IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින්

ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැපැල් කන්තෝරුවකට යාම ඔහුගේ සිරිතය.

පසුගිය දිනෙක තැපැල් කාර්යාලයකට ගිය ඔහු යුවතියක වූ උපතැපැල් ස්ථානාධිපතිවරියට දුරකතන අංකයක් පවසා එයට ඇමතුමක් ගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඇමතුම අවසන්ය. මුද්‍රිත බිල්පත තැපැල් ස්ථානාධිපතිනිය තරුණ ව්‍යාපාරිකයා අත තැබුවාය. එහි මුදල රුපියල් දහඅටක් ලෙස සඳහන් විය. දැඩි විමසිල්ලෙන් ඒ දෙස බැලූ ව්‍යාපාරිකයා මිස් මට රුපියල් දෙකක් දෙන්නැයි ඉල්ලූවේය. ඇය ඔහු අත රුපියල් දෙකේ කාසියක් තැබීය. ”එතකොට මිස් රුපියල් විස්සයි” මම හෙට රුපියල් විස්ස ගෙනවිත් දෙන්නම්” කියා ඔහු සිය රථයට ගොඩවූයේ තැපැල් ස්ථානාධිපතිනිය තුෂ්ණිම්භූතව බලා සිටියදීය.

කර කියාගත දෙයක් නොවූ උපතැපැල් ස්ථානාධිපතිනිය සිය අත්බෑගය විවර කර රුපියල් විස්සක් ගෙන ලාච්චුවට දැම්මේ විගණන ගැටලූවක් ඇතිවීම වැළැක්වීම සඳහාය.



අදහස් (0)

දුරකතන ඇමතුමක් අරන් අපූරු පොල්ලක් තියල ගිහින්

කුමාරි Tuesday, 14 January 2014 10:37 AM

ගනු දෙනු; කියලනේ කතාවටත් කියන්නේ. ඇයි ඉතින් මේ මැඩම් ගන්න කලින් දුන්නේ? (දී)

:       0       0

දිලිප් සාලින්ද Monday, 13 January 2014 08:02 PM

මාර වැඩක් නේද කරලා තියෙන්නේ? (නදී)

:       0       0

ජයතිස්ස Wednesday, 15 January 2014 09:45 AM

ඉතින් ඊට පසුවදා ගෙනත් දීල නැද්ද... (දී)

:       0       0

දයා අලහාකෝන් Monday, 13 January 2014 10:10 AM

මෙයාගේ ව්‍යාපාරයත් පොළු තැබීමද? (නදී)

:       0       0

ධම්ම Monday, 13 January 2014 10:42 AM

මේක තමයි වෙනස. ව්‍යාපාරිකයා රුපියල් විස්සකට ලෝබකම් කලාට දුප්පත් අප එහෙම කරන්නේ නැහැ. (නදී)

:       0       0

ගිම්හානි Tuesday, 14 January 2014 06:17 AM

හෙට කියලා දවසක් තියෙනවද දන්නේ නැහැ ඒ මනුස්සයාගේ පොතේ (දී)

:       0       0

කුෂාන් චාමර Monday, 13 January 2014 11:46 AM

බිස්නස් කරන කෙනෙක්නේ (දිල්)

:       0       0

ලාල් කැන්ඩි Monday, 13 January 2014 03:55 PM

කතාව ඇත්ත නම් මෙයා කපටිම කපටි හොරෙක්.(නදී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:56 PM

සමහරවිට වියාපාරිකයෙක් නිසා රුපියල් 2 අරගෙන කලබලේට රුපියල් 20 දෙන්න අමතක වෙන්න ඇති. ඒකත් එක්තරා කට්ට කමක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 481 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site