IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දේව මාතාව දිෂ්ටි වී කපරාරුවට ආ බාස්ලා හතර අතේ දුවලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නිවසක කපරාරුවට ගිය පෙදරේරුවන් පිරිසක් කපරාරුව පසෙක තබා නිවසේ කතගෙන් බේරීමට සිමෙන්ති නාගෙන දිව යාමේ  පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි.


පෙදරේරුවන් කණ්ඩායම මෙම නිවස කපරාරු කිරීමට ගොස් ඇත්තේ කුලී පදනමට  නිවසේ කතකගේ ඇරයුමකට අනුවය. එම නිවස දේවාලයක් පවත්වාගෙන යන ස්ථානයකි.


එදින කෙම්මුර දිනයක් වුවත් එහි සිදුකරන අලුත් වැඩියාවන් නිසා දේවාලයේ වැඩ තාවකාලිකව නවතා තිබුණි. දේවාලයේ සාස්තර කියන්නේ ද නිවසේම සිටින විවාහක කාන්තාවකි. ඔවුනට ඇරයුම් කර ඇත්තේ ද ඇය විසිනි.


බාස්ලා වැඩ කරන නිසා ආගන්තුක සත්කාර පවා කරමින් ඇය ඔවුන්ගේ ඇසුරේ ලෙන්ගතුව සිටියාය.


යාබද නිවසක තරුණයකු තම කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කළේ ඔය අතරවාරයේ ය. ඒ ශබ්දය අවට පුරා දෝංකාර දුන්නේ ය. ඒ හඬ දේවාල භූමියට ඉතා හොඳින් ඇසෙන්නට විය.


එම හඬ අතරේ දෝංකාර දෙන්නේ සත් පත්තිනි දේව කන්නලව්වකි.


නිවස තුළ සිටි කාන්තාව ඒ ශබ්දය ඇසීමෙන්  දිෂ්ඨි වූවාය. වෙනත් දිනවල ඇයට දිෂ්ඨිය ගෙන ඒමට දුම්මළ අල්ලා යහන් කවි කියා උඩැක්කි පවා ශබ්ද කළ යුතුය.


මෙදින ඇය ආවතේව කිසිත් නොමැතිව දේව ඇඳුම් ද, ආබරණ ද  නැතිවම දිෂ්ඨියෙන් දේවාලයට ආරූඪව දිව ගියාය.


ඇය දිව යාම හේතුවෙන් සකසා තිබු බදාම හා සිමෙන්ති කොළපු විසිරී යාමෙන් අවට සිටි බාස්ලාගේ හිසේ පවා ඒවා තැවරුණි.
ඇය අමුතු බසකින් බාස්ලා ඇතුළු සේවක පිරිස අමතන්නට ඒ දෙසට ළඟා වූවාය. ඔවුන් දේව භාෂාව දන්නේ ද නැත. දේව මාතාව මෙල්ල කිරීමට දන්නේ ද නැත. එන පොට හොඳ නැති බව වටහා ගත් බාස්ලා කළ යුතු කාර්යය ද පසෙක තබා වැඩ කරන්න ඇදගෙන සිටි ඇඳුමෙන්ම පණ එපා කියා එතැනින් පලා ගියේ ඔවුන් රැගෙන ගිය බඩු මුට්ටු ද එහි තිබියදී ය.


ඔවුන් නිවෙස් කරා දිව යන අයුරු දුටු අවට වැසියෝ ඔවුන්ට කරදරයක් බව වටහා ගෙන ඒ පසුපස දුවන්නට වූහ.
සිද්ධිය වටහා ගත් තවත් පිරිසක් අවට දේව කන්නල්ව්ව ඇසෙන්නට සලසා ඇති නිවසට ගොස් එය නවතා දැමුහ.


මේ නිසා ඇයගේ ආරූඨය ද නැවතුණු නමුත් බාස්ලා ආවතේව කරුවන් ගෙනැවිත් ඔවුන්ගේ රැකවරණය මැද පසුව ස්ථානයට ගොස් ඇතත් ඒ වනවිට කපාරුරුවට සුදානම් කර තිබු බදාම හා සිමෙන්ති කොළපු යළි වැඩකට ගත නොහැකි ලෙසට ගල් වී තිබුණාලු.



අදහස් (0)

දේව මාතාව දිෂ්ටි වී කපරාරුවට ආ බාස්ලා හතර අතේ දුවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 283 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 837 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 821 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1150 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9472 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 879 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site