IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දුවේ මෙඩිකල් කෑල්ලක් කාලා කහට බීලා හිටපන්

ඩිංගිරි අම්මා විවාහ වී සිටි කලුබංඩා වසර කිපයකට පෙර වල් අලියකු විසින් මරණයට පත්කළ අතර ඩිංගිරි අම්මාගේ දුව මුතුමැණිකා මහගෙදර සිට අම්මාගේ කටයුතු බලාකියාගෙන සිටි අතර ඇගේ යෙහෙළියකගේ මාර්ගයෙන් කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවක් සඳහා පිටත්ව ගියත් නිවසේ තනිවූ අම්මා පිළිබඳ නිරන්තරව සොයා බැලුවාය. සේවයට  ගොස් මාසයක් දෙකක් අතරතුර නිතරම පාහේ නිවසට පැමිණ අම්මාගේ සැපදුක් සොයා බැලුවාය.  


ගම හැරගිය මුතුමැණිකාටද නාගරික විසූකදස්සන සමාජීය ඇසුර නිරතුරුව ලැබුණ හෙයින් ඇගේ අභ්‍යන්තර, බාහිර ස්වරූපය වෙනස්විය. විශේෂයෙන්ම චීත්තයකින් සහ හැට්ටයකින් යුතු ඇඳුමකට පුරුදුව සිටි ඇය දැන් දිගු කලිසමකින් සැරසෙන්නීය. ඇයගේ භාෂා ව්‍යවහාරයෙන්ද වෙනස් විය. ඇයද ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතයට හුරුවිය.


නිවසින් බැහැරව  සිට අවුරුද්දකින් පමණ තම මෑණියන් බැලීමට දවසක් ඇය තම නිවසට පැමිණෙන්නේ තවත් යෙහෙළියන් දෙදෙනකුද සමගය. නිවසට ගොඩවනවාත් සමගම සාලයේ පැදුරක වාඩිවී අතුල්පතක් වියමින් සිටි තම මව දුටු මුතුමැණිකා “අම්මේ මට නිතරම එන්න ටයිම් එකක් නෑ. අදත් මේ ආවේ මෙඩිකල් එකක් අරගෙන” යනුවෙන් තරමක සැරෙන් කීවාය. එසේ කී ඇය දෙස අම්මා බැලුවේ  ඉතා අහිංසක සහ බියගුලු ස්වරූපයකිනි. 


“හැමදාම එන්න ඕන්නෑ දුවේ” කියා  ඩිංගිරි අම්මා තේ වතුර ටිකක් දුවට සහ අනෙකුත් දෙදෙනාට දීම පිණිස කුස්සියට ගොස් වතුර මුට්ටියක් ලිපේ තැබුවාය.


ඒ අතරතුර මුතුමැණිකා තම යෙහෙළියන්ද සමග අසළ ළිඳකට ගියේ  මූණකට සෝදාගනු පිණිසය. ඒ අතරතුර ඩිංගිරි  අම්මා දුව විසින් ගෙනෙන ලද පාර්සලය විවරකර බැලීමේදී ඇය දුටුවේ කේක් ගෙඩියකි. ඩිංගිරි අම්මා එය පෙති කීපයකට කපා ඇය පාවිච්චි කරන බෙලෙක් පිඟානක තබා මේසයක් මත තැබුවාය. ඩිංගිරි අම්මා තේවතුර සකස්  කරන අතර මුතුමැණිකා සහ ඇගේ යෙහෙළියෝ දෙදෙනාද නිවසට ගොඩ වූහ. ඩිංගිරි අම්මා තම දුව ළඟට පැමිණ දුවේ අර මෙඩිකල් එක මම කැපුවා උඹලා මෙඩිකල් කෑල්ලක් කාලා මේ තේ වතුර ටික බීපල්ලා කියා කීවාය.


ඩිංගිරි අම්මාගේ එම ප්‍රකාශයෙන් ඇගේ දුව මුතුමැණිකා මෙන්ම ඇගේ අනෙකුත් යෙහෙළියෝ දෙදෙනාද මවිතයට හා විශ්මයට පත්වූහ. මුතුමැණිකා අම්මා ළඟට ගොස් “අම්මේ මොකක්ද කීවේ” කියා  ඇසුවාය.


“එවිට අම්මා කීවේ ඇයි දුවේ උඹ කීවේ මෙඩිකල් එකක් අරගෙන ආවේ කියලා නේද? මම ඒක උඹේ බෑග් එකෙන් අරගෙන කැපුවා.” 


එවිට අම්මාගේ කතාවේ තේරුම තිදෙනාටම වැටහිණි.  අම්මා එහිදී හැසිරී ඇත්තේ රැවටී වැඩ කළේ මෙඩිකල් එක කියන්නේ කේක් එකට කියා සිතමිනි. 


යෙහෙළියන් දෙදෙනා මුතුමැණිකාට කීවේ අම්මාට තේරෙන භාෂාවෙන් මෙය තේරුම් කරලා දුන්න නම් ඒ අම්මා මෙවැනි දෙයන් නොකියන බවයි. මුතුමැණිකා විලියෙන් ඇඹරී ගෙට යන අතර තම සිතට ගත්තේ ඇය නැවත එහෙම වචන අහුලාගෙන නොකියා සිටීමටය. 
එස්.එම්. සිරිවර්ධන
මහව.



අදහස් (0)

දුවේ මෙඩිකල් කෑල්ලක් කාලා කහට බීලා හිටපන්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 480 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 922 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 872 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1158 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9500 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site