IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි.
ග්‍රාමීය පෙදෙසක ජීවිකාව ගත කළ මැදිවිය ඉක්මවා සිටි ඔහු කිසිවකු කියන දෙයක් පිළි නොගන්නා අකීකරු පුද්ගලයෙකි. ඔහුගේ දියණිය මෑතකදී විවාහ වී කොළඹට ආසන්න ප්‍රදේශයක ජීවත් විය. දෙදෙනාම රැකියාවල නිරත වූ අතර නවීනපන්නයේ නිවසක් ද මොවුන් සතු විය.
පසුගිය දිනක ඔහු තම දියණිය සහ බෑනා බැලීමට පැමිණියේ ගිරුවාපත්තුවේ තම ගෙවත්තේ වැවෙන එළවළු පලතුරු ආදී නොයෙක් දෑ ද රැගෙනය. විඩාපත්ව පැමිණි පියා දිය නෑමට අවශ්‍ය බව  පැවසූ විට දියණිය පැවසුයේ තාත්තේ ගමේ වගේ වැව් පොකුණු මෙහේ නැහැ. මේ නාන කාමරයෙන් නාගන්න යැයි පවසා  නවීන පන්නයේ නාන කාමරයක් පෙන්වූවාය. තාත්තාගේ හැටි දන්නා මේ දියණිය නැවත පැමිණි මේ කරාමයෙන් පමණක් නාගන්න අනෙක් ඒවා කරකවන්න යන්න එපා යැයි පවසා පිටව ගියාය.


විශාල නාන කාමරයට පිවිසි ඔහු එහි සවිකර තිබූ විවිධ උපාංග දෙස බලමින් සෑම කරාමයක්ම ඇර බලන්නට වූයේ දියණියගේ බසටද අවනත නොවෙමිනි. එක් කරාමයක් විවෘත කළ විගස එයින් පැමිණි උනුවතුර ඇඟට වැටී ඔහු පිළිස්සෙන්නට විය. දැඩි වේදනාවෙන් දොර විවෘත කරමින් විලාප තබමින් එළියට පැනගත් ඔහු දුවේ මගේ ඇඟ පිච්චුනා යයි විලාප තබන්නට විය. සිදුවූ දෙය තේරුම් ගත් ඇය කඩිනමින් ඔහු රෝහල් ගත කළ අතර ඒ වන විටත් ශරීරයේ විශාල ප්‍රමාණයක් පිළිසීමට ලක්ව තිබුණි.
දින කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු පසුතැවීමට ලක්වූයේ අනවශ්‍ය දේට ඇඟිලි ගැසීමත්, තම දියණියගේ ඔවදන් පිළි නොගැනීමත් නිසා මෙවැනි විපතක් සිදුවූ බව සිහියට නැගීමෙනි.

 කඹුරුපිටිය - විශේෂ කේ. අජිත්



අදහස් (0)

නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 396 0

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 705 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 202 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 90 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


පුරාජේරු ඇදබාන්න ගිහින් අලි අමාරුවක
2025 අප්‍රේල් මස 05 74 0

නෝනා තමන්ට ආදරය කරනුයේ අවංකව බව මිතුරන්ට පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


ෆෝන් එකට ඩබල් හයර් ගෙවන්න වෙලා
2025 අප්‍රේල් මස 05 70 0

බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතක වීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 730 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 594 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1041 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site