රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්නැයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඥාති නිවසකට ගොස් රෝහලේ දී මියගිය බවට මුනුපුරෙකු ලවා දුරකතන පණිවුඩයක් ලබාදී ඇතැයි කියන වයෝවෘද්ධ මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 79 ක් වූ සිව්දරු මවක් මහ ගෙදර නිවසේ තනිවම පදිංචිව සිටියාය. ඇගේ සැමියා කලකට ඉහත දී මිය ගොස් ඇති අතර එක් දියණියක් මහගෙදර ආසන්නයේ ද තවත් දියණියක් අල්ලපු ගමේ ද සෙසු දියණිය සහ පුතා පිට පළාත්වල ද පදිංචිව සිටිති.
නිවස ආසන්නයේ පදිංචිව සිටින දියණිය සිය වයෝවෘද්ධ මවට ඉඳහිට කෑම වේලක් ලබා දී ඇති අතර ඇය ගැන සොයා බැලීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි. ඉකුත් දිනක සිව් දරු මවට හදිසියේම බඩේ ඇති වූ දැවිල්ලක් හේතුවෙන් නිවසේ කෑ ගසමින් සිට ඇත. පසුව අල්ලපු නිවසේ පදිංචිව සිටින දියණිය පැමිණ මන්දැයි විමසා ත්‍රීරෝද රථයකින් මව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ගොස් තිබුණි. දින තුනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ සිව් දරු මව බැලීමට අසල පදිංචිව සිටින දියණිය හෝ අල්ලපු ගමේ පදිංචිව සිටින දියණියවත් පිට පළාත්වල පදිංචිව සිටින දරුවකුවත් පැමිණ නැත.
දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා අසනීප තත්ත්වය සුව වීමෙන් පසුව රෝහල් කාර්ය මණ්ඩලය සිව් දරු මවට නිවසට යා හැකි බව දන්වා ඇත. පසුව මවට වාට්ටුවේ වෛද්‍යවරයා විසින් බාහිර රෝගී අංශයෙන් ලබා ගැනීමට ලියා තිබුණු ඖෂධ ටික ලබාගෙන යළි සිය නිවසට යනවා ද? නැද්ද? පිළිබඳව බාහිර අංශයේ තිබුණු පුටුවේ හිඳගෙන කල්පනා කර තිබේ.
තවදුරටත් නිවසට යනවාට වඩා ඥාති පවුලක නිවසකට යනවා යැයි සිතා කිලෝමීටර් 11 ක් ඈතින් පදිංචිව සිටින ඥාති නිවසකට සැන්දෑවෙහි පා ගමනින් ගමන් කළාය. නිවසට ගිය සිව් දරු මව ඥාතිවරිය විසින් පිළි ගෙන ආ ගිය තොරතුරු විමසුවාය. කනස්සල්ලට පත් ඥාතිවරිය හනික තේ කෝප්පයක් සාදා දී වතුර ටිකක් උණු කර දී මූණ කට සෝදාගැනීමට ද සිව් දරු මවට සැලැස්සුවාය. මූණ කට සෝදාගත් වයෝවෘද්ධ මව එම නිවසේ පදිංචිව සිටින පාසල් යන දැරියකට දියණියකගේ දුරකතන අංකය ලබා දී කියා ඇත්තේ මේ කතා කරන්නේ කෑගල්ලේ රෝහලෙන් බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මව මීට සුළු මොහොතකට පෙර මියගිය බවත් දේහය ලබා ගැනීමට හෙට පෙරවරු නවයට කෑගල්ල රෝහලට පැමිණෙන ලෙසත් දන්වා සිටින ලෙස පැවසුවාය.
පසුව පාසල් දැරිය වයෝවෘද්ධ මව අසල රැදීසිටිය දී ඇමතුමක් මවගේ දියණියගේ දුරකතනයට ලබා ගත්තාය. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මව මීට සුළු වේලාවකට ඉහතදී මිය බවත් දේහය ලබා ගැනීමට හෙට උදේ රෝහලට පැමිණෙන ලෙසත් දන්වා දුරකතනය විසන්ධි කළාය. දුරකතන ඇමතුම ලබා ගෙන ඇතැයි කියන දියණිය හඬා වැලපෙමින් රාත්‍රියේම අල්ලපු ගමේ පදිංචිව සිටින වැඩිමල් සහෝදරියටත් පිට පළාත්වල පදිංචිව සිටින සහෝදරියට සහෝදරයාටත් හඬා වැලපෙමින් මවගේ මරණය සම්බන්ධයෙන් දන්වා ඇති බව වාර්තා වෙයි.
පසුව දියණියන් දෙදෙනා හඬා වැලපෙමින් පසුදා උදේ දේහය ලබා ගැනීමට කෑගල්ල මහ රෝහලට පැමිණ තිබුණු අතර එවැනි මරණයක් සිදුව නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය කාන්තාවන් දෙදෙනාට දන්වා තිබුණි. රෝගියා මියගිය බවට දුරකතන ඇමතුම ලබාදී ඇතැයි කියන ජංගම දුරකතනයට දියණියක් යළි ඇමතුමක් ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළාය.
එහිදී අනාවරණය වී ඇත්තේ රෝහලට ඇතුළත් කර ගියා ගියාමයි නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවේ දී එක් දියණියකවත් සුවදුක් විමසා බැලීමට නොපැමිණි හේතුවෙන් කනස්සල්ලට පත් වී ඥාති නිවසකට ගොස් දැරියක ලවා සිව් දරු මවගේ උපදෙස් පරිදි ඥාති තරුණියක දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවය. පසුව දියණියන් දෙදෙනා හඬා වැලපෙමින් මව පදිංචිව සිටින නිවසට ගොස් සුවදුක් විමසා යළි ආපසු නිවසට යාමට ආරාධනා කළත් ඇය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. පසුව දියණියන් දෙදෙනා ආපසු නිවාස කරා ගොස් ඇති බවත් කියවෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා