(උණවටුන ඩී.ජී. සුගතපාල)
වේලාව රාත්‍රී නවයට පමණ ඇත. නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මාපලගම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින් වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මෙහි ප්‍රධාන අරමුණ වූයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමය.
ඉදිරියට පැමිණි යතුරුපැදියක් නතර කිරීමට පොලිසියෙන් සංඥාවක් ලැබිණි. ඒ අනුව යතුරුපැදිය නතර කළේය. එහි සිටි දෙදෙනා බීමත්ව නැත. රියැදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය ඇතුළු සියලුම ලේඛන නිවැරදිය.
“මොනවද මේ බෑග් එකේ” පොලිසිය විමසුවේය.
“අපි මේ කුරුණෑගල නෑදෑ ගෙදරක යනවා” යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා පිළිතුරු දුන්නේය.
එහෙත් ඔහු කිසියම් දෙයක් සැඟවීමට උත්සාහ කරන බව දුටු පොලිසිය බැගය විවෘත කර බැලුවේය. එහි වුයේ පොලිසිය බලාපොරොත්තු වු නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ සොරබඩු නොවේ. පස් තැවරු පිත්තල සෙම්බුවක් සහ ඒ තුළ දමා තිබූ මැණික් කැට කිහිපයකි. එයට අමතරව කුඩා අලවංගුවක් ද විය. යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට පත්විය.
ඉන්පසු දිග හැරෙන නිධාන කතාව මෙසේය.
වඳුරඹ පොලිස් වසමේ ගමක දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන දේව මෑණි කෙනෙකු වූවාය. ගමේ අය කෙසේ වෙතත් පිට පළාත්වලින් ශාස්ත්‍ර ඇසීමට බොහෝ දෙනා එහි පැමිණියහ. එසේ පැමිණෙන අයගේ නිවෙස්වලට ද ගොස් කොඩිවින කැපීම, කොඩිවින ගොඩ ගැනීම, ශාන්ති කර්ම පැවැත්වීම ආදිය ද කළේය. ඒ සඳහා අවශ්‍ය අයගේ ලිපිනයන් ඇතුළු සියලු විස්තර ලබා ගන්නේ දේව මෑණියන්ගේ සැමියා විසිනි.
එසේ ගොස් එම නිවසේ සිටම ආරුඪ වී මෑණියන් කියන සලකුණු ඔස්සේ කොඩිවින ගොඩගැනීම නිසා ඒ අවට පදිංචිකරුවන් ද මෑණියන්ගේ හාස්කම් පිළිබඳ පුදුමයට පත්විය. මේ අතර තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ද පැමිණ දේව මෑණියන්ගෙන් ශාස්ත්‍රයක් ඇසුවාය. දේව මෑණියන් මොණරපිල් කළඹෙන් ඇයට සෙත් ශාන්ති කරමින් ඇයගේ නිවස පිහිටි ඉඩමේ නිධානයක් ඇති බවත් එය ගොඩගැනීමට පුද පූජාකළ යුතු බවත් මෙය වෙනත් කිසිවකුට නොකියන ලෙසත් තරයේ අවවාද කළාය.
දේවාරූඪය අවසන්වීමෙන් පසු මෑණියන්ගේ සැමියා විසින් ඇයගේ නිවසට එන පාර අසා ගත්තේය. ඉන්පසු දිනයක ගොස් නිවස හා ඉඩම බලා කළයුතු පූජාවන් සඳහා අවශ්‍ය පඬුරු හා අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳව ද සාකච්ඡාකර ගෙන ආවේය.
දැන් ඉතින් මේ ඉඩමේ නිධානය කෙසේ හෝ ගොඩ ගතයුතුය. එසේ ගොඩගත්විට ලැබෙන පඬුරුවල වටිනාකම විශාලය. දැන් මේ රාත්‍රී කාලයේ ගමන් කරන්නේ තලවතුගොඩ කාන්තාවගේ ඉඩමේ නිධානය ගොඩගැනීමට පෙර එය වළ දැමීමටය. ඒ සඳහා සුදුසු ස්ථානය ඔහු මෙයට පෙර දිනයේ ගොස් බලාගෙන පැමිණි නිසා එතරම් අපහසුවක් නොවන බව ඔහු දැන සිටියේය.
එහෙත් කිසියම් හේතුවක් නිසා දෙවියන් උරණවී සිටියේය. තමාගේ නම විකුණමින් අහිංසක මිනිසුන්ගෙන් පඬුරු පොට්ටනි පිටින් ලබාගෙන ඒවා බෙදා ගැනීමට මිනීමරා ගන්නා හැටි ද දෙවියන් දැක තිබූ නිසා දෙවියන් ඔවුන්ගේ මුහුණ බැලුවේ නැත. එනිසා දේව මෑණියන්ගේ ආදරණීය සැමියා සහ ඔහුගේ ගෝලයා දෙවියන් විසින් පොලිස් අත්අඩංගුවට පත් කරනු ලැබූහ.
දේවමන්දිරයේ ආවතේවකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් ස්ථනාධිපති ධම්මික ඩයස් මහතා පැවසුවේ එයට අමතරව මෙම පිත්තල සෙම්බුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන එකක්දැයි දැන ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේව මෑණියන්ගේ සැමියාට දෙවියන්ගෙන් දඬුවමක්
vernon Tuesday, 17 July 2018 03:41 AM
ඔය සෙම්බුව සාමාන්‍ය කඩේකින් ගත්ත එකක් කියලා ඔප්පු වුනොත් පොලීසිය මොනවා කියලද නඩු දාන්නේ? මොකද ගුරුකම කරවා ගන්න ගිය කෙනා පැමිණිල්ලක් දාලාත් නෑ. නිධානයක් ගොඩ අරගෙනත් නෑ.