(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ගුවන් විදුලි ළමා ගීත ගායනා වැඩසටහනකදී නිවේදිකාව පෙරපාසල් දරුවෙකුගෙන් ඇසූ පැනයට දුන් පිළිතුරින් නිවේදිකාව මෙන්ම දරුවාගේ මවද අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ග්‍රාමීය ප්‍රදේශයක පෙරපාසලක පාලිකාව ගුවන් විදුලි සේවයක ළමා ගීත ගායනා වැඩසටහනකට තමාගේ පෙරපාසලේ දරුවන්ද රැගෙන ගියේ ඔවුන්ගේ මව්පියන්ද සමගය.
දරුවන් මෙන්ම මව්පියන්ද මෙම ගමනට එක්වූයේ මහත් සතුටිනි. ජීවිතයේ පළමු වරට තමාගේ දරුවාට ගුවන් විදුලියෙන් ගීතයක් ගායනා කිරීමට ලැබීම පිළිබඳව මව්පියන් පසුවූයේ මහත් අභිමානයෙනි. ඔවුන් පුල පුලා බලා සිටි ළමා ගීත ගායනා වැඩසටහන පටිගත කිරීම ආරම්භ විය. නිවේදිකාව එක් මැදිරියක සිට දරුවන් ලවා ගීත ගායනා කරවයි. අනෙක් පස වීදුරුවෙන් එහා සිට මව්පියෝ එය නරඹති.
නිවේදිකාව දරුවන් ළඟට ගනිමින් ඔවුන් සමගද කථා බහ කරමින් ගීත ගායනා කරවීමේ නිරතව සිටී. මීළඟට මයික්‍රොෆෝනය ළඟට ආවේ කටකාර කොලු පැටියෙකි. නිවේදිකාව ද දරුවාගේ නම, ගම, ආගිය විස්තර කතා කරමින් සිටී
“හරි පුතා දැන් සිංදුව කියන්නේ කවුරු ගැන ද?” නිවේදිකාව විමසීය. “පූස් පැටව් ගැන” දරුවා පිළිතුරු දුන්නේය. “පුතාගේ ගෙදර පූස් පැටව් ඉන්නවද?” නිවේදිකාව යළි දරුවාගෙන් විමසීය. “පූස් පැටව් ගොඩක් අපේ ගෙදර හිටියා. අපේ අම්මා එයාලා සේරම පන්සලට ගිහින් දැම්මා” යැයි දරුවා පිළිතුරු දුන්නේය.
වැඩසටහන නිමාවීමෙන් පසු සිදු වූ දෙයින් ලැජ්ජාවට පත් මව “මේකා ආයේ නම් කිසි දිහාක ගෙනියන්නෑ” කියමින් දරුවාද අතින් ඇදගෙන ගොස් තරවටු කරමින් ඔවුන් පැමිණි බස් රථයට නැග්ගේලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවාගේ පිළිතුරෙන් නිවේදිකාවත්, මවත් හොල්මන්
H.M. Anurasiri Herath Tuesday, 29 October 2019 07:10 AM
පොඩි දරුවන්ගේ සිත් දූෂිත වෙලා නැහැනේ.. එමනිසා ඇත්ත කියන්න.
Kumar Wednesday, 30 October 2019 04:36 PM
ඇමෙරිකාවේ පොලිස්කාරයන් සෙල්ලම් පිස්තෝල අතේ තිබෙන අහිංසක ළමයින් කිහිපදෙනෙක් වෙඩිතබා මරලා තිබෙනවා. ඒ විතරක් නොවේ පහතට වැටෙන තමන්ගේ කලිසම ඉහළට ඇදගැනීමට තැත්කළ කිසිම වරදක් නොකළ අය මරාදමලා තිබෙනවා. එසේ කලේ ඉනෙන් පිස්තෝලයක් අදින්න යනවා කියලා සිතාගෙනලු. ඇමෙරිකාවේ පොලිසියෙන් නතරකළොත් තමන්ගේ කලිසම බිමටම වැටුණත් අල්ලන්න යන්න එපා. මෙහෙ පොලිස්කාරයින් ඉන්නේ බයේ ගැහිගැහී...
AsankaThursday, 31 October 2019 06:17 AM
කලිසම් පහතට වැටෙන්න අඳින්නේ කවුද කියලා දන්නවා ඇතිනේ... එම කළු ජාතිකයන් පොලිසියෙන් දෙන නියෝග පිළිපදින්න කැමති නැහැ. ඔබ අන්තර්ජාලයේ බලන්න ඔවුන් වෙඩි කෑවේ ඉල්ලගෙන, ගිනි අවි දික්කරගෙන නිලධාරියෙක් අණකලොත් අත උස්සන්න එ්ක කරන්නම ඕනෑ.