IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දත් ඇන්දක් අතේ අරන් කඩල අම්මා පොලිස් ඇවිත්

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ             

‘‘අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53,000 දීලා දත් ඇන්ඳක් දාගත්තා. මාස පහයි තිබුණේ  ඒක කඩල බේසමට වැටුණා සර්, මට  සාධාරණයක් කරලා දෙන්න’’ යැයි දත් ඇන්දක් අත්ල මත දරා ගෙන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ නිල කාමරයට පැමිණි  කාන්තාවක හඬා වැටෙමින් පැවසීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තා වේ.

‘‘සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර්, මොකද කඩල විකුණුවා කියලා,  අපිත්  ලස්සනට ඉන්න කැමතියි සර්.  මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි. සර් දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි දීලා තමයි සර් පෙරුම් පුරලා පෙරුම් පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ....’’  ඇය කියාගෙන කියාගෙන යන්නට වූවාය.

මේ බලන්න සර්, මේ බලන්න මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා. කණ්ණාඩියකින් බලන කොටයි සර් ඒකත් මම දැක්කේ. මගේ තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි සර්. මට කරපු අපරාදෙට මුන්ට හෙණ වදින්න ඕනෑ සර් යැයි පවසමින් මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වීමට කාන්තාව කටයුතු කළාය.

එම කාන්තාව එක දිගට හඬා වැටෙමින් දත් ඇන්දක් පිළිබඳ කියන්නට වූයෙන් මේ කිසිත් අදහාගත නොහැකි වූ ස්ථානාධිපතිවරයා එකින් එක කරුණු විමසීය.

උඩු ඇන්දේ එක දිගට දත් කීපයක්  අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන බව නැති කර ගැනීමට සිත් වූ එම කාන්තාව  දන්ත ශල්‍යාගාරයකට ගොස් මීට මාස කීපයකට ඉහත දී මිල ගණන් විමසා  ඒ වෙනුවෙන් රුපියල්  53000 ක් වැයවන බව පැවසීමෙන් අනතුරුව නිවෙසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

රැකියාව වශයෙන් කඩල තම්බා විකිණීමේ ව්‍යාපාරයක්  කරන එම කාන්තාව කොතරම් අගහිඟකම් තිබුණත් මුහුණේ පවතින අවලස්සන බව නැති කර ගැනීමට එම මුදල වියදම් කර මීට මාස පහකට ඉහතදී දත් ඇන්ඳ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.

එම කාන්තාව කඩල විකුණමින් සිටිය දී දමන ලද දත් ඇන්ද එක වරම කඩල බේසමට කඩා වැටීමත් සමගම කඩල විකිණීම පසෙකට තබා කඩා වැටුණු දත් ඇන්දත් රැගෙන පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල කර තිබූ බව පොලිස් නිලධාරීයෙක් කීය.

කාන්තාවගේ පැමිණිල්ලට සාවධානව සවන් දුන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇයගේ පැමිණිල්ල සටහන් කර අදාල දන්ත ශල්‍යාගාරයේ කළමනාකරු ගෙන්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් එදිනට කඩා වැටුණු දත් ඇන්ද රැගෙන පැමිණෙන ලෙස ද පැමිණිලිකාරියට දන්වන ලෙසත් පොලිස් කාන්තාවකට උපදෙස්  දුන්නේය.

 



අදහස් (1)

දත් ඇන්දක් අතේ අරන් කඩල අම්මා පොලිස් ඇවිත්

fairoos Sunday, 19 February 2023 04:58 PM

රනිල්ට විතරක් වැඩ කරලා මදි... මේවත් කරන්න ඕනෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 387 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 413 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 637 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 647 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1091 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 915 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site