දවසට බිත්තර ගෙඩි පහක් කෑවා යැයි වේටර්වරයෙක් සේවයෙන් ඉවත් කර ඇතැයි කියන ආපන ශාලාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක සිය පියා මියගිය මව පාසල් යන වයසේ නැගණියන් දෙදෙනෙකුත් 22 හැවිරිදි තරුණයකු සමග දිවි ගෙවමින් සිටි. තරුණයාගේ මව කාලයක සිට බීඩි ඔතා උපයන සොච්චම් මුදලින් තරුණයාටත් පාසල් යන වයසේ සිටින සහෝදරියන් දෙදෙනාටත් වේලක් ඇර වේලක් කන්න දී රැක බලා ගෙන තිබේ.
නිවසේ නැති බැරිකම අගහිඟකම් සියල්ල සියැසින් දැක ඇති අසල්වැසි කාන්තාවක් මීට සති දෙකකට පමණ ඉහතදී නිවසට වී සිටි තරුණයාට කෑගල්ල ප්‍රදේශයේ කුඩා ආපන ශාලාවක වේටර් රැකියාවක් සොයා දී ඊට යොමු කෙරිණ.
එහිදී ආපන ශාලා හිමිකරු තරුණයාගේ පවුලේ තොරතුරු විමසා පුහුණු වන තෙක් දිනකට රුපියල් 1000 ක වැටුපකුත් පුහුණු වීමෙන් පසුව රුපියල් 1500 ක වැටුපකුත් ගමන් වියදම සඳහා දිනකට රුපියල් 200ක අමතර මුදලකුත් දීමට පොරොන්දු වී තිබුණි. තවද ඕනෑම දෙයක් තුන් වේලට කෑමට අවසර දී තිබුණි.
තරුණයා ඉකුත් දිනෙක ප්‍රථම වතාවට ආපන ශාලාවේ රැකියාවට ගියේය. පෙරවරු 8 ට පමණ මොනවා හරි කාලා තේ කෝප්පයක් බොන ලෙස ආපන ශාලා හිමිකරු තරුණයාට කීය. පාන් ඉඳි ආප්ප සමග බිත්තර ගෙඩි දෙකක් ද ගෙන කන අයුරු දැක ඇති හිමිකරු කොල්ලා එක බිත්තරයක් නෙමේ ගෙඩි දෙකක්ම කනවා යැයි වේටර්වරයා සිතින් සිතුවේය. දහවල් කෑම වේලාව පැමිණියේය. එහිදී තරුණයා කුකුල් මස් කැබැල්ලක් හා බිත්තරයක් ද ගෙන කන අයුරු යළි ආපන ශාලා හිමිකරු දැක වචනයක්වත් තරුණයාට කීවේ නැත. සවස ආප්ප කොත්තු වේලාවේ ද තරුණයා බිත්තර ආප්ප දෙකක් ද ගෙන කුකුල් මස් හොදි සමග කන අයුරු ද දැක තිබේ.
සවස 7 ට පමණ ආපන ශාලාව වැසුණු අවස්ථාවේ දී හිමිකරු තරුණයාට කියා සිටියේ හෙට ඉඳන් වැඩට එන්න එපා. දවසට බිත්තර පහක් කෑවොත් එච්චර කල් යන්නේ නැතිව මට මේ ආපන ශාලාව වහන්න වෙනවා. අද වැටුපයි ගමන් වියදමයි රුපියල් 1200 ක් මම දෙන්න ඕනෑ. බිත්තර ගෙඩි පහක් කෑවාට එකකට රුපියල් 50 ගානේ රුපියල් 250 ක් අඩු කරලා ආපන ශාලා හිමිකරු තරුණයා අත රුපියල් 950 ක් තැබුවේය.
‘‘මහත්තයා හෙට මම වැඩට එන්න එපා ද තරුණයා ආපන ශාලා හිමිකරුගේ මුහුණ දෙස බලමින් සංවේදීව විමසුවේය.’’ එපා එපා එන්න එපා. මේක ලොකු හෝටලයක් නෙමෙයිනේ. මමත් මේක කරගෙන යන්නේ කාලේ විදිහට අමාරුවෙන්. ඔය ළමයා ඔය විදිහට කෑවොත් සතියෙන් ආපන ශාලාව වහන්න වෙනවා.
‘‘තරුණයා රුපියල් 950 ත් අරගෙන රාත්‍රි නිවස බලා පැමිණ ඇති බව වාර්තා වෙයි. ආපන ශාලා හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රි බිරිඳට දන්වා ඇති බවත් බිරිඳ එහිදී සිනාමුසු මුහුණින් කියා ඇත්තේ කොල්ලෝ ඔහොම තමයි අනුකම්පා කර යළි වැඩට ගන්නා ලෙසත් දන්වා ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දවසකට බිත්තර 5ක් කාලා ජොබ් එකට තට්ටු වෙලා
pakeer Wednesday, 14 December 2022 01:41 PM
ඕක තමයි ලංකාවේ හුඟක් මිනිස්සුන්ගේ තත්වේ.. එක දවසින්ම රස්සාව ඉවරයි...