IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දඩ කොළෙන් බේරෙන්න රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා

පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මෙම සිදුවීමට අදාළ තරුණයා මෙම සිද්ධිය වූ ගමේ පුද්ගලයකු නොවේ.

ඔහුට යතුරුපැදි ධාවනයට බලපත‍්‍ර නොමැති වූ අතර අදාළ ගමේ මළගෙදරකට සහභාගි වී යන අතරේ පොලිසියෙන් යතුරුපැදිය නැවැත්වීමට උත්සාහ කර ඇත. මෙම තරුණයා විසින් යතුරුපැදිය නොනවත්වා ගමන් කර ඇති අතර, පොලිස් යතුරුපැදිය ද මොහු හඹා ගොස් තිබේ.

පොලිසිය තමා හඹා එන අයුරු දුටු තරුණයා බේරීම සඳහා වංගුවක් ඉස්සර කර පොලිසියට නොපෙනෙන්න නිවෙසක් තුළට දමා තිබේ. පසුපසින් පැමිණි පොලිස් නිලධාරීන් අදාළ බයිසිකලය හා තරුණයා අතුරුදන් වීම සම්බන්ධයෙන් අසල ඇති කඩයකින් විමසා ඇත.

එවිට කඬේ සිටි පිරිස පැවසුවේ, රාළහාමිලාගේ නිවෙසට යතුරුපැදියක් වේගයෙන් ගිය බවය. පොලිස් නිලධාරීන් නිවසට ගිය පසු දුටුවේ බයිසිකලයෙන් බැස නිවැසියන් සමඟ කතා කරමින් සිටින තරුණයාය. ”අනේ අම්මේ මාව බේරගන්න මට ලයිසන් නෑ” යයි තරුණයා පොලිස් නිලධාරියාගේ මවගෙන් ඉල්ලා සිටි අතර, ”අනේ ළමයෝ ඒ මගේ පුතානේ.

පොලිසියේ වැඩ කරන්නේ” යැයි කාන්තාව පැවසූ අතර, තරුණයාට දෙවියන් සිහිවී ඇත්තේ නිවෙස දෙසට පැමිණෙන පොලිස් යතුරුපැදිය දුටු නිසාය. කෙසේ වෙතත් අදාළ නිලධාරීන් දෙදෙනා අකුරට සිය රාජකාරිය කළාලූ.



අදහස් (0)

දඩ කොළෙන් බේරෙන්න රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා

රුවනි Wednesday, 21 October 2015 01:35 PM

බලපත්‍ර තිබිලාත් සමහරු වාහන එළවන්නේ රියදුරු පුහුණුවක් නැතිගානට. අපේ රටේ බලපත්‍ර වල හොඳකම කොච්චරද කිව්වොත් ඕස්ට්‍රේලියාවේ ඉන්න හිතවතියක් කිව්වේ ලංකාවේ උදවියට එහෙ අමතර විගණන පරීක්ෂණයක් පවත්වනවාලු එහෙ රියදුරු බලපත්‍ර ගන්න. හේතුව අපේ බලපත්‍ර නිකුත් කරන පටිපාටියේ ගුණාත්මකභාවය එහෙට ආරංචි වෙලාලු. (නි)

:       0       0

සුදර්මා Thursday, 22 October 2015 08:42 PM

චන්දී,ඔබ පුංචී මිනිපිරියක් ඉන්න ආච්චි අම්මා කෙනෙක්ද...?අහන්නත් සන්තෝසයි.ඔය වයසේත් වැලිකතරකට වෙලා සේවය කරන්නේ අපේ නැති බැරි කමටනේ.පුංචි මිනිපිරීට දුක හිතෙනවා ඇති ආච්චිගෙන් වෙන් වෙලා ඉන්න.පව්..! (රේ)

:       0       0

ජයනාත් Wednesday, 21 October 2015 01:50 PM

මාවත් අද පොලීසියෙන් නවත්තලා ලියන්න හදනකොට මම කිව්ව දෙයියෝ සාක්කි එකේ රූපවති ගැන ලියන ජයනාත් මම කියලා. යන්තම් බේරුනා (නි)

:       0       0

සමන්තුෂාන්ත මනම්පේරි Friday, 23 October 2015 06:51 AM

අපේ පොලිසිය ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔය වගේ අහිංසක අසරණ මිනිසුන්ට තමයි (බ)

:       0       0

ඉෂාම් Thursday, 22 October 2015 11:17 PM

පවු අහිංසක කොල්ලා! (නි)

:       0       0

රූපවති Thursday, 22 October 2015 04:08 AM

ඔය බයිසිකල් කටුව නෙවේ ..? අන්න සිරියාවෙන් නැවක් ආව අපේ කෑම්ප් එකට දැන් හොදයිනේ .ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි එකතුවෙලා බලා ගනියි...? (අ)

:       0       0

චතුර Wednesday, 21 October 2015 02:27 PM

හිතා ගන්න අමාරුයි ඔය වගේ දෙයක් වෙයි කියලා.(හේ)

:       0       0

රූපවතී Thursday, 22 October 2015 04:12 AM

අනේ ..මේ තියෙන රැකියාව හොදයි ...දේශපාලකයෝ කියන්නේ අඩු පන්තියේ කොටසක්..මමයි චන්දි අක්කයි පෞද්ගලිකව දැන හදින ගත්තේ මේ පාටක තීරෙන්..ඒ අක්ක හොද කාන්තාවක්.. අපි එකිනෙකාව හදුනාගත්ත..! (බ)

:       0       0

සිරිමෙවන් Friday, 23 October 2015 12:04 AM

පිටබැද්දර ජයා නිකන් නොදන්නා තාලෙට අහනවා. දැන් කවුද ඔය දුල්මි කියන කෙනාට උපදෙස් දෙන්නයි, කාන්තිගෙන් ලියපු දේ සහ ශෛලිය ගැන හරස් ප්‍රශ්න අහන්නයි ගියේ? අපිද ඔබද? දැන් බොරුවට කියනවා තමන්ගේ නමින් ප්‍රතිචාර ලියලාලු. මොන විහිලුවක්ද මේ? (නි)

:       0       0

මෙල්වින් Friday, 23 October 2015 12:11 AM

මටත් හිතෙන්නේ චන්දී නිකන් මෙතැන පන්තියේ මොනිටර් වෙන්න දඟලනවා කියලා. අනෙකුත් පාඨක බවලතුන්ගේ අදහස් වලින් අපිට එහෙම දේවල් හැ‍ඟෙන්නේ නැහැ. ඔවැනි දේවල් තමන්ම තේරුම් ගත්තොත් වඩාත් හොඳයි. (නි)

:       0       0

අනෝමා Friday, 23 October 2015 12:13 AM

කාන්තාවන් පමණට වැඩිය හැමතැනම කැපී පෙනෙන්න උත්සාහ කරනවිට නැති ප්‍රශ්න ඇති වෙනවා. හරියට මේ පුවතේ ලයිසන් නැතුව මෝටර් සයිකලයේ නැගලා පොලිසියට වෙට්ටු දාන්න ගිය ඉලන්දාරියාට සිදුවුණ දේ වගේ. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 21 October 2015 07:58 AM

පවු ඉතින්. අපිට තමයි නීතිය අකුරටම (නි)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 02:46 PM

අපේ ජයනාත්ටත් වෙන්නේ පුදුම දේවල්නේ.., ඒ නම කියපු නිසාමයිද ඔයා බේරුනේ ..(රේ)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 02:48 PM

කාන්ති මොකද දෙයියනේ මේ වහෙන් ඔරෝ භාශාවෙන් ලියල..?(රේ)

:       0       0

මේනක Friday, 23 October 2015 12:20 AM

මෙතන මේ ඇතිවෙලා තියෙන්නේ දුප්පත් පොහොසත්, මෙරට පිටරට හෝ මැදපෙරදිග බටහිර ප්‍රශ්නයක් නෙමෙයි. මේ අ‍පේ පාඨක සභාවේ ලොකු පුටුව පිළිබඳ ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. (නි)

:       0       0

රූපවතී Thursday, 22 October 2015 09:53 AM

ජයනාත් මල්ලි පිටබද්දර රාජා මල්ලි ඉස්සරවෙයි කියලා බයවෙලා බයික් එකෙන් හයියෙන් ගිහින් පොලිසියට අහු වුණා, හිමින් පදින්න මල්ලි, මම ඔය දෙන්නටම කැමතියි (අ)

:       0       0

චමරි Friday, 23 October 2015 12:36 AM

ඉස්සර මේ තීරුවේ ලස්සන කතා කියලා අපි දැනුවත් කළ පීටර් අයියාට මොකද වුණේ? (නි)

:       0       0

රුපවතී Friday, 23 October 2015 02:37 PM

චන්ඩි අක්කේ ඔයා කොහොමද දුප්පත් කියන්නේ ..;ඔයා ගොඩාක් පොහොසත්.. ඒ ඇයි දන්නවද..? 1980 ගණන්වල මගේ කිරි අම්ම මට කීව දෙයක් අදටත් වලංගුයි ..?( නිදි වස්ත්‍රයෙන් උපදින අපි ..බුදලෙන් ,වත්තේ හතරකොන දිග බලලා කවදාවත් ඒකා පොහොසතෙක් කියල වත් දුප්පතෙක් කියලවත් මනින්න එපා.) මනින්න ඕනේ එකාගේ( කල්කිරියාවෙන් මනුස්සගුනයෙන් )ඒ ටික මම අදටත් විශ්වාශ කරනවා..මගේ කිරිඅම්මා මැරෙන තුරාවටම ඇගිලි අත්සන තිබ්බේ ..කවදාවත් ඉස්කෝලේ ගිහින් තිබුනේ නැහැ ..ඒ ත් සමාජ අද්යයනය හොදට තිබුනා ..අපිටත් වඩා බුද්ධිමත් (රේ)

:       0       0

ඊෂාන් Friday, 23 October 2015 12:44 AM

අපොයි ඔව්. මේ බවලතුන් කියන ජාතියට දෙයක් වටහාදෙන්න බොහොම අපහසුයි. මෙතන තමන් අදහස් ලියන අනෙකුත් පාඨකයන් භාවිතා කරන පිළිවෙලේ අඩුපාඩුවක් තිබෙන බව පෙන්වා දුන්නාම ඒ දේ තමන් ඉන්න රටට ආදේශ කරගන්නවා. (නි)

:       0       0

දුලිප් Wednesday, 21 October 2015 08:18 AM

ඒ වුණාට අර ලයිසන් නැතිව රිය පදවා කහ ඉරේදී මරණයක් සිදු කළ තරුණ දේශපාලන පුතා අත් අඩංගුවට ගැනිමක්වත් නැතිව පොඩි වන්දියක් ගෙවා නිදහස් වුණේ. මේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ වෙනත් නීතියක් වෙන්න ඇති. (ම)

:       0       0

චාමි Friday, 23 October 2015 12:52 AM

හරියට හරි රමණි, එක්කෙනෙක් ට්‍රැෆික් පොලිස් නිලධාරිනියක් වගේ තමයි ලියන මිනිසුන්ව හසුරුවන්න හදන්නේ. (නි)

:       0       0

සරසි Wednesday, 21 October 2015 08:34 AM

මේ වගේ සාමාන්‍ය මිනිස්සු අල්ලා ගෙන තමයි පොලිසියත් මේ රටේ නීතියක් තිබෙනවා කියලා පෙන්වන්න යන්නේ. කට සැර දේශපාලක හාමිනේ කෙනෙක් නීතියක් කඩලා අහු වුනා නම් බලන්න ඕන. (බ)

:       0       0

රූපවතී Friday, 23 October 2015 07:52 AM

2015-10-22 09:53:48 කරුණාවෙන් කියන්නේ මේ ප්‍රතිචාරය මා විසින් ලියුවක් නොවන වග වගකීමෙන් මගේ පාඨකයින්ට කියන්නේ, ඒ වැනි දෙයක් මා මෙහි නොලීවෙමි! කව්දෝ මගේ නමින් ලියා ඇත. (බ)

:       0       0

කිත්සිරි Wednesday, 21 October 2015 04:09 PM

දැන් ඔය නම, කෝකටත් තෙල වගේ වෙලා..ළගදිම දියවන්නාව පැත්තෙනුත් ඇහුනෙ නැත්නම් තමයි පුදුමේ..(බ)

:       0       0

ජයනාත් Wednesday, 21 October 2015 04:10 PM

රූපවතී ගැන හිත හිත මෝටර් සයිකලේ පැද්දේ අර පිට බැද්දරයා මට ඉස්සර වෙයිද කියාලා, කිසි අනුකම්පාවක් නැති රාලහාමි (බ)

:       0       0

ජනා Wednesday, 21 October 2015 08:47 AM

දැන් ඉතින් ඔයගොල්ල කියන්නේ මෙයා කරපු වැඩේ හරි කියලාද..? දියුණු රටවල නම් දඬුවම ඉතා දැඩියි. (ර)

:       0       0

ජගත් Friday, 23 October 2015 01:51 AM

චමරි ,පීටර් අයියලා ලියන දවස්වල මෙතන බදු අරගෙන කට්ටියක් හිටියා.ඒ අයට එපාවෙලා ලිවිම අතහැරියා.ඒකෙන් වුණේ වටිනා අදහස් ලියන කෙනෙක් ඔක්කොටම අහිමිවුණ එක. (නි)

:       0       0

සමන් දල්පදාදු Wednesday, 21 October 2015 04:19 PM

කිත්සිරි,බල්ලෝ ටිකක් හඳට බුරති. (බ)

:       0       0

ජයනාත් Wednesday, 21 October 2015 04:28 PM

මේ අදහස මගේ නෙවෙයි..මම අහින්සක විහිලුවක් කරනව මිසක්..මේ වගෙ දේවල් කියන්නෙ නැහැ..මින්පසු මගේ කොමෙන්ටු වල මේ වගේ අසාමන්‍ය බවක් දිස් වේ නම්..ඒ මගෙ අදහස් නොවෙයි (රේ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 October 2015 11:39 AM

ඇත්තටම පාර්ලිමේන්තුවට හරියටම ගැලපෙනවා රුපවති සහ චන්දි වැනි එඩිතර කාන්තාවෝ , පැත්ත ගියත් ඇත්ත කතා කරානවා (බ)

:       0       0

භානු Friday, 23 October 2015 03:23 AM

කාටවත් මේ තීරය බදුගන්න ලැබුන එක අහන්නත් පුදුමයි. මම නම් කවදත් ලියන්නේ ස්වාධීන අදහස් මගේ පාඩුවේ. ඒවා සියල්ලම වගේ පළවුණේ කිසිම අවහිරයක් නැතුව. (නි)

:       0       0

ජිහාන් Wednesday, 21 October 2015 09:16 AM

මේ පොලිසිය අදාල ගමේ කියලා හරියන්නේ නැහැ . අපිට දැන ගන්න ඕන මේ අර ලඟදි ලෝක ප්‍රසිද්ධ වෙච්චි පොලිසියද කියලා. ඒ ගොල්ලන්ට තරුණයන් පෙන්නන්න බැහැනේ . (අ)

:       0       0

අජිත් Thursday, 22 October 2015 12:18 PM

අර ඉස්සර වගේ. මටත් පෙන විදියට චන්දි තමා මෙතන කලබල ඇතිකරන්නේ. (අ)

:       0       0

රුපවති Thursday, 22 October 2015 06:17 AM

කවදද සිත් පහන්වුණු මිනිසුන් ඇති පැලකින් තේ කෝප්පයක් බොන්නේ ...? (ර)

:       0       0

චන්දි Thursday, 22 October 2015 12:56 PM

අජිත් සොයුර, කරුණාකර මට නිවරැද්දේ දොස් කියන්න එපා මගේ නමින් කවුරු හෝ කොමෙන්ට් කරලා ඔයාලට මාව එපා කරනවා ඉස්සරත් උනා දැනුත් වෙනවා මම ඉතින් මොනවා කරන්නද.? (ර)

:       0       0

රුවන් Wednesday, 21 October 2015 10:06 AM

නීතිය ලොකු පොඩි කාටත් එක වගේ ක්‍රියාත්මක වෙනවා නම්, වැරදි කරන අයට ලොකු පොඩි කම නොබලා දඩුවම් කරනවානම් ලංකාව කොච්චර ලස්සන රටක් වෙනවද. (රේ)

:       0       0

ශකිලා Thursday, 22 October 2015 01:19 PM

රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා නීතියෙන් බේරෙන්න පුලුවන්ද.? (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 October 2015 01:29 PM

අයියෝ චන්දි, මොකද මේ අසරණවෙලා? කවුරු මොනවා කිවුවහම මොකද ඔයා කරන දේ ඔයාට හරි නම්. හඳ තියෙන කාලෙට බල්ලෝ හඳට බිරුවට හඳ පාත්වෙනවද? ඒ හින්දා වෙනදා වගේම මොනවාහරි විහිළුවක් කරලා අපිවත් හිනස්සවන්න. සතුටින් ඉන්න. ජීවිතේ බොහොම කෙටියි නංගි (නි)

:       0       0

රූපාවති Wednesday, 21 October 2015 04:50 AM

අන්න හොදයි වැඩේ ..එහෙම තමා වැඩ කරන්න ඕනේ ..ලයිසන් නැතිව වාහන පදින ලංකාවේ ඉන්න මිනිසුන් නිසා තමයි අසරණ මිනිසුන්ට කහ ඉරේන් වත් පාර මාරුවෙන්න බැරි...? (ම)

:       0       0

ගල්කුඹුර Wednesday, 21 October 2015 04:52 AM

ඉතා හොඳයි (ම)

:       0       0

චානක Wednesday, 21 October 2015 05:05 AM

අපිට වුණොත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි ඉතින් (නි)

:       0       0

අමල් Wednesday, 21 October 2015 05:11 AM

නියම වැඩේ තමයි මේක නම් (නි)

:       0       0

විකි Wednesday, 21 October 2015 11:02 AM

ජනාධිපති , හිටපු ජනාධිපති මැති ඇමතිවරු ඉඳලා හැමෝටම එකම විදියට නිතිය ක්‍රියාත්මක කරනවානම් පොලිසියේ සේවය අගය කරන්න පුළුවන්. අර ඩිෆෛනඩර් එක ඉරි කපාගෙන ගිහින් බස් එකක වැදිලා චප්ප උනේ, එයාලට ඉරි කපාගෙන යන්න තරම් ශක්තියක් අවේ පොලිචියේ වැඩ නිසා තමයි. රියදුරු බලපත්‍රය නැතිව වාහන පැදවීම වරදකි(රේ)

:       0       0

ස්ටැන්ලි සෙනෙවි Wednesday, 21 October 2015 08:04 PM

ජයනාත්ගේ නමින් මෙම තීරුවේ ලියලා තියෙන්නේ කව්ද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා.මෙවැනි අසහනකාරයන්ට හොඳ මඩුවලිගයක් අරගෙන පන්න,පන්නා දුන්නේ නැත්නම් ඔබේ,සහ මගේ නමින් වුණත් අදහස් දාන්න ඉඩ තියනවා. (නි)

:       0       0

චන්දි Thursday, 22 October 2015 01:53 PM

ස්තුතියි ජයා සොයුර. මේ ටික දෙනෙක් කියන විදියට මේ එසැණ හිමි අපි වගේ දුප්පත් අයට නෙමෙයි, යුරෝපා රටවල ඉන්න ධනවතුන්ට වගේ. කෙනෙක් මට නිහඩව ඉන්නත් කියලා තව කෙනෙක් අම්මාගේ අප්පාගේ බුදල් මතක් කරලා .තවත් අය මගේ නමින් ලියනවා. මමත් මගේ වැඩපළ ඉවරවෙලා එසැණට ගොඩවෙන්නේ පුංචි හෝ සතුටක් විඳින්න.රූපත් මමත් එසැණ තීරුවේ ලියලා අපි දෙතුන් දෙනෙක් ස්කයිප් වලින් දැන හැඳින ගත්තා. ඒකයි රූපා ගැන ලිවුවේ. එයාට තරහ යන්නේ නැහැ කියලා මොනවා ලිවුවත්, ඒකත් වැරදියට අරන්. ඒකයි දුක හිතුනේ (නි)

:       0       0

චන්දි Thursday, 22 October 2015 02:06 PM

වැලි කතරකයි මම සේවය කරන්නේ...ඉඩ ලැබුනමයි එසැණට මම ගොඩ වෙන්නේ ... කුසට අහර ගන්නත් පෙර සැම අමතන්නේ... යුරෝපයේ අය පමණක්දෝ මෙහි රජවෙන්නේ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 08:56 PM

ජයනාත් මලේ අනුන්ගේ ඇඳුම් හොරෙන් අඳින අය එදත් හිටිය අදත් ඉන්නවා ගණන් ගන්න එපා (අ)

:       0       0

කසුන් Thursday, 22 October 2015 02:22 PM

චන්දී,ඔබ ඔය කියන තරම් සුද්දවන්තියක් නොවන බව ඔබේ අදහස් වලින්ම පේනවා.යුරෝපයේ ධනවත් අය ගැනම ඔබ කතා කරන්නේ එයාලාගේ හිත රිදෙන්න මොනවා හෝ කළා කියන එක නොවේද?කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඕකට තමයි.යුරෝපයේ ඉන්නෙත් අපි මෙන්ම සහෝදර සහෝදරියන් බව මතකයේ රඳවා ගන්න.මේකට ලොකු හෑල්ලක් ලියන්න එපා දැන්. (නි)

:       0       0

සුනිල් පලිහවඩන Thursday, 22 October 2015 02:42 PM

කසුන්, ඔබ සමඟ මම එකඟ වෙමි.වැරදි කරපු සමහරුන් තොප්පිය හරියටම තමන්ගේ ඔලුවලට දමාගෙන තිබේ. (අ)

:       0       0

චන්දි Thursday, 22 October 2015 02:47 PM

අනුන්ගේ ප්‍රතිචාර වලට උත්තර නොදී තම තමන්ගේ අදහස් දාන්නකෝ අයියෝ (බ)

:       0       0

සරත් Wednesday, 21 October 2015 09:59 PM

ඔය වැඩේ කළේ අහවල් ඇමතිගේ පුතා වුන නම් පොලිසිය පස්සෙන් යයිද?, (අ)

:       0       0

චන්දි Thursday, 22 October 2015 03:00 PM

මට පහර දෙමින් ., මා පසු පස හබා එමින්.., කුමක්දෝ නුබලා ලබන සතුට හෝ වාසිය . මා මගේ ගමන යන්නෙමි හිමින් සැරේ නොවී කිසිවෙකුටත් කරදර හිරිහැර ..!! (රේ)

:       0       0

ඉෂාර Friday, 23 October 2015 05:21 AM

අයියෝ රාළහාමි කොහොම වෙතත් අම්මාටවත් අනුකම්පා හිතිලා නැද්ද? (නි)

:       0       0

චන්දි Friday, 23 October 2015 11:05 AM

දුප්පත් කන්වැදුම් ආච්චි කෙනෙකුට මේ තරම් එළව එළවා පහර දෙන්න ගුණනමකුවනි ඔබලාට දුක නැද්ද? හරි දුකයි (රේ)

:       0       0

යසෝ Thursday, 22 October 2015 03:31 PM

චන්දී ඔබ රුපාට තරහා යන විදිහට මොකුත් නොලීවාට අනෙකුත් අයට තරහා යන විදිහට ලියන නිසානේ ඔක්කොම ප්‍රශ්නේ.මින් පසුවවත් පාඩමක් ඉගෙනගෙන වැඩ කරන්න.මම වැඩිය කොමන්ටු නොදැම්මත් ඔබ ගැන එතරම් ප්‍රසාදයක් තිබුනේ නැහැ.ඔබ කවදා හරි නැන්දම්මා වූ දවසක ලේලිට දෙයියන්ගේම පිහිටයි. (බ)

:       0       0

දයාල් Thursday, 22 October 2015 01:04 AM

චන්දි, ඔයා මෙතන ලොකු එක්කෙනා වෙන්න ගියොත් ආයෙත් ඔන්න අවුලක් වෙන්න ඉඩ තියනවා. කාන්ති කොහොම ලිව්වත් ඔයාට මොකද? ඔයා කිසිම අදහසක් ලියන්නේ නැහැ. අනුන් ලියපු එකට හොට දම දමා උපදෙස් දෙන එක විතරනේ කරන්නේ. (නි)

:       0       0

පිටබැද්දර රජා Thursday, 22 October 2015 03:34 PM

රමණී , ඔයා කවුරු ගැනද කියන්නේ කියලා කරුණාකරලා කියන්න (බ)

:       0       0

චාන්දනී Thursday, 22 October 2015 01:08 AM

රියදුරු බලපත්‍රය තිබිලාත් සමහරු වාහනය එළවනකොට හැසිරෙන්නේ වළං කඩේට වැදුන ගොනා වගේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 12:19 PM

රූපවති උදෙන්ම වැඩ අල්ලලා නේද?? අද කවුරුත් වැඩි සද්දයක් නැහැ වගේ රූපවති ගැන. මම නම් ඉතින් පුරුද්දට වගේ ඔන්න ලිවුවා රූපවති ගැනම. (නි)

:       0       0

නලීන් Thursday, 22 October 2015 01:19 AM

සමහරු ඉන්නවානේ මෙතන ලියන අයගේ සුපවයිසර් තැනට පත්වෙලා. එයාලට ඕනෑ විදියට ලියන්නකෝ එහෙනම් (නි)

:       0       0

සුදීර Thursday, 22 October 2015 01:41 AM

මට මතකයි ටික කලකට පෙර ඔය චන්දී මෙතන යුද පිටියක් කරපු හැටි.පින් සිද්ධවෙයි ඔයා ඉස්සර හිටියා වගේම අයින්වෙලා ඉන්න මෙතැන ආයෙත් පොර පිටියක් කරන්නේ නැතුව. (නි)

:       0       0

රමණී Thursday, 22 October 2015 01:42 AM

මටත් පෙනෙන්නේ සමහරු තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් මෙතන අනෙකුත් පාඨකයන්ව හසුරුවන්න උත්සාහ කරනවා වගේ. එතකොට තමයි ඔය එකිනෙකා සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙන්නේ. මෙතනට ට්‍රැෆික් පොලිස් නිලධාරිනියන් ඕනෑ නැහැ කියලා මට හිතෙනවා. (නි)

:       0       0

දුල්මි Wednesday, 21 October 2015 12:42 PM

අපිට දැන් රූපවති කියන වචනය තියා 'රු' යන්නවත් මෙතන ලියන්න කලින් අවසර ගන්න වෙලානේ. මේ යතුරුපැදියේ ලයිසන් නැතුව ගිය තරුණයාටත් බලාගෙන යනකොට අපිට වැඩිය නිදහස තියනවා. (නි)

:       0       0

ඉඳුනිල් Friday, 23 October 2015 05:42 AM

අපේ කට්ටිය ‍මේ වගේ කතා වලට හරි ආසයි වගේ (නි)

:       0       0

අජිත් Wednesday, 21 October 2015 12:44 PM

අපෝ පොලෝසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. දුප්පත් අපට තමයි පාර්ට් දන්නේ. අර දක්ෂිණ අධිවේගේ ගිය දේසපාලුවට විරුද්දව දඩ කොලේ ලියපු රාළහාමිට මොකද වුනේ? (බ)

:       0       0

චන්දි Thursday, 22 October 2015 04:15 PM

යසෝ ඔබ නොදන්නවා වුනාට මම දැනටත් නැන්දම්මා කෙනෙක් තමයි.., අපි දෙන්න ඉන්නේ යහළුවන් දෙන්නෙක් වගේ, මගේ පුංචි මිනිබිරියටත් වසර එකහමාරක් වුනා,විනෝදයට මිසක් පැන පැන පහර දෙන්නේ නැහැ මම කාටවත් ඔයාල තමයි අනුන්ගේ ඒවාට හොට දමන්නේ (බ)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 12:45 PM

ලයිසන් නැතුව ගිය එකත් වැරදියි තමා. ඒත් ඉතින් පොඩි මිනිසුන් වන අපිටම තමා දැඩි දඩුවම්. නැද්ද මං අහන්නේ? (නි)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 12:51 PM

දුල්මි, ඔබ ඔබේ අදහස ලියන්න. ඒවාට අවසරය ලැබෙන්න ඕනෑ අපේ කතෘතුමාගෙන් පමණයි.රූපවතී ගැන ලියන්න ඕනෑම දෙයක්. මොකද ඇය මොනවා ලිවුවත් කවදාවත් තරහාවෙන්නේ නැහැ (නි)

:       0       0

ජෙහාන් Wednesday, 21 October 2015 12:56 PM

මේ මෝටර් සයිකලය පසුපස පොලිසිය පැන්නුවාටත් වැඩිය වේගයෙන් අර රූපවතී නම් ජනප්‍රිය පාඨක මහත්මිය පසුපස ප්‍රබුද්ධ ප්‍රතිචාර ලියන්නන්ගේ සංගමය පන්නපු බව පැහැදිලියි. (නි)

:       0       0

අහමඩ් Friday, 23 October 2015 11:59 AM

හැම නීතියක්ම පොඩි මිනිහට තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 01:04 PM

දුල්මි, චන්දි, ජෙහාන් , අදහස් ටිකනම් පංකාදු පහයි සුපිරිසිදුයි (බ)

:       0       0

රුවන් Wednesday, 21 October 2015 07:13 AM

මේක නම් පුදුමාකාර දෛවයේ සරදමක් (අ)

:       0       0

ඉඳුනිල් Wednesday, 21 October 2015 07:14 AM

අපි නැග්ගොත් ඒ ගහෙත් දෙබලක් (නි)

:       0       0

කාන්ති Wednesday, 21 October 2015 01:07 PM

අසවල් මහත්මියත් මෝටර් සයිකල් පදින්න ගිහින් රාත්‍රියේ පාරේ වලකට සැපත් වුනා කියලා ලියපු පුවත මතක් වුනා . හැබැයි මේ යතුරු පැදියේ ලයිසන් නැතිව ගියේ ඇහැට කනට පේන තරුණියක් නම් මේ පුවත ලියවෙන්නේ මෙහෙම නෙවෙයි. (බ)

:       0       0

චන්දි Friday, 23 October 2015 12:31 PM

මේ උඩින් මගේ නමින් තිබෙන අදහස බලාවත් මට දොස් නැගීමෙන් වළකින ලෙස පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි (නි)

:       0       0

සමන්ත Thursday, 22 October 2015 02:13 AM

ඔව් මමත් හිතන්නේ තමන් පුවතට අදාලව අදහස් නොලියා අනෙකුත් බවලතුන්ට නැන්දම්මා වගේ උපදෙස් දෙන්න යාමෙන් වැලකී පාඨක සභාවේ සමගි සමාදානයට වැදගත්.(රේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 01:18 PM

ජයනාත් මලයාත් එපා කියද්දීම හෙල්මට් එකත් නොදා කොබෙයිගනේ ගියා රූපවතිලගේ ගෙදර.තාම නැහැ.එකත් එකටම මලයාගේ පස්සෙන් පැන්නුවද මන්දා පොලීසිය (නි)

:       0       0

රුකී Thursday, 22 October 2015 02:43 AM

ඇහුවාට කමක් නැද්ද රුපවතිගේ මාධ්‍යය සම්බන්ධිකරණ ලේකම්තුමිය චන්දිද ? නිතරම එයා කැමති අකමැති තරහා යන නොයන කාරණාා ගැන හොඳින් දන්නා වගේ කතා කරන නිසා ඇහුව.....(රේ්)

:       0       0

විකි Wednesday, 21 October 2015 07:34 AM

නිතිය හැමෝටම අකුරටම ක්‍රියා කරනවා නම් හොදයි. ටික කලකට කලින්. කොළඹින් පිටදී කොළඹ සිට පැමිණි වන එකක් කොළඹ දෙසට යන මං තීරුවට පැමිණ අපගේ වහනය වැදුන. අප වහනය නැවත ඔහුට ඉඩ ලබා දී අනතුරක් වලකාලීමට කටයුතු කළත්, පසුව එතනට පැමිණි පොලික් නිලදාරිය පැවසුවේ දෙදෙනාටම 2500 ක දඩයක් නියම කරන බවයි. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ රටේ අනතුරකදී නීතිමය තත්ත්වය මොකක්ද කියන්න. කොළඹින් පිට නිසා පාඩුව අපි දරාගත්ත. එත් කොපමණ නිවැරීදි වුණත් පොලිසියත් එක්ක පගාව නොදී නම් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (අ)

:       0       0

සුභාෂ් වික්‍රමසිංහ Wednesday, 21 October 2015 07:36 AM

පොලිසියේ මහත්තුරුත් රාජකාරිය අකුරටම කරයි ඉතින් අහිංසක මනුස්සයෙක් දැක්කම. ලොකු සල්ලිකාරයෙක් හරි දේශපාලුවෙක් හරි දැක්කා නම් දෙකට නැමිලා ටටා පාරකුත් දානවා. අනේ අපේ රටේ පොලිසිය! (නි)

:       0       0

සහන් Thursday, 22 October 2015 03:05 AM

දැන් රූපවතිට මන්ත්‍රීකමකුත් ලැබිලද? සම්බන්ධීකරණ ලේකම්ලත් ඉන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 709 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 735 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1109 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9433 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site