ජංගම දුරකථනය ඔස්සේ පෙම්වතියක සමග පෙමින් වෙළී සිටි රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරු පෙම්වතෙක් ඇයගේ ආරාධනාවකට අනුව දික්වැල්ල ප්‍රදේශයේ සිට නවීන පන්නයේ යතුරුපැදියකින් පසුගියදා ගොඩකවෙල නගරයට පැමිණියේය.
එසේ පැමිණීමෙන් අනතුරුව එම තරුණයාගේ යතුරුපැදිය කිසියම් පුද්ගලයකු විසින් වංචනිකව රැගෙන පලා ගිය බවට එම තරුණයා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ගොඩකවෙල පොලිසිය කියයි.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි එම තරුණයාගේ ජංගම දුරකතනයට මීට මාස තුනකට පමණ පෙර කාන්තාවක ඇමැතුමක් ලබාදී තිබේ. තරුණයා එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය හා මිත්‍ර වී ඇති බවට පැමිණිලිකරුගෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
තරුණියගෙන් දිගින් දිගටම ලැබුණු ළයාන්විත දුරකතන ඇමැතුම්වලින් කියා ඇත්තේ ඇය ඉගෙනුම් කටයුතුවල නියැලෙන දහඅට හැවිරිදි තරුණියක බවකි. ඉන්පසුව තරුණයා ඇය සමග දුරකතනය ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. පසුව තරුණයා කීප අවස්ථාවකදීම ඇය මුණගැසීම සඳහා දිනයක් හා ස්ථානයක් ලබාදෙන ලෙස පෙම්වතියගෙන් ඉල්ලා ඇති බව තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී යැයි පොලිසිය පවසයි.
එයට ප්‍රතිචාර දක්වමින් දුරකතන පෙම්වතිය තරුණයාට පවසා ඇත්තේ තමා උපකාරක පංතියකට සහභාගි වීම සඳහා ගොඩකවෙල නගරයට පැමිණෙන බවකි.
එදිනට හමුවීමට හැකිනම් ගොඩකවෙල නගරයට එන ලෙසද එම තරුණයාට තරුණිය පවසා ඇතැයිද ඒ අනුව තරුණයා ගොඩකවෙල නගරයට පැමිණ ඇති බව පොලිසිය කියයි.
තරුණයා තම දික්වැල්ල නිවසින් පිටත්වන විටත් ඇඹිලිපිටිය නගරය පසුවෙන තුරුත් කීප අවස්ථාවකදීම ඒ බව තම පෙම්වතියට දැනුම්දීමට තරුණයා කාරුණිකවී ඇතැයිද පොලිසිය පවසයි.
ගොඩකවෙල නගරයට පැමිණ තවත් කිලෝමීටර් පහළොවක පමණ දුරක් ඇති බවත් එතෙක් එම ස්ථානයේම රැඳී සිටින ලෙස තරුණයා විසින් තරුණියට දැනුම් දී ඇති බවට කරුණු හෙළි කරමින් තරුණයා පැවැසූ බව පොලිසිය කියයි.
තරුණයා ගොඩකවෙල නගරයට ආසන්න වෙත්ම තරුණිය පවසා ඇත්තේ තමන් උපකාරක පන්තියට යන වේලාව පසුවී ඇති නිසා පන්තියට සහභාගි වන බවකි. එම නිසා කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කරගනිමුයි ඇය තරුණයාට යෝජනා කර ඇති බවත් ඒ අනුව පැය දෙකක පමණ වේලාවක් කෙටි පණිවිඩ මගින් දෙදෙනා වචන හුවමාරු කරගෙන ඇති බවට හෙළිවූ බව පොලිසිය පවසයි.
මම මාමා ගොඩකවෙලට එවන්නම්. පන්තිය ඇරෙන වෙලාවට මාමත් එක්ක ඔයා ළඟට එන්නම්. ඔයාගේ දුරකථන අංකයත් මම මාමාට දුන්නා යැයි ඇය කෙටි පණිවිඩයක් මගින් තරුණයාට දන්වා ඇතැයි පොලිසිය කියයි.
පසුව මාමා යැයි කී පුද්ගලයාගෙන් තරුණයාට දුරකතන ඇමැතුමක් ලැබී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා ගොඩකවෙල නගරයේදී තරුණයාට මුණගැසී ඇති බව පොලිසිය කීය. පුතා ගැන දුව කියලා තිබෙනවා. තව ටිකකින් දුවට පංතිය ඇරෙනවා. මම දුව එක්කන් එන්නම්. හැබැයි පොඞ්ඩක් පරක්කු වෙයි ටික දුරක් පයින් යන්න තිබෙන නිසා යැයි හමු වූ මාමා තරුණයාට පවසා ඇති බවත් එයට ප්‍රතිචාර දක්වමින් තරුණයා තම යතුරුපැදිය එම පුද්ගලයාට ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.
යතුරුපැදිය පණ ගන්වාගත් එම පුද්ගලයා තරුණයාට ආචාර කර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් තරුණයා එම අවස්ථාවේ අසල වෙළඳසලකට ගොඩවී තම පෙම්වතියට අවශ්‍ය කරන තෑගි භෝග රැගෙන පැයක පමණ වේලාවක් එම ස්ථානයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.
පසුව තරුණයා විසින් යතුරුපැදිය රැගෙන ගිය අයට දුරකතනය ඔස්සේ ප්‍රමාදයට හේතු විමසා ඇත. දුව යම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයිද දුව සොයාගෙන පැමිණෙන තුරු එම ස්ථානයේ රැඳී සිටින ලෙස එම පුද්ගලයා පැවැසීමෙන් අනතුරුව තරුණයා පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීවේය. ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර පල්ලේවෙල මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක නාමසිරිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ සිදුකරති.
(පල්ලේබැද්ද රෝහණ සමරවීර)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුරකතන පෙම්වතාට පෙම්වතියගෙන් දාර ලණුවක්