IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දරුවාගේ පෝෂණ මල්ල විකුණා මිතුරන්ට බොන්න දීලා

කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
හේ ගාල්ලට නුදුරු නියම්ගමක පදිංචිකරුවෙකි. පෞද්ගලික අංශයේ රැකියාව කරන අතර හොඳම බොනපාට් කෙනෙකි. 
තම මවුපියන්ගේ බලකිරීම මත විවාහයක් කරගත් අතර කලක් ගතවද්දී බිරියට දරුවකුද ලැබුණි. ඒ හේතුවෙන් මෙම බොනපාට් මත්පැන් පානය කිරීමද යම්තාක් දුරට අඩුකර ගත්තේ සිය බිරියගේ පෙරැත්තය මතය. 
කෙසේ නමුත් එක්තරා දිනක හැන්දෑවක මෙම පුද්ගලයා මුණගැසීමට  මිතුරන් දෙදෙනෙක් නිවෙසට පැමිණියහ. තමුන් මත්පැන් පානය කිරීම නවතා ඇති බව ඔහුට අමතක විය. මිතුරන්ට සංග්‍රහ කිරීමට තරම් මුදලක්ද තම අත නොවන බව ඔහුට වැටහිණි.
මේ අවස්ථාවේ මෙම බොනපාට්ට එක් දෙයක් සිහියට නැගුණි. එනම් තම බිලිඳාගේ පෝෂණය සඳහා රජයෙන් ලබාදෙනු ලබන පෝෂණ මල්ලේ මුදල් ගෙදර තිබෙන බවයි.
මෙම මුදලින් තම මිතුරන්ට සංග්‍රහ කිරීමට හෙතෙම අදිටන් කර ගත්තේය. තම බිරියට හොරෙන් මෙම පෝෂණ මල්ලේ මුදල්ගෙන කෙළින්ම පිය නැගුවේ තම නිවෙසට ටිකක් දුරින් පිහිටි අවන්හල වෙතය. පෝෂණ මල්ලේ මුදලින් බයිට් තුනක් සහ අවශ්‍ය මත්පැන් ලබාගත් මෙම බොනපාට් නිවෙසට ගොස් තම මිතුරන් හා සප්පායම් වෙමින් විනෝද විය.


පසුදා පහන්විය. තම බිලිඳාට රජයෙන් ලබාදුන් පෝෂණ මල්ලේ මුදල් ගැන මෙම බොනපාට්ගේ බිරියට සිහියට ආවේය.
පසුව එයින් බිලිඳාට අවශ්‍ය ආහාර ලබාගෙන ඒමට සිය නැන්දම්මාට මෙම මුදල් තබා තිබූ තැන කීවාය. එම ස්ථානය පිරික්සූ නැන්දම්මා මෙම බොනපාට්ගේ බිරියට පවසා ඇත්තේ එම මුදල් නොමැති බවයි.
මේ ගැන බිරිය සිය සැමියාගෙන් විමසීමට සිතාගෙන පැමිණි විට බොනපාට්ට තමන් මිතුරන්ට සංග්‍රහයට බයිට් සහ මත්පැන් ගෙනා බව බිරියට පැවසීමට නොහැකිව හීන් දාඩිය දමා හෙමින් සීරුවේ නිවෙසින් බැහැරවිය. 
කෙසේ වෙතත් මුදල් නොමැතිව සිටි සිය සැමියා තම දරුවාගේ පෝෂණ මල්ලේ මුදලින් මිතුරනට සංග්‍රහ කර ඇති බව වටහා ගැනීමට වැඩි වේලාවක් ගතනොවීය. අනේ කාලේ වනේ වාසේ යැයි කියමින් මෙම කාන්තාව තම සැමියා ගැන කලකිරීමෙන් යුතුව බිලිඳාට මව්කිරි පොවනවා යැයි සිතා කාමරයට පියමං කළාය.



අදහස් (0)

දරුවාගේ පෝෂණ මල්ල විකුණා මිතුරන්ට බොන්න දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site