IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දුවගේ නමින් බෑනා පිට්ටු කන්න ගිහින් නැන්දම්මාගෙන් මට්ටු වෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්වආරච්චි)
ගැබිනි දියණියගේ ආසාව බව අඟවමින් දින ගණනාවක් තිස්සේ නැන්දම්මා ලවා බෑනාගේ දොළදුක සංසිඳවාගෙන යද්දී පිට්ටු කන්න ගොස් මට්ටු වෙන්නට සිදුවූ පුවතක් පසුගියදා පිටිසර බද ගම්මානයකින් වාර්තා විය.


කොලොම්පුරේ කාර්යාලයක ඉහළ නිලයක් දරන බෑනා ඇඳිරි නීතිය නිසා තවම සිටින්නේ නගරයෙන් දුර බැහැර ගම්මානයේ නිවෙසේය. බිරිය කුළුදුල් දරු සුරතල් බලන්නට සැරසී සිටින්නීය. මේ යුවළ පදිංචිව ඉන්නේ බිරියගේ මවත් පියාත් වෙසෙන නිවෙස ආසන්නයේමය. ගැබිනි දියණිය ගැන සොයා බලන්නට ඇගේ මව නිතර කටයුතු කරන්නේ දාරක ප්‍රේමය නිසාමය.


මේ නැන්දම්මා බෑනාට සලකන්නේ පුතකු සේ ආදරය දක්වමිනි. බෑනා කැමති ආහාරපාන ආදිය සකසා දෙන්නටද නැන්දම්මා ක්‍රියා කළේ ඉතා කැමැත්තෙනි. මෙසේ කාලය ගත වෙද්දී තමන්ගේ කැමැත්ත නැන්දම්මාට කියන්නට මේ බෑනා අදිමදි කළේ ඒක කරදරයක් බව සිතූ නිසාය.


සැමියා කැමැති ආහාරපාන මව ලවා සකසවා ගැනීමට බෑනා උපක්‍රමයක යෙදුණේ ඊට පසුවය. අම්මේ මට අරවා කන්න ආසයි. මේවා ආසයි දියණිය පවසන්නට වූයේ සැමියාගේ සිතැඟි අනුවය. ඒ අනුව කටයුතු සිදුවිය. අම්මේ මට අද පිට්ටු කන්න ඕනෑයි දියණිය පැවසුවේ සැමියාගේ එදා දවසේ කැමැත්ත ඉටු කරන්නටය.


මොනවා දුව කවදාවත් නැතුව අද පිට්ටු කන්න කැමතියි කිව්වේ. ඔයා පොඩි කාලේ ඉඳලාම පිට්ටු කන්න කැමති නැහැනේ. දොළදුක කියන්නේ ඒක තමයි. මම ඉක්මනින්ම හදා දෙන්නම් මව පවසද්දී දියණියගේ මුවින් ඇත්ත කියවුණේය. ආ එහෙමද මම බැලුවා මොකද කියලා දවස් ගාණක ඉඳලා බෑනා මට නොකියා දුවගේ කැමැත්ත ඉස්සර කරලා නේ. ඇය කීවාය.


බෑනාට කතා කළ නැන්දම්මා පුතේ දුව පිට්ටු කන්න ආසයි කියනවා. මට ඉක්මනට පොල් ටිකක් ගාලා දෙනවදැයි ඉල්ලා සිටියාය. බෑනා සමග එක්වී පිට්ටු සකස්කළ නැන්දම්මා දියණියට බෙදාදීම පසෙකලා පිඟාන බෑනා අත තබා පුතේ රහ බලන්නැයි පැවසුවේ ඔහුගේ දොළදුක සංසිඳවනු පිණිසය. බෑනාගේ කටේ පිට්ටු හිරවුණේ තමන්ගේ හොරේ එළිවුණු බව දැනගත් නිසාය.



අදහස් (0)

දුවගේ නමින් බෑනා පිට්ටු කන්න ගිහින් නැන්දම්මාගෙන් මට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගමේ බඩු ‘‘කූරියර්’’ කර එවලා
2024 නොවැම්බර් මස 26 119 0

පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලු‍ත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.


කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 577 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 982 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 902 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1171 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9516 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site