දහවල් කඨින දානයට පන්සලට ගෙන යාමට ඇඹේනිය දුන් බැදපු හුරුල්ලන් මාළුවලට අමුතුම සෙල්ලමක් දැමූ සැමියකුට සැනින් එසැනින් ඒ පව පටිසන් දී නිවසින් යාමට සිදුවූ පුවතක් ගාලු දිසාවේ බල මාළුවට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
සැමියාගේ බේබදුකම ඔවුන්ගේ පවුලේ අගහිඟකම්වල වස්තු බීජය වී තිබිණි. කෙතරම් අගහිඟකම් තිබුණද මහගේ පිනට ලැදිය. ආගමට දහමට කැමතිය. ඒ නිසාම මෙවර සිය විහාරස්ථානයේ කඨින පිංකමේ දහවල් දානයට මිල අඩුවෙන්ම සැකසිය හැකි හුරුල්ලන් මාළු බැදුමක් ඉල්ලා ගත්තාය. ඒ මේ දිනවල හුරුල්ලන් මිල ඉතාම පහතට වැටී තිබූ නිසාය.
ඒ අනුව මහගේ හුරුල්ලන් මාළුව බොහෝම ශ්‍රද්ධාවෙන් පිළියෙළ කර දුන්නේ එහි සුවඳත් එක්ක දානේ පිඟානක් නොව දෙකක් වැළඳිය හැකි ආකාරයටය. සෑදූ මාළුව තමා ලක ලැහැස්ති වී පන්සලට යෑමට සූදානම් වුවහොත් කඨින දානය ඊළඟ දිනට කල් දාන්නට සිදුවෙන බැවින් ඇය සිය බේබදු සැමියා අත එය යැවීමට කටයුතු කළාය.
ඒ කාර්යය සත්කාර්යයක් සේ ඉටු කළ ඕනා කියාගෙන දහවල නගරයට ගියේ එන දවසේ උදේ කඩයප්පම් තැම්බීමට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒ යන අතරතුර කඨිනේ දානයේ සියලු කාර්යයන් නිමවී ආපසු එන විහාරස්ථානයේ ප්‍රධාන දායිකාව ඇයට මුණගැසුණාය. බොහෝම හොඳයි දානයට දෙන්න කියලා හුරුල්ලෝ මාළු බැඳුමක් ලියව ගෙන ඒක නොදුන්නු එක යයි කී විට මහගෙට තරු පෙනුණි. ඇයි අක්කේ මම ගෙදර උන්දෑ අතේ දහවල් හුරුල්ලෝ මාළු ටික එව්වා නේ ඇය කීවාය.
‘‘ඒක කාටවත් ලියන්න දුන්නෙත් නැහැ, අනේ මන්දන්නේ නැහැ උඹලා වගේ මිනිස්සුයි’’ කියමින් ප්‍රධාන දායිකාව ගතු කීවාය.
ආවේශ වූ මහගේ යන ගමන අතරමග නතර කර නිවසට දිව්වේ අඩියට දෙකටය. ඒ සමග බේබදු සැමියා ගොර ඇද ඇද ඇඳේ නිදා සිටියේය. කෝ මිනිහෝ පන්සලට ගෙනියන්න දුන්නු මාළු ටික යයි කියමින් වෙව්ලන සිරුරෙන් දොර මුල්ලේ තිබූ කොස්ස ගත්තේ දෙක තුනක් තඩි බාන්නය.
ඔහුගේ කටින් වහනය වූ සුපුරුදු ගන්ධයෙන් මාළුවලට සිදු වෙන්නට ඇති දේ ඉවෙන් මෙන් තේරුම් ගත් මහගේ කොසු පහර දෙක තුනක් ඔහුගේ පිට හරහා එල්ල කළේ ගාල කඩාගත් හරකෙකුට දෙන්නා සේය.
ආයෙත් මේ පැත්ත පළාතේ පස් පාගන්නට නාවාට කමක් නැතැයි කියමින් ඇය එළව එළවා ඔහුට කොසු පහර එල්ල කළාලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දානයට යැවූ හුරුල්ලන් බැදුම මගදි සැමියාට බයිට්වෙලා