IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දෙවියන්ට අගරු කළැයි වහසිබස් දෙඩූ කපුවා කපෝති

තම දේවාලයේ දෙවියන්ට අගරු කළැයි චෝදනා කර සතියක් තුළ දඩුවම් පමුණුවන බවට වහසි බස් දෙඩූ කපුවකු සිද්ධියෙන් මසකට පසු එම තැතැත්තාගේ දෝෂාරෝපණයකට ලක්ව බියවී දේවාලයත් හැර දමා පලා ගිය පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
මේ අය දිනක් මේ දේවාලයට ගියේ තම ඥාතියකුගේ ඉල්ලීමක් අනුවය. ඥාතියාගේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කිරීමෙන් පසු එකී කාර්යය මොහොතින් ඉටු කරදිය හැකි බව කපුවා කීවේය. දේව මන්දිරය සේ හැඳින්වෙන කුටියට ගිය කපුවා එළියට ආවේ පෞද්ගලික බැංකුවකට මුදල් බැර කරන රිසිට්පතක් ඇතිවය. කපුවා එය සම්පූර්ණ කර තිබිණි.
මුදල රුපියල් දෙලක්ෂයක් ලෙස සටහන් කර තිබූ රිසිට් පත මේ තැනැත්තාට දුන් කපුවා ළඟම බැංකුවට ගොස් මුදල් තැන්පත් කර ඉක්මනින් එන ලෙසට දැන්වීය. එසේ එනවිට අවශ්‍ය නූලක් මතුරා දෙන බව ද කීවේය.
”කපු මහත්තයා මේ වැඬේ හරියයි නේද?”. ඔහු විමසුවේ රුපියල් දෙලක්ෂයක් යට කිරීමේ අවදානමක් ඇති බව දැන ගෙනය. මොනවා කියනවාද තමුසේ දෙවියන්ට අපහාස කළා. දෙවියන් දැන් උරණ වෙලා අහවරයි. තමුන්ට සතියකින් නොයන ගමන් යන්න සිදු වෙනවා සිකුරුයි කී කපුවා එම උපද්‍රවයෙන් බේරීමට දෙවියන්ට රන් දම්වැලක් පූජා කළ යුතු බවද කීවේය. එසේ නොකළහොත් සතියකින් මරණය උරුම වන බවටද සපථ කළේ ඔහු බියට පත් කරවමිනි.
වෙන දෙයක් වෙච්චාවේ මා ළඟ ලක්ෂ දෙකකුත් නැහැ. රන් මාලත් නැහැ. දෙයියන්ට මේ බව පේන්න එපැයි සිතූ ඔහු නිවසට ගියේ කපුවාට බැණ වදිමිනි.
එසේ නිවෙසට ගියත් ඔහු සතිය ගත කළේ හිතේ බයෙනි. කපුවා කිසියම් වින්නැහියක් කරාවියැයි ඔහු සිතුවේය. සතිය දෙක ගතවිය. කිසිම උපද්‍රවයකට ඔහු මුහුණ පෑවේ නැත. තම ඥාතියාගේ ගැටලූවද ඉබේම විසඳිණි. දෙලක්ෂය ඉතිරිවිය.
මසක් දෙකක් ගතවිය. ඔහු මේ දේවාලය ළඟින් ගමනක් ගියේය. එවිට වේලාව මැදියම විය. නව වසර උදාවට අවට පරිසරිය වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ඔහු සිටියේද තරමක බමන මතින් යුතුවය.
ආ කපු මහත්තයා මට මොනවාද කෙළේ බොරුවට කටමැත දොඩවන්න එපා අහිංසකයන් මුළා කර හම්බ කරන්න එපා කී ඔහු හොඳවායින් දෙක තුනක් කියද්දී කපුවා පරලවීම පසෙක තබා අනේ මට ගහන්න එපායැයි වැඳ වැටෙමින් දුවන්නට වූයේ මේ ශබ්දය බලන්නට ආ අසල්වාසීන් බලා සිටියදීමය.
පසුදා උදේම දේවාලය පිහිටි ගමේ පිරිසක් ඔහු සොයා ආවේ නව වසරට ආසිරි පැතුම් සමඟය. අයියේ අපේ ගමේ කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ මේ හොර කපුවාට දෙකක් කියන්න. අයියාට ස්තුති කරන්නයි ආවේ. මේ පිරිස කීවේය. සිද්ධියෙන් පසු දේවාලය තවම වසා ඇති හෙයින් නව වසරට සෙත් පැතීමද සිදු නොවීය.



අදහස් (0)

දෙවියන්ට අගරු කළැයි වහසිබස් දෙඩූ කපුවා කපෝති

සරත් Friday, 04 January 2013 10:24 AM

දේවාලනම් ඔහොම තමයි .දැන් දැන් අපේ අයට ටික ටික ‍තේරෙනවා (ස)

:       0       0

අශෝක Saturday, 05 January 2013 08:25 AM

කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගෙන් පසු ආපු කිසිම කෙනෙක් ගැන මට නම් පැහැදීමක් නැහැ. (නි)

:       0       0

චතූ Friday, 04 January 2013 11:10 AM

හොඳ සිහියෙන් ඉද්දි ‍ඔය කිසි චන්ඩිකමක් නෑ (ස)

:       0       0

චින්තක Friday, 04 January 2013 11:24 AM

දැන් ඉතින් මොනවා කියලා කියන්නද (දී)

:       0       0

ෂිෆා Monday, 07 January 2013 12:28 AM

දෙවියොයි කපුවයි දෙන්නම ‍දේවාලයෙන් පිටවෙලා වගෙයි නේද? (නි)

:       0       0

චමී Friday, 04 January 2013 01:08 PM

ගොඩක් කපුවෝ දෙවියන්ව විකුණගෙන කනවා . මට හිතෙන විදියටනම් දෙවියන්ගෙන් පිහිට ගන්න කපුවෝ උවමනා නෑ. දෙවියන්ගෙන් පිහිට ගන්න සල්ලි මොකටද ? (ස)

:       0       0

විපුල Saturday, 05 January 2013 01:06 PM

දෙවියොත් එක්ක සෙල්ලම් එපා (දී)

:       0       0

ලලිත් - කටාර් Saturday, 05 January 2013 01:19 PM

බීපු අයට හැමෝම බයයි වගෙයි නේද? (නි)

:       0       0

සුනිල් Saturday, 05 January 2013 01:39 PM

අනේ මන්දා (දී)

:       0       0

රොහාන් Friday, 04 January 2013 08:09 PM

දෙවියන් ගැන කියලා කට වැරැද්ද ගන්න එපා (දී)

:       0       0

සරත් Monday, 07 January 2013 09:11 PM

මොනවාද මේ වැඩ

:       0       0

සංජය Friday, 04 January 2013 08:47 PM

කපුවා කපොති කතාව මතක් උනා (දී)

:       0       0

චක්දා Friday, 04 January 2013 02:32 PM

කපුවා කපුවගෙම ගමට ගහින් ?????. (ස)

:       0       0

සුනිල් Saturday, 05 January 2013 03:19 PM

කපුවා කපෝති (ස)

:       0       0

දම්මි Saturday, 05 January 2013 03:40 PM

නියමයි (ස)

:       0       0

මහේෂ් Monday, 07 January 2013 10:43 AM

ඇයි 'වෙනසෙ' පෙන්නුවෙ තවත් හොඳ හාමුදුරු කෙනෙක්. (නි)

:       0       0

බන්දුල Saturday, 05 January 2013 04:28 AM

අපිට පිස්සු හැදෙනවා මේවා දකින කොට

:       0       0

දම්මික Friday, 04 January 2013 04:31 PM

කපුවා කපෝතියි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site