IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දොඩම් හොරා පොලිසියේදී කසිප්පුකාරයෙක් වෙලා

ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ
පොලිස් නිලධාරියකුගේ සහෝදරයකු සමඟ දොඩම් සොරකමේ ගිය අයකු අල්ලා පොලීසියට බාර දුන් පසු හොරට කැඩු දොඩම් තොගය කසිප්පු බෝතල් භාගයක් වීමේ අරුම පුදුම සිද්ධියක් වයඹ පළාතේ කෙළවරක පිහිටි පොලිස් ස්ථානයකින් දැන ගැනීමට ලැබෙයි.


මෙම ප්‍රදේශයේ පවතින්නේ කර්කශ දේශගුණයකි. ඒ නිසාම මෙම ප්‍රදේශයේ ගොවීහු බොහෝ දෙනෙක් ඔරොත්තු දෙන දොඩම් වගාවට යොමුව සිටිති. ගෙවතුවල මෙන්ම හේන්වල ද මේ වගාව සිදු කරති .
මෙම ගොවි මහතා ද සිය හේනක දොඩම් වගාවක් ආරම්භ කළ අතර දොඩම් පැළ ද සරුවට වැඩුණේය. පලදාව ද සරුවිය. ඒ නිසාම වගාව දෙස ගොවි මහතාගේ අවධානය නිතරම යොමුව තිබිණ .


දිනක් හවස වගා බිම දෙසට යද්දී ඊට දෙදෙනෙකු ඇතුළු වී දොඩම් ගෙඩි කඩමින් සිටින බව ගොවි මහතා දුටුවේය. ගොවි මහතා පැමිණෙන බව දුටු එක් දොඩම් සොරෙකු පලා ගියත් ඔහු හඳුනා ගැනීමට ගොවි මහතාට හැකි විය. ඔහු ප්‍රදේශයේ පොලිස්ස්ථානයේ සේවය කරන නිලධාරියකුගේ සහෝදරයකි.


පලා යාමට නොහැකි වූ පුද්ගලයා අල්ලා ගත් ගොවි මහතා හොරට කැඩු දොඩම් තොගය ද සමඟ පොලිසියට බාර දීමට කටයුතු කළ අතර පලා ගිය අය පිළිබඳව ද තොරතුරු දැනුම් දුන්නේ ය.


එහෙත් පලා ගිය දොඩම් සොරා පොලිස් පොතෙන් ලිස්සා හැරීමට කටයුතු කොට අනෙක් ⁣දොඩම් සොරාට නීති විරෝධි මත්පැන් බෝතල් භාගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත නඩු පැවරීමට පොලිසිය කටයුතු කොට තිබේ.



අදහස් (0)

දොඩම් හොරා පොලිසියේදී කසිප්පුකාරයෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 390 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 418 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 639 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 647 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1091 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 915 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site