IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දෙවියන් දුන් උපකාරෙන් අලි අමාරුවක වැටිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ උඩුගම රවී ලියනගේ


ස්ථාන මාරුවී ගිය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් කරන්නට දෙවියන් දුන් උපකාරයෙන් අලි අමාරුවක වැටුණු දුෂ්කර ප්‍රදේශයක රෝහලක් ඉදිරිපිට වෙළඳසල් හිමියකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.
මේ රෝහලේ දුරකතන ක්‍රියාකාරිනියට හදිසියේම දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ මේ රෝහලේ සේවය කොට ස්ථාන මාරු ලැබූ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් යැයි කියූ අයකුගෙනි. ‘හානේ මේ අපේ සර්නේ. සර්ගේ කටහඬ අහන්නත් ආසයි. සර් මොකද මේ හදිස්සියේම ගත්තේ’ යයි ඇය ඇසුවාය.
‘මිස් මට පොඩි කරදරයක් වුණා. මගේ කාර් එක කැඩුණා. මම ටවුමේ ඉන්නේ. කාර් එක හදාගන්න බඩු වගයක් ගන්න තියෙනවා. ඒකට රුපියල් දසදහසක් අවශ්‍යයි. මට අද හවසම දෙන්න පුළුවන්’ යයි විශේෂඥ වෛද්‍යවරයා යයි කියූ තැනැත්තා දුරකතන ක්‍රියාකාරිනියට කීවේය.


‘අනේ සොරි සර් මේ වෙලාවේ මගේ ළඟ මුදල් නැහැ. මොකද කරන්නේ’ යැයි ඇය දුක්වූවාය. ‘ආ ඒකට කමක් නැහැ. ඔය දුරකතන සම්බන්ධතාව රෝහලේ ආරක්ෂක අංශයට දාන්න කෝ’ යැයි ඔහු කීවේය. ඒ අනුව ඇය රෝහල් ආරක්ෂක අංශයට දුරකතනය සම්බන්ධ කළාය.
පෙර පරිදිම ඔහු රෝහලේ ආරක්ෂක අංශයේ දුරකතනය ගත්ත පුද්ගලයාට ‘මම අසවල් විශේෂඥ වෛද්‍යවරයා’ කියමින් අර උදව්වම ඉල්ලු‍වේය. ‘හනේ සර් අපි ළඟ කොහේද ඔච්චර සල්ලි. ආ එහේමද මම දන්නවා ඔයා ළඟ සල්ලි නැති බව කාගෙන් වුණත් කමක් නැහැ ඉල්ලලා දෙන්නකෝ මම අද හවසම ඇඟ රත්වෙන එකකුත් එක්කම ගෙනත් දෙන්නම්කෝ’ කියමින් ‘මම ගෝලයෙකු ඔතනට දැන් යතුරු පැදියකින් එවනවා’ යයිද ඔහු ආරක්ෂක අංශයේ නිලධාරියාට කීවේය.
‘අපේ සර්ට මේ වෙලාවේ උදව්වක් නොකළොත් ඒක හරි නැහැ. ඒ නිසා රෝහල ඉදිරිපිට වෙළඳසලේ මුදලාලිටවත් කියලා බලන්න ඕන’ කියමින් මේ නිලධාරියා වෙළඳසලට ගියේය. ‘මුදලාලි හරි වැඩේනේ අපේ ඉස්පිරිතාලේ අර හිටපු විශේෂඥ දොස්තර මහත්තයාගේ කාර් එක මගදී කැඩිලා. ඒක හදන්න මේ වෙලාවේ දොස්තර මහත්තයා ළඟ සල්ලි නැහැ කියලා මට කෝල් එකක් දුන්න’. ‘හා අර දොස්තරද හරිම හොඳ මනුස්සයා. එයා ඉන්න කොට අපිට හොඳට සැලකුවා. දොස්තර මහත්තයා යන කොට මොකුත් කරන්නත් බැරිවුණා නේ. මේක මට ඒ මහත්තයාට දෙවියන් දුන්නු අවස්ථාවක් වෙන්න ඇති’ කියමින් මුදලාලි ලාච්චුව ඇද මොනර කොළ දහයක්ම දුන්නේය.
ඒ වනවිටත් විශේෂඥ වෛද්‍යවරයා එවූ ගෝලයා රෝහල් ආරක්ෂක අංශය වෙත පැමිණ සිටියේය. අනන්‍යතාව තහවුරු කර ගත් ආරක්ෂක නිලධාරියා එවූ ගෝලයා අත තැබීය. රුපියල් දස දහස අත තබා කීවේ තමා දුන් බව දොස්තර මහතාට කියන්න කියමින් ලු‍.
මේ වනතෙක් එම වෙළඳසල් හිමියාට දොස්තරට දුන් රුපියල් දසදහස තවම ලැබී නැති ලු‍.

 



අදහස් (0)

දෙවියන් දුන් උපකාරෙන් අලි අමාරුවක වැටිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site