බිරියට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඉන් එක් දරුවකු මියගිය බවත් පවසා මරණාධාර සමිතියෙන් රුපියල් දහදාහක් වංචාවෙන් ගත් පුවතක් හාලිඇල ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
දරු ප‍්‍රසූතිය සඳහා තම බිරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ සැමියා හාලිඇල නගරයට පැමිණ ඇත. තමා සන්තකයේ මුදල් නොමැතිවීම නිසා ඔහුට අපූරු අදහසක් පහළ විය. ඔහු සාමාජිකත්වය දරන මරණාධාර සමිතියේ නිලධාරීන් හමුවී තම බිරිය දරුවන් දෙදෙනකු බිහිකළ බවත් ඉන් එක් දරුවකු මිය ගිය බවත් මළ සිරුර වත්තට රැුගෙන නොඑන බවත් පවසා මරණාධාරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා හාලිඇල ලංකා බැංකුවට පැමිණ රුපියල් දස දහසක මරණාධාරය ලබා දී තිබේ. පැය ගණනක් ගිය පසු එම පුද්ගලයා හොඳ හැටි මත්පැන් බී පදම් වී සිටිනු දුටු නිලධාරීන්ට සැකයක් පහළවී ඇත. ඔවුන් පසුව රෝහලට ගොස් කරුණු සොයා බලද්දී බිරිය එක් දරුවකු ප‍්‍රසූත කළ බවට හෙළිවී තිබේ.
තොරතුරු දැනගත් නිලධාරීන් වහාම බදුල්ල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර පසුව මරණාධාරය වෙනුවෙන් ලබා දුන් රුපියල් දස දහස නැවත සමිතිය වෙත ගෙවීමට අදාළ පුද්ගලයා පොලිසියේ දී එකඟවී ඇත.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවකු මියගියැයි බොරුකියා මරණාධාර සමිතියෙන් දහදාහක් අරන් පදමට ගහලා
වරුණ Wednesday, 12 June 2013 12:01 PM
කුඩු,අරක්කු වලට බිරිද හරි දුව හරි විකුණන කාලයක් මේක ? ඒ වුනාට කියන්නේ මතට තිත කියලා. (ස)
ජයසිංහ Wednesday, 12 June 2013 12:18 PM
සම්පත් මහත්මයා අදහසක් දාලා තිබුණා.අරක්කු බොන්න සල්ලි තිබෙනවා මින්සිසුන්ට දැන් පේනවා නේද බොන පාට්ලගේ හැටි. (ස)
රන්ජනී ලන්ඩන් Wednesday, 12 June 2013 11:29 PM
මේ මිනිහ නරක වැඩේ කලත් මාර මොළ කාරයෙක්,අර නිලධාරී දෙන්නටම වඩා. බිවුවේ නැත්නම් අහුවෙන්නේ නැහැනේ. (නි)
දිනේෂ් Wednesday, 12 June 2013 04:53 PM
නිලධාරීන්, හරියට හොයල බලල සල්ලි දුන්නනම් ඉවරයිනේ.(ස)
අජිත් කරුණාරත්න Friday, 14 June 2013 06:44 PM
අපේ ගමේ මරණාධාර සමිතියේ මුදල් ගෙවන්නේ මාස හයකට වැඩි වයසේ සාමාජිකයකුගේ මරණයකදී විතරයි. උපන් ගමන් මියගිය දරුවන්ට ගෙවන්නේ නැහැ. (නි)
මාධව Saturday, 15 June 2013 09:06 AM
අනේ මන්දා. අපි නම් ඕවා දන්නෙ නැහැ (නි)
මනෝජ් -සාජා Wednesday, 12 June 2013 08:12 PM
අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
ආනන්ද ආර් Wednesday, 12 June 2013 08:13 PM
ලැබුණු දරුවා විකුණගෙන සල්ලි හොයන්න නොහිතපු එක ඇති.(නදී)
දම්මිකා සෞදි Wednesday, 12 June 2013 08:37 PM
විකුණලා තියෙන්නේනම් නුපන් දරුවනේ තවම මතට තිත නෙවෙයි මතට හිත.(නදී)