IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


දුවගේ කෙරුවාව එළිවී තාත්තාට බූවල්ලෙන් ගහගන්න වෙලා

 (කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා මර්දන නීති රීති කඩකරමින් මගී ප්‍රවාහන බස් රථයේ පිටුපස අසුනේ අනග රැගුම් පාමින් සිටි තරුණයාට හා තරුණියට දෙහි කපමින් ආ තැනැත්තාට ඒ අනග රැගුම් පා ඇත්තේ සිය දියණිය බව හෙළිවීමෙන් පසු පොළව පලාගෙන යාමට තරම් බැරෑරුම් අවස්ථාවකට මුහුණදීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තා වේ.


හෙතෙම වැඩට යන්නේ කුකුළා මල්ලේ දමාගෙනය. එන්නේ වවුලා අතින් ගෙනය. එදාත් ඔහු වැඩට කුකුළා මල්ලේ දමාගෙන ගොස් වවුලා අතින් ගෙන සිය නිවස කරා එමින් සිටියේය. කොළඹ සිට දුම්රියෙන් තමන් පදිංචි නගරයට ආ ඔහු සිය නිවසට යාමට බස් රථයකට ගොඩවූයේය. ඒ බස් රථයේ ඉදිරිපසිනි.


තරුණයෙක් හා තරුණියක් එම බස් රථයේ පසුපස අසුනේ වාඩිවී අනග රැගුම් පාමින් සිටියහ. එහි ඉදිරිපස සිටි බාල මහලු කාගෙත් නෙත් ගියේ ඒ දෙසටය. එහෙත් මේ දෙදෙනාට ඒ වග වගේ වගක් නැතිවාක් මෙනි. ඔවුන් සුපුරුදු පරිදි ඔවුන්ගේ කාර්යයේය. බසයේ ඉදිරිපස නොබැලූ තරම්ය. තමන් සමග සැමදාම යන දෙදෙනකු නිසාත් ඔවුන්ගෙන් ලැබෙන පොඩි පොඩි සන්තෝෂම් නිසාත් කොන්දොස්තර මහතාද මෙය දැක්කද නොදැක්කා සේය.


මෙම කතානායකයාත් මේ කෙල්ලගේ හා කොල්ලගේ අනග රැගුම් දුටුවේය. ඔහු සිටියේ තරහකින්ය. හැමදේටම කට දාන ඔහුද මේ තරුණයාට හා තරුණියට බැණ බැණ සිටියේය. මේ කාගේ කවුද යන්න ඔහුට හඳුනා ගැනීමට නොහැකිවූයේ ඔවුන් දෙදෙනාම මුඛ ආවරණ පැළඳ සිටීම නිසාය. මුන් දෙන්නාම පට්ට ගහන්න ඕන යයි ඔහු කීවේය. ඒ විතරක් නොව මේ වගේ දරුවන් හැදූ මව්පියන්ට ගහන්න ඕන බූවල්ලකින් බවද කීවේය. ළමයි ගැන සොයලා බලන්නේ නැති මවුපියන්ගෙන් වැඩක් නැති බවද තව තවත් කට මැත දොඩවමින් කීවේය. මම වගේ තාත්ත කෙනෙක් නම් කරන දේ දන්නා බවද කීවේය.


ඔහු බසිනා තැනට බසය කිට්ටුවෙමින් තිබුණේය. ඒ එක්කම අර තරුණයා සමග අනග රැගුම් පාමින් සිටි තරුණියද බසයෙන් බැසීමට ඉස්සරහට පැමිණියාය. ‘ආ තාත්තත් ආවද මේ බස් එකේ’ යයි තරුණිය ඔහුගේ අතේ එල්ලෙමින් කියද්දී බස් රථයේ සිටි අය ‘හා මේ ඔයාගේ දූ ද’ කියලා අසනවිට ඔහුට මහ පොළව පලාගෙන යන්න සිතුණේය.


දැන් ඉතින් ගෙදර ගිහිල්ලා දූව පට්ට ගහන්න පුළුවන් යයි එකෙක් කීවේය. මෙහේම දරුවන් හැදුවට දැන් ඉතින් මෙයාට ගහන්නේ කවුදැයි තව එකෙක් ඇසුවේය. මේ කියුම් කෙරුම් අස්සේ තමාගේ අතේ තාත්තේ කියමින් එල්ලු‍ණු දුවගේ අත ගසා දමා නියම තැනින් ඔහු බසයෙන් බැස ගියේ ආයෙත් නම් මේ බස් එකේ ගමන් බෑ යයි කියමින් සිය දියණියට දන්න සුද්ද සිංහලෙන් බැණ බැණය.

 



අදහස් (1)

දුවගේ කෙරුවාව එළිවී තාත්තාට බූවල්ලෙන් ගහගන්න වෙලා

sampath Thursday, 25 February 2021 03:00 PM

තරු ළමයි ඔය වගේ හැසිරුණා කියලා ඔය තරම් දඟලන්න ඕනෑ නෑ. අපි හැමෝම ඔය වයස් පහුකරලා. ඔය දේවල් අඩු වැඩි වශයෙන් කරලා ආපු අය... අපි කවුරුත් මලෙන් ඉපදුණේ නෑ. වැඩිහිටියන් කාරුණිකව දරුවන්ට මේවා පැහැදිලි කළ යුතුයි. අනෙක මේ කාලේ හැටියට බස් එකේ ඔය විදිහට ආපු එක ඉතාම සාමාන්‍ය දෙයක් උපේක්ෂාවෙන් බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 274 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 433 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 595 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 624 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 708 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 693 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 639 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site