IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දුරකතනයෙන් පාර අහගෙන පෙම්වතිය සොයා ගිහින් පොලිස් රියෙන් ආපසු ඇවිත්

(උණවටුන - ඞී.ජී. සුගතපාල)
ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.


දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ  සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.


 එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය  සාර්ථක විය. ප‍්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය.


‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකිවිය.


 අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප‍්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය.


ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත.
ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප‍්‍රශ්න කරන්නට වූහ.


තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.


 එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය.


ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප‍්‍රවාහන පහසුකම් සැලසුවේය.



අදහස් (0)

දුරකතනයෙන් පාර අහගෙන පෙම්වතිය සොයා ගිහින් පොලිස් රියෙන් ආපසු ඇවිත්

සම්පත් Tuesday, 21 April 2015 08:05 AM

කෙල්ල කලබලේට ලේජ්ජාවට නැහැ කියන්න ඇති දැන් මෙයා කරපු වරද මොකක්ද පොලිසියෙන් අල්ලන් යන්න මට තේරෙන් නැහැ. (ස)

:       0       0

පහන් Tuesday, 21 April 2015 05:29 PM

මම මගේ පෙම්වතියගෙන් ඇහුව, තමාලි ඔයා හිතනවද මගේ පඩිය ප්‍රමාණවත් කියල ?අපෝ ඇති පහන් එත් ඔයා කොහොමද ජිවත් වෙන්නේ? (ස)

:       0       0

පහන් Tuesday, 21 April 2015 05:44 PM

පෙම්වතාගේ සහ සැමියාගේ වෙනස දන්නවද ?විනාඩි 45 යි .පෙම්වතියගේ සහ බිරිදගේ වෙනසනම් කිලෝ 45. (ස)

:       0       0

පහන් Tuesday, 21 April 2015 05:50 PM

පුතා තාත්ත ගෙන් ඇහුව කසාද බදින්න කොච්චර යනවද කියල ? තාත්ත කිව්වා එ්කනම් පුතේ මම හරියට දන්නේ නැහැ එත් මම තාම ගෙවනවා . කියලා (ස)

:       0       0

කුමාර Tuesday, 21 April 2015 08:14 AM

ඩයස් හරි ගැනවෙන්නනම් ඕනතරම් කර්ම තිබිල තියෙනවා. (ස)

:       0       0

නලා Thursday, 23 April 2015 03:31 PM

නියම පිරිමියෙක් වගේ දවල් කාලේ කෙල්ලගේ ගෙදට්ට ගියානම් ඉවරනේ මලේ .(ස)

:       0       0

විමල් Thursday, 23 April 2015 04:14 PM

පව් කියල හිතෙනවා..මේවා දැක්කම ඉස්සර බලපු හින්දි චිත්‍ර පටි වලටත් අන්තයි (ස).

:       0       0

කමල් Tuesday, 21 April 2015 09:49 AM

මටත් ඔහොම ගුටි කන්න අවස්ථාවක් උදාවී අනූනවයෙන් බේරුනා. ගමේ අය මාව අල්ලගත්විට බියට පත් පෙම්වතිය මාව අදුරන්නේ නැති බව කීවත් ඇයගේ ගෙදර සැර බල්ලා මාව අදුරාගත් බැවින් සියල්ලන්ටම කාරණය වැටහී මාව නිදහස් කළා. බල්ලාට තුති (බ)

:       0       0

සරත් Tuesday, 21 April 2015 11:14 PM

මල්ලි, එන්න කිව්වා නම්, ඉස්සලාම කරන්න තිබුනේ "දිවා කාලේ ඒ පැත්තේ රවුමක් දාල එන එකනේ " (ස)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 21 April 2015 11:55 PM

රෑට ජනෙල් වලින් පනින්න ගියාම ඔය වාගේ වැඩ තමයි සිද්දවන්නේ. (ස)

:       0       0

බෙනට් Wednesday, 22 April 2015 04:25 PM

ඕක මොකක්ද ? මගේ යාලුවෙකුට මහා රෑ ගෙදරට එන්න කියල ගෙදරට ගියහම පුතා දැක්ක කියල හොරෙක් හොරෙක් කියල කෑගහුවෙත් ඔය ජාතියේ කෙනෙක් තමයි (බ)

:       0       0

කුමාරිහාමි Monday, 11 May 2015 08:54 AM

කෙල්ල බොරු කියලා නැහැ. කෙල්ල දුරකතනයෙන් කතාකළාට කවදාවත් කොල්ලව දැකලා නැහැ (නදී)

:       0       0

කරුණාදාස Wednesday, 22 April 2015 11:07 AM

මේකා මහ පුදුම මෝඩයෙක්නේ! (නි)

:       0       0

නිලක්ෂි Tuesday, 21 April 2015 06:52 AM

ගෑනු ඔහොම තමයි. බිල්ලක් ඕන වුනොත් තමන්ගේ අාදරවන්තයව හරි දෙනවා. එක මල්ලි ලෝකේ හැටි. ඉතින් අපේ මල්ලිලා ටික මේකෙන්වත් පාඩමක් ඉගන ගත්තොත් අගෙයි. (ස)

:       0       0

ජෙහාන් Tuesday, 21 April 2015 01:09 PM

මොනවාටද ඔය දුරකථන මල් කැඩිල්ල කරන්න ගියේ ? (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 21 April 2015 01:17 PM

කමලුත් එහෙනම් කොටු පැනල තියෙනවා රෑට රෑට නේද ?(බ)

:       0       0

ගමගේ Tuesday, 21 April 2015 07:05 AM

ජංගම දුරකතනයෙන් ලැබෙන වැරදි ඇමතුම් ඔස්සේ ජංගම ආදර සම්බන්ධතා චොකලට් වලින් රස ගැන්වීම කළනොහැකි බව මේ සිද්ධියෙන් පැහැදිලි වේ. (නි)

:       0       0

සුදත් Tuesday, 21 April 2015 07:08 AM

කෙල්ල දීලා තියෙන්නේ නියම ළණුවක් (නි)

:       0       0

චින්තක Thursday, 23 April 2015 02:42 AM

සඳුන් , තව එකක් තියෙනෙව. ගෙදර බල්ලා යාලු කර ගැනීම. (කමල් ගේ අත්දැකීම ) කෙල්ල / ස්ත්‍රිය පිටු පෑවට බල්ලෝ එහෙම නෑ. උන්ට කල ගුණ මතක තියෙනවා. (ස)

:       0       0

ඩයස් Tuesday, 21 April 2015 07:12 AM

කොල්ලට තිබුණේ දුරකතන අංකය කට්ටියට පෙන්නලා ගැළවෙන්න (නි)

:       0       0

තුවාන් ෆර්සාන් Tuesday, 21 April 2015 03:04 PM

ගෑනු ඔහොම තමයි බිල්ලක් ඕන වුනොත් තමන්ගේ අාදරවන්තයව හරි දෙනවා. එ්ක මල්ලි ලෝකේ හැටි. ඉතින් අපේ මල්ලිලා ටික මේකෙන්වත් පාඩමක් ඉගන ගත්තොත් අගෙයි. ((බ)

:       0       0

සෙලිනා Wednesday, 22 April 2015 12:54 PM

සරත්ගේ මොළේ තමයි මොළේ. පින්නට අහුවෙන්න දෙන්න එපා (නි)

:       0       0

සමන්ත Tuesday, 21 April 2015 04:19 PM

මොන මගුලකටද නොදන්න අයත් එක්ක පෙම් කෙලින්න ගියේ..! (බ)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 07:52 AM

පරව ගිය පෙම් කැකුළ (බ)

:       0       0

සඳුන් Tuesday, 21 April 2015 04:32 PM

බලන්න මේ ෆෝරම් එක කොතරම් වැදගත්ද කියල. දැන් අපි බේරෙන්න ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. 1. ෆෝන් එකේ කෝල් හිස්ට්‍රිය මකා නොදැමීම. 2. කෙල්ල නැතත් බල්ලා යාළුකර ගැනීම. තව දන්නා අය බහුජන හිතාය, බහුජන සුඛාය කියල ලියන්න. ස්තුතියි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 648 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 709 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9409 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 327 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 718 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site