන් දන්න මේ වෙළෙඳසලෙන් බඩු ගන්නා අනෙක් ගම්වල වෙළෙඳසල් හිමියන්ද මේ පිළිබඳව දැනුවත් කළේය.


 සිය වෙළෙඳසලෙන් බඩු ගැනීමට ගම්මානවල සිල්ලර වෙළෙන්දන් වෙනදා මෙන් නොඑනු දුටු තොග මුදලාලි සිය හාමිනේ සමග කීවේ මාසකයට යන රුපියල් සීය දෙසීයක සීනි මුදල පියවා ගන්න ගිහින් මා වැටුණු අමාරුවක තරම යයි කීවේ ගෝලයාටද ශාප කරමිනි.

 



අදහස් (0)

තේ බොන්න සීනි උස්සලා මුදලාලිට එලෝ පොල් පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 268 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 431 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 594 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 622 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 707 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 692 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 638 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site