IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා

රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්නැයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඥාති නිවසකට ගොස් රෝහලේ දී මියගිය බවට මුනුපුරෙකු ලවා දුරකතන පණිවුඩයක් ලබාදී ඇතැයි කියන වයෝවෘද්ධ මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 79 ක් වූ සිව්දරු මවක් මහ ගෙදර නිවසේ තනිවම පදිංචිව සිටියාය. ඇගේ සැමියා කලකට ඉහත දී මිය ගොස් ඇති අතර එක් දියණියක් මහගෙදර ආසන්නයේ ද තවත් දියණියක් අල්ලපු ගමේ ද සෙසු දියණිය සහ පුතා පිට පළාත්වල ද පදිංචිව සිටිති.
නිවස ආසන්නයේ පදිංචිව සිටින දියණිය සිය වයෝවෘද්ධ මවට ඉඳහිට කෑම වේලක් ලබා දී ඇති අතර ඇය ගැන සොයා බැලීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි. ඉකුත් දිනක සිව් දරු මවට හදිසියේම බඩේ ඇති වූ දැවිල්ලක් හේතුවෙන් නිවසේ කෑ ගසමින් සිට ඇත. පසුව අල්ලපු නිවසේ පදිංචිව සිටින දියණිය පැමිණ මන්දැයි විමසා ත්‍රීරෝද රථයකින් මව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ගොස් තිබුණි. දින තුනක් රෝහලේ ප්‍රතිකාර ලැබූ සිව් දරු මව බැලීමට අසල පදිංචිව සිටින දියණිය හෝ අල්ලපු ග⁣මේ පදිංචිව සිටින දියණියවත් පිට පළාත්වල පදිංචිව සිටින⁣⁣ දරුවකුවත් පැමිණ නැත.


දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා අසනීප තත්ත්වය සුව වීමෙන් පසුව රෝහල් කාර්ය මණ්ඩලය සිව් දරු මවට නිවසට යා හැකි බව දන්වා ඇත. පසුව මවට වාට්ටුවේ වෛද්‍යවරයා විසින් බාහිර රෝගී අංශයෙන් ලබා ගැනීමට ලියා තිබුණු ඖෂධ ටික ලබාගෙන යළි සිය නිවසට යනවා ද? නැද්ද? පිළිබඳව බාහිර අංශයේ තිබුණු පුටුවේ හිඳගෙන කල්පනා කර තිබේ.
තවදුරටත් නිවසට යනවාට වඩා ඥාති පවුලක නිවසකට යනවා යැයි සිතා කිලෝමීටර් 11 ක් ඈතින් පදිංචිව සිටින ඥාති නිවසකට සැන්දෑවෙහි පා ගමනින් ගමන් කළාය. නිවසට ගිය සිව් දරු මව ඥාතිවරිය විසින් පිළි ගෙන ආ ගිය තොරතුරු විමසුවාය. කනස්සල්ලට පත් ඥාතිවරිය හනික තේ කෝප්පයක් සාදා දී වතුර ටිකක් උණු කර දී මූණ කට සෝදාගැනීමට ද සිව් දරු මවට සැලැස්සුවාය. මූණ කට සෝදාගත් වයෝවෘද්ධ මව එම නිවසේ පදිංචිව සිටින පාසල් යන දැරියකට දියණියකගේ දුරකතන අංකය ලබා දී කියා ඇත්තේ මේ කතා කරන්නේ කෑගල්ලේ රෝහලෙන් බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මව මීට සුළු මොහොතකට පෙර මියගිය බවත් දේහය ලබා ගැනීමට හෙට පෙරවරු නවයට කෑගල්ල රෝහලට පැමිණෙන ලෙසත්  දන්වා සිටින ලෙස පැවසුවාය.
පසුව පාසල් දැරිය වයෝවෘද්ධ මව අසල රැදීසිටිය දී ඇමතුමක් මවගේ දියණියගේ දුරකතනයට ලබා ගත්තාය. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මව මීට සුළු වේලාවකට ඉහතදී මිය බවත් දේහය ලබා ගැනීමට හෙට උදේ රෝහලට පැමිණෙන ලෙසත් දන්වා දුරකතනය විසන්ධි කළාය. දුරකතන ඇමතුම ලබා ගෙන ඇතැයි කියන දියණිය හඬා වැලපෙමින් රාත්‍රියේම අල්ලපු ගමේ පදිංචිව සිටින වැඩිමල් සහෝදරියටත් පිට පළාත්වල පදිංචිව සිටින සහෝදරියට සහෝදරයාටත් හඬා වැලපෙමින් මවගේ මරණය සම්බන්ධයෙන් දන්වා ඇති බව වාර්තා වෙයි.
පසුව දියණියන් දෙදෙනා හඬා වැලපෙමින් පසුදා උදේ දේහය ලබා ගැනීමට කෑගල්ල මහ රෝහලට පැමිණ තිබුණු අතර එවැනි මරණයක් සිදුව නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය කාන්තාවන් දෙදෙනාට දන්වා තිබුණි. රෝගියා මියගිය බවට දුරකතන ඇමතුම ලබාදී ඇතැයි කියන ජංගම දුරකතනයට දියණියක් යළි ඇමතුමක් ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළාය.
එහිදී අනාවරණය වී ඇත්තේ රෝහලට ඇතුළත් කර ගියා ගියාමයි නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවේ දී එක් දියණියකවත් සුවදුක් විමසා බැලීමට නොපැමිණි හේතුවෙන්  කනස්සල්ලට පත් වී ඥාති නිවසකට ගොස් දැරියක ලවා සිව් දරු මවගේ උපදෙස් පරිදි ඥාති තරුණියක දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවය. පසුව දියණියන් දෙදෙනා හඬා වැලපෙමින් මව පදිංචිව සිටින නිවසට ගොස් සුවදුක් විමසා යළි ආපසු නිවසට යාමට ආරාධනා කළත් ඇය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. පසුව දියණියන් දෙදෙනා ආපසු නිවාස කරා ගොස් ඇති බවත් කියවෙයි.

 

කෑගල්ල අධිකරණ  චමින්ද වැවතැන්න

 



අදහස් (0)

දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ඡන්දෙ බාගන්න ලේළි නැන්දම්මාට බටර් ගාලා
2024 සැප්තැම්බර් මස 18 449 0

ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වුවත් එයට පින් සිද්ධවෙන්න සිය නිවසේ ගිනි පුපුරු දෙක ශීතලවී මුළු නිවසම සීතලවී ඒ සීතලෙන් දෙසවනට සහනයක් ලැබූ අයකු පිළිබඳව අ


අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන
2024 සැප්තැම්බර් මස 13 1226 0

ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා
2024 සැප්තැම්බර් මස 12 1093 0

බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා
2024 සැප්තැම්බර් මස 11 1412 0

දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් න


ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 10 1455 0

කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ


උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා
2024 සැප්තැම්බර් මස 09 820 0

සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site