(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක නිවසට ගෙනා කමිසය ඇගේ මව විසින් කෑගල්ල නගරයේ යාචකයෙකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක පදිංචි 24 හැවිරිදි තරුණියක් කෑගල්ලේම ඇගළුම් කම්හලක සේවය කරන්නීය. ඇය වසර දෙකක පමණ කාලයක සිට එකී ඇඟළුම් ආයතනයේ රියදුරු රැකියාවක් කරන 27 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධකමක් ද පවත්වා ගෙන යන්නීය.
මේ සම්බන්ධතාව පිළිබඳ තරුණියගේ මව්පියෝ මීට මාස හතකට පමණ ඉහතදී දැන ගෙන දිනක් දියණියගෙන් පෙම්වතා පිළිබඳ විමසූහ. තමන්ට පෙම්වතකු නොමැති බවත් අසත්‍ය තොරතුරු දුන්නේ කවුරුන්දැයි තරුණිය මව්පියන්ගෙන් විමසුවාය. ඒ වන විට මවුපියන් තරුණයා පිළිබඳ තොරතුරු ටිකක් කිහිප දෙනෙකු මාර්ගයෙන් සොයා ගෙන තිබුණි. එම තරුණයා කලින් තරුණියක තම නිවසට රැගෙන ගොස් මාස කිහිපයකට පසුව ඇයට පහරදී එළවා දමා තිබුණි. පසුව ඇය කඩුගන්නාව ප්‍රදේශයේ වෙනත් තරුණයකු සමග පැන ගොස් මේ වන විට පවුල් ජීවිත ගත කරන බවත් ආරංචි වී තිබුණි.
මව්පියන් සියලු කරුණු කාරණා සිය දියණියට පහදා දුන්නද තරුණිය මව්පියන්ගේ අවවාද නොසලකා සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියාය.
ඉකුත් දිනෙක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. මෙම උපන් දිනයට සිය පෙම්වතාට දීමට තරුණිය රුපියල් 1 750 ක් වටිනා කමිසයක් සහ උපන් දින සුබපැතුම් කාඩ් පතක් වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ දී ගෙනැවිත් මව්පියන්ට හොර රහසේ සිය අල්මාරියේ සඟවා තැබුවාය. පසු දා තරුණිය ඇගළුම් ආයතනයේ රැකියාවට ගිය අවස්ථාවේ දී මව තරුණියගේ අල්මාරිය විවෘත කර බලන අවස්ථාවේ දී කමිසයක් හා උපන් දින සුබ පැතුම් කාඩ් පතක් දැක පුදුමයට පත්වූවාය.
මව කමිසය හා උපන් දින සුබපැතුම් කාඩ් පත ගෙන තමන්ගේ අල්මාරියේ සැඟවූවාය. තරුණියගේ පෙම්වතාගේ උපන් දිනය ඉකුත් 18 දාට යෙදී තිබුණි. තරුණිය 17 දා වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ දී තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන හෙට අලුයම තමා මුණගැසීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන ලෙස දන්වා සිටියාය. තරුණිය 18 දා පාන්දර නැගිට කමිසයයි උපන් දින සුබපැතුම් කාඩ් පතයි සොයා තිබුණි. පසුව කමිසය නොමැති අවස්ථාවේ දී ඒ පිළිබඳ තරුණිය මවගෙන් විමසීමක් කළාය. තමන් අල්මාරිය විවෘත නොකළ බවත් කිසිම දෙයක් නොගත් බවත් පැවසුවාය. තරුණිය පාන්දරම දුරකථනයෙන් සිය පෙම්වතාට කතා කොට අලුයම තමන් මුණගැසීමට නොපැමිණෙන ලෙසත් වෙනත් දිනෙක පැමිණෙන ලෙසත් දැන්වූවාය. තරුණිය හිත් වේදනාවෙන් රැකියාවට පිටත්ව ගියාය.
ඇය රැකියාවට පිටත්ව ගිය අවස්ථාවේ දී තරුණියගේ මව උපන් දින සුබපැතුම් කාඩ් පත ඉරා ළිපට දමා පුළුස්සා කමිසය ගෙන කෑගල්ල නගරයට ගොස් යාචකයකුට දී ඇති බව වාර්තා වෙයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුව පෙම්වතාට ගෙනා උපන්දින තෑග්ග මව හිඟන්නකුට දීලා