IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


දිවා ආහාර වේලට ගෙනා රොටී කා සිසුන් දෙදෙනකුගේ දත් කැඩිලා

රජරට නගරයක පිහිටි පාසලකි. එහි සිසු දරුවනට නොමිලයේ දිවා ආහාර වේල රජයෙන් සැපයේ.
නියමිත ප‍්‍රමිතියට සකස්කළ ආහාර වේලක් සිසුනට ලබාදීම සඳහා වට්ටෝරුවක් ලබා දී ඒ පිළිවෙළට කෑම සැපයීම කෙරෙහි අදාළ කොන්ත‍්‍රාත්කරුට උපදෙස් දී තිබේ.
ආහාරවේල සකස් කරගෙන පසුගිය දිනෙක කොන්ත‍්‍රාත්කරු පාසලට ආවේය. ප‍්‍රාථමික අංශයේ සිසු දරු දැරියන් අතර බෙදාදීමට ඔහු රැුගෙන විත් තිබුණේ කුරක්කන් රොටී සහ ලූණු මිරිස් සම්බෝලයකි.
සිසු දරු දැරියෝ ඒවා ආහාරයට ගනිමින් සිටියහ. පන්ති බාර ගුරුතුමිය ද වෙනත් කාර්යයක නියැළෙමින් සිටියාය. ස්වල්ප වේලාවක් යනවිට ආහාර ගනිමින් සිටි සිසුන් කෑ ගසන්නට විය.
”ඇයි මේ කෑ ගසන්නේ?” ගුරුවරිය ඇසුවාය.
”ටීචර්.... මේ... මේ... රොටී හයියයි. මගේ දතක් කැඩුණා...” ගුරුවරිය ඒ ගැන අවධානය යොමුකරන විටම තවත් සිසුවියක් කෑ ගසමින් ”අනේ ටීචර්, මේ මගේ දතත් කැඩුණා...” යි කීවාය.
ගුරුවරිය කුරක්කන් රොටී පරීක්ෂා කර බැලීය. ඒවා පොඩි දරුවකුට තබා වැඩිහිටි අයටවත් ආහාරයට ගත නොහැකි බව ඇයට පෙනිණ. ඇය ඒ පිළිබඳව වගකිවයුතු අංශ දැනුම්වත් කළාය.



අදහස් (0)

දිවා ආහාර වේලට ගෙනා රොටී කා සිසුන් දෙදෙනකුගේ දත් කැඩිලා

කුමාර Thursday, 07 March 2013 01:19 AM

වගකිවයුත්තන් කෝ (දී)

:       0       0

දමිත් Thursday, 07 March 2013 02:15 PM

හ්ම්.... අදම දත් මදින දන්තාලේපය මාරු කරන්න ළමයින්ට සුපිරිවිකී දුන්නනම් හරි... (ස)

:       0       0

දසුන් Thursday, 07 March 2013 10:15 PM

ඒවා ගල් රොටි වෙන්න ඇති. (නි)

:       0       0

සිරිල් Thursday, 07 March 2013 02:40 PM

අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් කරුවන්ට මාස 06ක්වත් සල්ලි ගෙවල නැතුව ඇති.. ඒකතමයි ‍කාරණේ... (ස)

:       0       0

කනිෂ්ක Sunday, 10 March 2013 10:57 AM

කන දේවල් පිරිසිදුව හදන්න (දී)

:       0       0

සේනානායක Sunday, 10 March 2013 10:57 AM

මටනම් විශ්වාස කරන්නත් බැහැ (දී)

:       0       0

පාලිත Sunday, 10 March 2013 11:02 AM

මොකද්ද මේ වෙනුවෙන් ගත්ත පියවර (දී)

:       0       0

ජයා Saturday, 09 March 2013 01:08 PM

අපේ අම්මා හදපු රොටියක් කාලා පොඩි කලේ මගේ දතකුත් කැඩුනා (ස)

:       0       0

කුරුවිට Saturday, 09 March 2013 09:51 PM

ඔවාට නඩුදමන්න එපා ළමයින්ට පාන්පිට් තහනම් කරයි (අ)

:       0       0

රකිත් Friday, 08 March 2013 02:41 AM

බස්නාහිර පළාතට නම් කුරක්කන් රොටි නැතුව ඇති කෑම වට්ටෝරුවේ. මට පැරණි සටන් පාඨයක් මතක් වුණා. "කොළඹට කිරි, අපට කැකිරි" (නි)

:       0       0

සෙලනිකස් Monday, 11 March 2013 12:18 AM

දත් වැටෙන කාලෙට ගොඩක් දරුවන්ගෙ දත් කෑම කනකොට ගැළවෙනවා. (නි)

:       0       0

සෑම් Thursday, 07 March 2013 04:18 PM

ලලිත් හරි. යකඩ කියන අත්‍යවශ්‍ය ඛනිජය තමයි ඒකට දාලා තියෙන්නේ. (නි)

:       0       0

නිමන්ත Thursday, 07 March 2013 09:24 AM

ඔන්න වගකීමක් නැති වැඩ දී)

:       0       0

සිල්වා Thursday, 07 March 2013 04:32 PM

රොටිය හයියෙන් කටින් ඇදලා කද්දි දත් ගැළවෙන්න ඇති. (නි)

:       0       0

දුමින්ද Thursday, 07 March 2013 04:42 PM

කොන්ත්‍රාත්කරුටත් නඩු දැමිය යුතුයි.!(නු)

:       0       0

ලලිත් Thursday, 07 March 2013 10:37 AM

පොල් ගණන් නිසා යකඩ කුඩු වලින් හදලා වෙන්න ඇති. (නි)

:       0       0

උපුල් Thursday, 07 March 2013 11:51 AM

ලලිත් , ඔයාටත් නියම අදහස් තමයි ඔළුවට එන්නේ නේද ? (ස)

:       0       0

වරුන Thursday, 07 March 2013 11:53 AM

රොටි ඇනුවේ බාල ‍සිමෙන්තියෙන්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෆිරෝ Thursday, 07 March 2013 11:57 AM

අපරාදේ ළමයින්ගේ දත්! කොහෙද ඉතින්, ටීචර්ලාටත් සෑහෙන්න වෙන වෙන වැඩනේ. (නි)

:       0       0

චින්තක Thursday, 07 March 2013 12:28 PM

දරුවන්ට ලැබෙන කෑම වේලවත් හරියට ලබා දෙන්නෙ නැතුව ඒකෙනුත් ගසා කන කොන්ත්‍රාත්කරුවෝ... (ස)

:       0       0

අනුර Saturday, 09 March 2013 06:02 PM

හෙල්ලෙන දතක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 March 2013 12:41 AM

හලාල් සහතිකය තිබුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 232 0

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 947 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


දෙවඟනට ඇන්දී පොකැට්ටුවත් වාෂ්ප වෙලා
2025 මාර්තු මස 06 1198 0

සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු‍ දිසා


හැංගෙන්න ගිහින් ඉදුල් වතුර නාලා
2025 මාර්තු මස 05 890 1

අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.


රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා
2025 මාර්තු මස 04 996 0

එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


හිස් පොකැට්ටුවට කයිය ගහන්න ගිහින් නාගෙන
2025 මාර්තු මස 03 944 2

‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලු‍දෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site