(වියලුව වාර්තාකරු)
තම දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් හැඩවැඩ වීම සඳහා රූපලාවණ්‍ය ආයතනයකට ගිය මවක එම කටයුතු නිමාවී උත්සවය තිබූ ස්ථානය වෙත පැමිණෙනවිට පෝරුවේ චාරිත්‍ර අවසන්ව තිබූ බව කියැවෙන පුවතක් බිංතැන්නේ නගරබද ප්‍රදේශයකින් වාර්තා විය.
මංගල උත්සවයට සහභාගී වූ පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය බින්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන නගරයක හෝටලයක පැවති මංගල උත්සවයකි. මනාලයාගේ මෙන්ම මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් සැලකියයුතු පිරිසක් කල්තබාම හෝටලය වෙත පැමිණ සිටියේ විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර ඇතුළු මූලික පිළිවෙත් ඉටුවන අවස්ථාවේ තමුන් එහි සිටීම මංගල යුවළට ශක්තියක් බව සිතු නිසාය.
මනාල පාර්ශ්වයේ මෙන්ම මනාලියගේ පාර්ශ්වයේ පිරිස්ද කල්තබාම එහි පැමිණ උත්සවයේ කටයුතුවලට සිය දායකත්වය ලබා දුන්නද මනාලියගේ මව ඒ වන විටත් එහි නොපැමිණීම උත්සවයට පැමිණි කාගෙත් කතාබහට ලක් වූ මාතෘකාවක් විය.
පෝරුවේ චාරිත්‍ර කිරීමට මනාලියගේ මව අවශ්‍ය බැවින් පෝරුවේ චාරිත්‍ර ඉටුකරන්නට පැමිණි කපු මහතාද මනාළියගේ මව සොයන්නට වූ අතර ඇය ඉන්නා තැනක් පිළිබඳ හෝඩුවාවක් හෝ සොයා ගන්නට නොලැබිණි.
ඇයගේ දුරකතනයට ඇමතුම් කීපයක්ම ගනු ලැබුවද ඒ වන විටත් එයද අක්‍රියව තිබුණි.
කෙසේ වෙතත් නැකත් වේලාව කල් දැමිය නොහැකි බව පැවැසූ කපු මහතා අවසානයේදී මනාලියගේ පියා ඇතුළු සියලු දෙනා එක්ව විවාහ මංගල්‍යයේ මූලික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ අතර පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට සිදු වූයේද මව නොමැතිවය.
කෙසේ වෙතත් පෝරුවේ චාරිත්‍රය අවසන් වෙද්දී සුරූපිනියකසේ සැරසුණු මනාලියගේ තරුණ මව කඩිමුඩියේ ත්‍රීවිලරයකින් පැමිණ පෝරුව අසල සිට ගත්තේ සිදු වූ ප්‍රමාදයට අනුකම්පාව ඉල්ලන්නාක් මෙනි.
ඇයගේ ප්‍රමාදයට හේතුව සොයා බැලූ පිරිසට කනින් කොනින් දැන ගන්නට ලැබුණේ හැඩවැඩවීම සඳහා නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක් වෙත ගිය ඇයට එය නියමිත වේලාවට අවසන්කර ගෙන මංගල උත්සවයට පැමිණීමට නොහැකි වීමෙන් මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදු වූ බවකි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුව පෝරුවේ නගිද්දී මව හැඩවෙන්න ගිහින්
thashi Friday, 17 July 2020 03:49 AM
ඉතින් අපිට මොකද?