මොරගොල්ලාගම - සිසිර කැලේගම
කුඩා කාලයේදී අසනීප වූ පුත්‍රයාට ප්‍රතිකාර ගැනීමට රැගෙන ගිය රුපියල් 25,000ක මුදලක් වසර විසි පහකට පසුව එම පුත්‍රයා විවාහකර ගැනීමෙන් අනතුරුව හිමිවූ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද කලාපයෙන් අසන්නට ලැබුණි.
වාර්තාවන ආකාරයට මෙසේය.
මීට වසර විසි පහකට පමණ පෙරදී ඇතුගල් පෙදෙසක උපන් පිරිමි දරුවා අසනීප තත්ත්වයකින් පසු වූ නිසා කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ගැනීමට ඔහු රැගෙන පවුලේ අය ගියේය.
එහෙත් නිට්ටාවට සුවයක් නැති නිසා වෛද්‍ය උපදෙස් මත කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු වෙත ඔවුහු දරුවා රැගෙන යාමට තීරණය කළහ.
ඒ අනුව මව හා පියා එක්ව අසනීපයෙන් පසුවන දරුවා රැගෙන බස් රථයක නැගී කුරුණෑගලට ගොස් එතැනින් බැස කොළඹ බසයකට මාරු වීමට යාමේදී පියාගේ කලිසම් සාක්කුවේ දමා තිබූ මුදල් පසුම්බිය අතුරුදන් විය.
එහිදී අසරණ වූ යුවල ප්‍රතිකාර ගැනීම පසෙක තබා දරුවා කැටුව ආපසු නිවෙසට පැමිණියේ දැඩි කනස්සල්ලෙනි.
මුදල් පසුම්බියේ රුපියල් විසි පන්දහසක මුදලක් තිබූ අතර එය පියාගේ නාමය ලියු ලියුම් කවරයක දමා වෙනම මුදල් පසුම්බිය අතරට දමා ඇත.
නැති වූ මුදල ගැන ආශාව අතහැර වෙනත් ආකාරයකට මුදල් වැයකර දරුවාට අවැසි ප්‍රතිකාරය ලබා දීමට මව්පියන් කටයුතු කළේ වෙන කළ යුතු දෙයක් නොතිබූ හෙයිනි.
කාලය ගෙවී ගියේය. ළමා වියේ අසනීපයෙන් පසු වූ පුත්‍රයා උසස් අධ්‍යාපනය නිමවා රජයේ රැකියාවකට පිවිසියේ පසුගියදාකය.
මනාලයා ඇතුගල් පුරවරයේය. මනාලිය මහවැලි ජනපදයේය. මනාලයා මනාලියගේ නිවසේ බින්න බැස මහවැලි අඩවියේම නතර විය.
මංගල කටයුතුවලින් අනතුරුව මනාලයා එම නිවෙසේ රැඳි පොත් පත් පරීක්ෂා කළේ නිකමට මෙනි. එහෙත් එක්වර දුටු දෙයින් ඔහු අන්දමන්ද විය. තම පියාගේ නම සඳහන් පැරණි ලිපි කවරයක් දෙස ඔහුගේ නෙත ගැටුණි.
නිවෙසේ පොත් ගොඩ අස්සේ ඔහු එය සුරක්ෂිතව තබාගෙන තම පියා එහි පැමිණි පසුව පියාට පෙන්වා ඇත්තේ කුතුහලයෙනි.
එය අතට ගත් පුත්‍රයාගේ පියා දියණියගේ පියාගෙන් එය ලැබුණු ආකාරය ගැන විමසීය.
මුදල් පසුම්බියක් සහිත එම ලිපි කවරය කුරුණෑගල බස් රථයක වැටී තිබී හමු වූ බවත් එහි තිබී රුපියල් විසි පන්දහස මුදලක් හමු වූ බවත් ඔහු සඳහන් කළේය. මෙම මුදල සහිත පසුම්බිය සන්තකයේ තබාගෙන සෑහෙන කලක් තිස්සේ එහි අයිතිකරු සෙවූ බවත් ඔහු සඳහන් කළේය. අවසානයේ අයිතිකරු ගැන කිසිම හෝඩුවාවක් නොවූයෙන් එහි මුදල අසල්වැසි නිවෙසක කුඩා දැරියකගේ අසනීප තත්ත්වයක් සුවකර ගැනීමට දුන් ආකාරයද හෙතෙම හෙළි කළේය.
තම දරුවා සුවපත් කරන්නට ගෙන ගිය මුදල නැති වූ බවටත්, එම දරුවා මෙම බෑනා බවත් පියා එහිදී හඳුන්වා දීමෙන් අනතුරුව නැති වූ මුදලට වඩා වැඩි මුදලක් තම මාමණ්ඩිය බෑනාගේ අතේ තැබූ බවටත් තොරතුරු අනාවරණය වේ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැතිවුණ සල්ලි මල්ල අවුරුදු 25 කට පස්සේ මතුවෙලා