(වියලුව වාර්තාකරු)
සුරූපී තරුණියක යැයි සිතා කාන්තාවක පසුපස ගොස් ආදරය ඉල්ලා සිටි තරුණයකු එම කාන්තාව සිය මුහුණ ආවරණය කරගෙන සිටි මුව ආවරණය ඉවත් කිරීමත් සමගම පැන දිවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
අඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ප්‍රදේශයේ සහන මිලට භාණ්ඩ අලෙවි කරනු ලැබූ රජයට අයත් වෙළෙඳසලක සිටි පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය පළාතේ පිහිටි ප්‍රධාන නගරයකි.
සැමන් සහ පරිප්පු අඩු මිලට ලබාදීමට පියවර ගැනීම නිසා උදෑසන සිටම එහි පැවතියේ කිලෝමීටරයක් පමණ දිගු පෝලිමකි.
නගරයේ පිරිස් මෙන්ම ගම්බද ප්‍රදේශවලින් පැමිණි බොහෝ පිරිසක් ද සිය වාරය පැමිණෙන තුරු පොලිමට වී සිටින්නට වූහ.
පෝලිමේ සිටි මුව ආවරණයක් පැළඳි කාන්තාවක කෙරෙහි කාගේත් නෙත් යොමු වන්නට වූයේ ඇය ඇඳ සිටි ඇඳුම සහ ඇගේ බාහිර විලාසය සිත්ගන්නාසුළු වීම නිසාවෙනි.
උදෑසන සිටම ඇය කෙරෙහි ඇස ගසාගෙන සිටි නගරයේ තරුණයකු හෙමින් සීරුවේ පෝලිමේ ඇය සිටි ස්ථානයට රිංගා ගත්තේ අසල සිටි කීපදෙනකුගේ විරෝධය ද නොතකමිනි.
දිගු වේලාවක් කාන්තාව අසල ගැවසෙමින් සිටි තරුණයා ඇය කතාවට අල්ලා ගත්තේ ආගිය තොරතුරු විමසීමෙනි.
ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටි කාන්තාව එතෙක් සිය මුව ආවරණය කරගෙන සිටි මුඛ ආවරණය ඉවත් කරනු ලැබුවේ බොහෝ වේලාවක් සිය මුඛය තුළ රඳවාගෙන සිටි බුලත් කෙළ ඉවතට විසි කිරීමේ අවශ්‍යතාව මතු වූ හෙයිනි.
මුඛ ආවරණය ඉවත් කළ ඇසිල්ලේම ඇය මෙතෙක් වෙලා තමුන් සමග දැඩි ලෙන්ගතුකමකින් කතා බස් කරමින් සිටි තරුණයාට මුව පුරා රැන්දූ සිනහවකින් සංග්‍රහ කරන්නට ද අමතක නොකළාය.
යොවුන් වියේ පසුවන කාන්තාවක ලෙස ඇය පෙනී සිටිය ද, ඇය මැදිවිය ඉක්ම වූ වයස්ගත කාන්තාවක බව ඔහුට අවබෝධ වූයේ මුව වැස්ම ඉවත් කොට දත් දෙක තුනක් හැළුණු බුලත් කෙළ තැවරුණු මුව විදහා සිනහ වීමත් සමගය.
එතෙක් වෙලා සිහින ලොවක අතරමංව සිටි තරුණයා හෙමින් සීරුවේ පෝලිමෙන් අතුරුදන් වූවේ පෙර කී කාන්තාවටද නොකියාමය.
සිද්ධිය කණ වැකුණු පිරිස් ‘‘මල්ලි කොහොමද අර කෙල්ල’’ යැයි අසද්දී දැන් ඔහුට මළ පනිනවාලු.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැක්ක ගමන් හිත ගිහින් අන්තිමේ නාගෙනම ඇවිදින්