IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දේශපාලකයා මංගල සභාව අමතද්දී නෑයෝ නැගිට ගිහින්

මුලටියන එස්. බාලසූරිය
ගම් ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට ඇරියුම් ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයකු එම මංගල උත්සව සභාවේ කතාවක් කිරීම සඳහා සූදානම් වෙද්දී එහි සිටි බොහෝ දෙනකු එම කතාව ඇසීම වර්ජනය කිරීමේ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වෙයි. 


මංගල උත්සවයක් අවසානයේ මනාල යුවලට ශුභාශිංසන කිරීම සඳහා උත්සව සභාවක් පැවැත්වීම චාරිත්‍රයක් බැවින් ඒ අනුව මෙම දේශපාලනඥයාගේ නම කියා ආරාධනා කිරීමෙන් අනතුරුව එම සිද්ධිය ඇතිවී තිබේ.  


මෙම අකරතැබ්බයට මුහුණ දුන් ප්‍රාදේශීය දේශපාලනඥයා අයුතු දේශපාලන වරප්‍රසාද ලබා නොගන්නා අසාධාරණයට විරුද්ධව නොබියව අදහස් ප්‍රකාශ කරන කාට හෝ අකටයුත්තක් හෝ අසාධාරණයක් සිදු වූ විට ඔවුන්ගේ ප්‍රශ්නයට සෘජුව මැදිහත් වී විසඳුම් ලබාදීමට කටයුතු කරන්නෙකි.


ඔහු දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් එම සභාව නියෝජනය කළත් දේශපාලන මතිමතාන්තර අනුව කටයුතු නොකරන කෙලින් වැඩ කරන්නකු ලෙස ජනතාවගේ විශේෂ සැලකිල්ලට බඳුන් වූ පුද්ගලයෙකි.


එමෙන්ම තමන් නියෝජනය කරන කොට්ඨාසයේ හා බල ප්‍රදේශයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු කරගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන්නෙකි.


රට තුළ පවතින වාතාවරණය අනුව සෑම දේශපාලනඥයකු කෙරෙහිම ජනතාව දක්වන්නේ දැඩි අප්‍රසාදයක් බැවින් එම මිම්මෙන්ම සලකා ඔහුටත් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීම නිසා මංගල උත්සවය පැවැති නිවෙස් හිමියා ද බලවත් අපහසුතාවකට පත් වී තිබේ. 
තමාගේ ආරාධනයට අනුව පැමිණි තම හිතවතාට සිදුවූ අපහසුතාව පිළිබඳව බෙහෙවින් කම්පාවට පත් වූ හෙතෙම දැඩි කලකිරීමෙන් සිටින බව ද දැනගන්නට ලැබී ඇත.


එහෙත් කිසිම දෙයකින් නොසැලෙන මොහුගෙන් එම සිද්ධිය පිළිබඳව විමසන හිතවතුන්ට පවසා ඇත්තේ දේශපාලනඥයන් පිළිබඳව සමාජයේ පවතින ආකල්පය මෙම සිද්ධියෙන් පිළිබිඹු වන බවත් මේ නිසා කිසිම ආකාරයක කලකිරීමක් හෝ පසුතැවීමක් නොමැති බැවින් තමන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවත්ය.

 



අදහස් (0)

දේශපාලකයා මංගල සභාව අමතද්දී නෑයෝ නැගිට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 437 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 466 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 659 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 657 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1095 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 918 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 521 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site