වියලුව වාර්තාකරු
රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකොට කිලෝමීටර් අසූවක් මඟ ගෙවා ගෙන ගොස් තම මෝටර් රථයට රුපියල් 500ක ඉන්ධන ලබාගත් රාජ්‍ය නිලධාරියකු පිළිබඳ පුවතකි.
ඔහු වියලුව ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක නිලධාරියෙකි.
සෞඛ්‍ය කාර්යය මණ්ඩල වෙත මහියංගන ප්‍රදේශයේ ඉන්ධනහලකින් ඉන්ධන නිකුත් කරන බව දැනගත් ඔහු නිවාඩුවක්ද ලබාගෙන තම ගම් ප්‍රදේශයේ සිට කිලෝමීටර් හතළිහක් මග ගෙවාගෙන මහියංගන ප්‍රදේශයේ පිහිටි අදාළ ඉන්ධන පිරවුම්හලක වෙත ගියේ තම මෝටර් රථයට අවශ්‍ය ඉන්ධන ලබාගන්නට ය.
ඔහු යන විටත් සේවකයන්ගේ ඉන්ධන පෝලිම කිලෝමීටරයකට වැඩි දුරක පැවතිණ. පෝලිමේ පසුපසින් තම වාහනය ගාල් කළ හෙතෙම පැය ගණනාවක් ගෙවමින් ඉන්ධන පිරවුම්හල අසලට සේන්දුවන විට සවස් භාගය ද ළංව තිබිණි.
ඒ වන විට ඉන්ධන අවසන්වීම හේතුවෙන් ඔහු එම ස්ථානයට ළඟා වනවිට ඉන්ධන ලබාදීම එක් වාහනයකට රුපියල් 500ක මුදලක් සීමා කර තිබිණි.
පැය ගණනක් පෝලිමේ රැඳී සිටි ඔහුට අවසානයේ දී ලැබුණේ රුපියල් පන්සීයයක් වටිනා ඉන්ධන ප්‍රමාණයක් පමණි. කරන්නට කිසිවක් නොවූ හෙතෙම රුපියල් 500ක ඉන්ධන ලබාගෙන යළිත් කිලෝමීටර් 40ක මගක් ගෙවමින් තම ගම් ප්‍රදේශය වෙත පැමිණියේ ඉතා අමාරුවෙන් තම මෝටර් රථය තුළ රැකගෙන තිබූ ඉන්ධන ප්‍රමාණය ද දහනය කර ගනිමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙදාහක් වියදම් කරගෙන ගිහින් පන්සීයක තෙල් අරන් ඇවිත්