කොත්මලේ - සුදත් එස්. කුමාරසිරි
තමන් රුපියල් 180 කට මිලදී ගත් පෙතිපාන් ගෙඩිය, කල් ඉකුත්වීමට පෙර රුපියල් 250 ක් ගෙවා ත්‍රීරෝද රථයකින්, රාත්‍රී 12.00 ට පෙර නිවසට රැගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා කොත්මලේ ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා විය.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු කොත්මලේ ප්‍රදේශයේ ජීවත්ව සිටින දෙදරු පියෙකි. ඔහු නිතරම වාගේ මත්පැන් පානයට ඇබ්බැහිවී සිටින අයෙකි. පසුගිය දිනක ඔහු නගරයට යාමට සූදානම් වූ අවස්ථාවක ඔහුගේ බිරිය පවසා ඇත්තේ, පසුදින දියණියට පාසලට රැගෙන යාම සඳහා පෙතිපාන් ගෙඩියක් රැගෙන එන ලෙසටය.
බිරියගේ එම ඉල්ලීමට අවනත වූ ඔහු මුලින්ම රා තැබෑරුමකට ගොස් රා පානය කොට, හොඳට පදම් වීමෙන් පසුව අදාළ නගරයට ගොස් පෙතිපාන් ගෙඩියක් රුපියල් 180 ක් ගෙවා මිලදී ගෙන ඇත.
එහිදී වෙළෙඳසලේ මුදලාලි පවසා ඇත්තේ පෙතිපාන් ගෙඩිය පසුදින කල් ඉකුත් වන බවය. ඒකට කමක් නැහැ මුදලාලි මම රාත්‍රී 12.00 ට පෙර ගෙදර යන්නම් කියා ඔහු වෙළඳසලෙන් පිටව ගොස් ඇත.
තරමක් පදම් වී සිටි නිසා, රාත්‍රී 11.20 පමණ වන තුරුත් නගරයේ රැදී සිටියේ ඔහු තවත් කිහිපදෙනෙකු සමග දේශපාලන කතාවකට එක්වෙමිනි. එහිදී එක්වරම පෙතිපාන් ගෙඩිය ගැන මතක්වූ ඔහු මට රාත්‍රී 12.00 ට පෙර නිවසට යා යුතු යැයි පවසා රුපියල් 250 ක් ගෙවා ත්‍රීරෝද රථයකින් තම නිවසට ගියේ පෙතිපාන් ගෙඩිය කල් ඉකුත් වීමට පෙරය.
එලෙස රාත්‍රී 11.50 වනවිට පෙතිපාන් ගෙඩිය ඔහු නිවසට රැගෙන ගියත්, පසුදා උදෑසන පෙතිපාන් ගෙඩිය පරීක්ෂා කිරීමේදී බිරිය දැක ඇත්තේ පෙතිපාන් ගෙඩිය කල් ඉකුත් වී ඇති බව ය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දින පනින්න කලින් පාන් ගෙඩිය ගෙනියන්න ත්‍රිවිලරයට 250ක් පුදලා
pakeer Monday, 19 August 2024 09:14 PM
මෙයා දේශපාලනය ගැනත් කතා කළාලු නේද? නියමෙට ඇති මේ වගේ අයගේ දේශපාලන දැනුම... අපරාදෙ කියන්න බෑ මේ අයත් දැන් ඉන්න අපේ හොරු දේශපාලකයින්ට හොඳට ගැලපෙනවා.