IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දොඩම් පලදාව ගන්න ගිහින් ඇඳිවතත් අහිමි කරගෙන

මේ එක් එක් කෙනා විවිධ නම්වලින් හඳුන්වන ගමකි. ඇතැමුන් ගෞරවය පිණිසත් ඇතැමුන් පෞරාණිකත්වය උදෙසාත් හඳුන්වන ගමේ නම සේම ගොවිතැන් බතින්ද පිරිපුන් ප‍්‍රදේශයකි.


කුඹුරේ වැටට සිටවූ පැල ඉනි පවා එළවළු භෝග වැල් වලින් පිරෙද්දී ඒ පැත්තේ එක් අයකුගේ භෝග මදක් නිසරු බවින් යුතු විය.
එය ඔහුට මහත් සිත්තැවුලකි. කියූ කියූ තැන් වලින් උපෙදස් ප‍්‍රතිකාර ලබා භාගයක් පමණ සාර්ථකත්වයක් ලැබුවද දන්නා කියන ක‍්‍රමයට හිටවූ දොඩම් ගස්වල ගෙඩි හට නොගත්තේය.


කල වයසත් හරිය ගෙඩි එනවා නම් ගසේ අතු බරවීමට තරම් මේ වනවිට ගෙඩි හටගෙන තිබිය යුතුය.මෙසේ කනස්සල්ලෙන් පසුවෙද්දී දිනක් උදෑසන අසල්වැසියකුගෙන් කෙම් උපදේශයක් ලැබුණි.
වැසි ඇති දිනක රාත‍්‍රියක කතා නොකර නිරුවතින් ගොස් මෝල් ගසකින් ගසට පහර දෙන්න හරියටම හරි.පැරැන්නකුගේ එම අදහස ඉසමුදුනින් පිළිගත් නූතනයේ පසුවන මොහු වැසි ඇති රාත‍්‍රියක් උදාවෙනතුරු බලා සිටියේය.


”අද සන්ධ්‍යා කාලයේ හෝ රාති‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ”
උදෑසන ගුවන් විදුලියේ එසේ ඇසුණු කාලගුණ වාර්තාව ඔහුට සතුට ගෙන දෙන්නක් විය.
රාත‍්‍රිය ළංවෙද්දීම වැසි බීරම ඇතිවී කී සේම ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන්නට විය.
ඒත් සමගම කෙම් පිළිවෙත සිහියට ගත්තේය.


එහෙත් ගැටලූවකි. එදින රාත‍්‍රිය නිවැසියන්ට අමතරව හිතවතුන් පිරිසක් ද පැමිණි දිනයකි.
ඒ එසේ වුවත් කාලයක සිට බලා සිටි කෙම කළ යුතුය.
ඔහු වහා මුළුතැන්ගෙට ගියේය. මෝල් ගස අතට ගත්තේය. එළිමහනේ විදුලි පහන් නිවා දැමුවේය.
ඇඳ සිටි වස්ත‍්‍රය උනා දමා දොර ඇරගෙන එළියට බැස්සේය.


දොඩම් ගස අසලට වේගයෙන් දිව යද්දීම දඩාස් යන හඬක් ඇසුණි. ඒ මුළුතැන්ගෙයි දොර වැසෙන හඬය.
ඒත් සමගම එදෙසින් මෙලෙසද ඇසුණි. කවුද මේ දොරවල් ඇරලා දාලා තියෙන්නේ. සත්තුත් රිංගනවා. මේ වහින වෙලාවේ.
ආ.... වේගයෙන් දොඩම් ගසට පහරදීම කෙසේ වෙතත් ඇඳි වත නොමැතිව කුමක් කරන්නේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
ඒත් සමගම කළුවරේ ඔහුට සොයාගත හැකි වූ යේ  ළිඳ අසල වැලක තිබූ බිරිඳගේ චීත්තයකි.



අදහස් (0)

දොඩම් පලදාව ගන්න ගිහින් ඇඳිවතත් අහිමි කරගෙන

සුලෝචන Monday, 08 July 2013 09:24 AM

මට හිතෙන හැටියට මෙය සිදුවී ඇත්තේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ විය යුතුයි! (නි)

:       0       0

උපාලි Tuesday, 09 July 2013 05:20 AM

අලුත් 'නීල පට දර්ශනයක්' බිහිකරන්න තිබුන එයාට. දන්නව නේද කතාව. බොහොම ඉස්සර කාලේ හිටපු එක්තරා හොර චීවර ධාරියෙක් මහා රෑ අනියම් උපාසිකවකගේ ගෙදරට ගියා . ගෙහිමියා ගමනක් ගිහින් ඉඳලා රෑ මැද ආපහු ඇවිත් දොරට තට්ටු කරනකොට මිනිහා පස්සා දොරෙන් පැනලා දිව්වා. ඒ දුවන ගමන්ම රෙදිවල් පොටේ තිබිල අතට අහුවුණ චීත්තෙකුත් ඇඟේ පටලව ගත්ත. ආපහු ගියාම පන්සලේ හිටපු දායකයෙක් ඇහුවා 'මොකද හාමුදුරුවනේ නිල් පාට සිවුරක් දාගෙන' කියලා. "උපාසක මහත්තයෝ මං දැන් අදහන්නේ නීල පට දර්ශනය" කිවුවා. (නි)

:       0       0

රූපවතී Monday, 08 July 2013 09:25 AM

ඇති... චීත්තයක් ඇදගෙන එන විට ගෙදර මහයියගෙන් මෝල් ගස් පහරක් නොලැබුන එක (නි)

:       0       0

සමීර් Monday, 08 July 2013 05:36 PM

ගස් වලට මොල්ගහකින් හරි මිටියකින් හරි තට්ටු කරන එක කෙමක් වගේම විද්‍යාත්මක සත්‍යක් තියනවා .නමුත් මෙයාගේ ක්‍රමය වෙනස් දැන් මොල්ගහයි මිටියයි දැකල දොඩම් ගහ බය වෙලා බයටම ගෙඩි හැදෙයි .කව්රු හරි කිවොත් දොඩම් ගෙඩි මිරිකුවම ඉක්මනට ලොකු වෙනවා කියල මේයාට වෙන්නේ දොඩම් මිරිකා මිරිකා ඉන්න (අ).

:       0       0

හේරත් Monday, 08 July 2013 01:38 PM

"නිර්වස්ත්‍රව ගිහිල්ලා මෝල්ගහෙන් ගහන්න" අනේ අපටත් චාන්ස් එකක් දෙන්නකෝ. (දී)

:       0       0

වරුණ Monday, 08 July 2013 10:17 AM

පුදනකොටම කාපි යකා කිව්වලු (නි)

:       0       0

ජෙෆ් Monday, 08 July 2013 01:49 PM

ඔය ගම පයියාගල නේද ? දැන් පයාගල.(නදී)

:       0       0

විමලසේන හ.ද. Monday, 08 July 2013 01:51 PM

අසල්වැසියා කියල ඇත්තේ ලී වලින් හදපු මෝල්ගහක් ගැන නෙමෙයි වෙන්න ඇති (දී)

:       0       0

පෙරේරා Monday, 08 July 2013 01:52 PM

ඉන්දික ,සුලෝචන, මෝල්ගහක් නිසා මෝල්ලු වගේ ගහගන්න එපා (දී)

:       0       0

ලංකාසිරි Wednesday, 10 July 2013 06:34 PM

රූපවති, කෙම කරන්න යනකොට මමත් එන්නම්. (දී)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 07:31 PM

මේ... මේ.... මේ.... මෝල් ගසේත් ....දොඩම් ගෙඩි ඇතේ.(නදී)

:       0       0

පහන් Monday, 08 July 2013 06:59 PM

මක්කෙයි නංගි දොඩන් නැත්තේ ,,,ලබා උපන් හැටි තමා අයියා (අ)

:       0       0

රූපවතී Monday, 08 July 2013 07:54 PM

මමත් පිට රටින් ගෙනිහින් දොඩන් ගස් දෙකක් හිටවල තියනවා ... මල් හදුනා කීපවිටක් . එත් ගෙඩි හදුන් නැහැ ...? මේ සැරේ ලංකාවට ගියාම මමත් ඔය කෙම කරලා බලන්න ඕන.. වැහිදිනයක් බලලා ...?(අ)

:       0       0

මැක්ෂි Monday, 08 July 2013 02:59 AM

දොඩම් නෙමෙයි බේබි නාරන් වෙන්න ඇති හිටවන්න ඇත්තේ (නි)

:       0       0

සරත් Monday, 08 July 2013 11:40 AM

රුපවති, ගෙදර හරියෙම තිබුනේ එක මොල්ගහයිලුනේ. (නදී)

:       0       0

සංජීව Monday, 08 July 2013 11:48 AM

නිර්වස්ත්‍රව ගිහිල්ලා මෝල්ගහෙන් ගහට ගහන්න. මම හිතන්නේ ගෙහිමියාට ඇහුන හැටි වැරදිලා. (නදී)

:       0       0

ඉන්දික Monday, 08 July 2013 11:50 AM

අනේ දන්නෙ නැති දේවල් වලට හොම්බ දාලා පිරිහෙන්නෙ නැතුව ඉන්න සුලෝචන. කොහෙමටත් දකුණෙ අය හොඳට ගෙවිතැන් බත් කරගෙන කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වන අය. ඔයා වගේ නිකමුන් ඒවා දන්නෙ නැතුවට රටේ ඒ ගැන දන්න අය ඉන්නවා. එදා ඉදලම පැරණි ගොවිතැන් ක්‍රමවේද වල ඔය කියන කෙම් ක්‍රම තිබුණා. ඒක දකුණෙ විතරක් නෙවෙයි ගෙවිතැන් කරන සියළු පලාත් වල.(නදී)

:       0       0

හේමන්ත Monday, 08 July 2013 03:14 PM

කරුවලේ මේ වැඩ කොරන්න ගිහින් දොඩම් කටුවක් එහෙම නරක තැනක ඇනුනානම්.(නදී)

:       0       0

සිමියන් Monday, 08 July 2013 11:58 AM

තනියමද දන්නෙ නැහැ නේද මෝල්ගහෙන් ගහන්න ගියේ? (නි)

:       0       0

වරුණ Monday, 08 July 2013 12:08 PM

රුපවති අක්කා මෝල් ගස් කීයකින් ගුටිකාලා තියෙනවද දන්නේ නැහැ? (නි)

:       0       0

ලාග් Wednesday, 10 July 2013 03:26 PM

මේ වගේ කොමෙන්ට් බලන්න මන් හරි ආසයි (අ)

:       0       0

අනිල් Wednesday, 10 July 2013 03:45 PM

කතාවටත් වැඩිය අදහස් වලටයි හිනා ගියේ. හිහි.......... (දී)

:       0       0

නුවන් Monday, 08 July 2013 10:43 PM

ඔව් ඔව් රූපවති අක්කා, වැහි දින වලට හුගක් කෙම් හරි යනවා.... (නි)

:       0       0

රූපවතී Wednesday, 10 July 2013 03:49 PM

ජෙෆ් , අපි එසැන පාටකයෝ. තවම පුංචි උන්. අපිට කුණුහරුප කැත කතා කියලා දෙන්න හදන්න එපා. (දී)

:       0       0

කිත්සිරි Monday, 08 July 2013 08:35 AM

මෙතන පුදුම වෙන්න තියන කාරණය, කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකිය හරියටම හරිගිය එක නේද? (නි)

:       0       0

ගුණරත්න Tuesday, 09 July 2013 12:19 AM

රුපවතී, එදාට මටත් ටිකක් කියනවද? මමත් එන්නම් ඔයාගේ පරෙස්සමට. මම බලන්නම් වටපිට කවුරුත් ඉන්නවද කියලා. (නි)

:       0       0

සංජීව-ගාල්ල Monday, 08 July 2013 08:49 AM

කිත්සිරිගේ කටේ මසුරන් දාන්නා වටිනවා. නැත්නම් ගෙඩි හැදුනම පැණි දොඩම් ගෙඩියක්ම දාන්නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 431 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site